..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, August 18, 2019

ගෙජ්ජි මල්ල්


හොල්මන් වලට මිනිස්සු බයයි.ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත් තියනව.ඒක මට සෑහෙන ප්‍රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ. ඒ කාලෙ අපේ ගෙදර ට ලයිට් තිබ්බෙ නෑ. ගෙදරටම තිබ්බෙ ලාම්පු දෙකක් විතරයි.ඊට අමතරව පෙට්‍රෝල් මැක්ස් එක තිබ්බත් ඒ එළියෙන් මුලු ගෙදරම එලිය උනේ තාත්තා ගෙදර ඉන්න දවසට විතරයි. ඉතින් ගෙදර ගොඩක් වෙලාවට පත්තු උනේ ලොකු කලගෙඩි චිමිනිය තිබ්බ පිත්තල ලාම්පුවයි. පුන්චි චිමිනිය තිබ්බ සාමාන්‍ය ලාම්පුවයි විතරයි.
අපේ ගෙදර කුස්සිය තිබ්බෙ මහ ගෙදරටම සම්බන්ධ වෙලා නෙමෙයි.මහ ගෙදර පිටිපස්සෙන් තිබ්බ පුන්චි කුස්සිය එලිය කරන්න පුන්චි ලාම්පු එලිය ඇති උනේ අම්මට විතරයි.ලිපේ තියන හැලි වලන් වල ඉදෙන මාලු පිනි වලට විතරක් සෑහෙන ඒ එලියට, අපි කුස්සියට රිංගුවාම අපේ බත් පිගන් වලට එළිය දෙන්න ඒ පුංචි ලාම්පුවට බැරි උනා.ඉතින් අපි තුන්දෙනා රැට කෑම කන්න යන කොට අම්ම කරන්නෙ සාලෙ තියන ලොකු පිත්තල ලාම්පුවත් කුස්සියට ඇන්න යනේක.ඒ වගේම ඒ වෙලාවට ගෙදර කවුරුත් දැනුවත් කරන්නත් අම්ම අමතක කරන්නෙ නෑ. විශේශයෙන්ම මාව දැනුවත් කරන්න අම්ම අමතක නොකරන්නෙ , මට ඒ වෙලාවටත් කරන්න දහසක් වැඩ තියන නිසා."චූටි පුතා ....කෑම කන්න එන්නනන.." කියන ගමන් ම පිත්තල ලාම්පුව අතට ගන්න අම්මගෙ පස්සෙන් වැටුනෙ නැත්තම් වෙන්නෙ හරිම විජ්ජුම්බරයක් තමයි. මුලු සාලෙම පතුරන් හිටපු කහ එළිය ටික ටික අම්මගෙ පස්සෙන්ම වැටිලා නොපෙනී ගියාම මුලු ගේම තිත්ත කලුවරයි.දැහනට සමවැදිල වගේ ඇණ මුරිච්චි ගලවන වැඩක් , කම්බි වලින් එක එක අරුමෝසම් හදන වැඩක් , එහෙමත් නැතිනම් හදපු ලී කරත්තෙට දාන රෝද වඩා හොඳ රබර වලින්ද ලී වලින්ද කියල ගැඹුරින් විශ්ලේෂණය කර කර ඉන්න වෙලාවක් වුනාම අම්ම කතා කරන වෙලාවටම එන්න බෑනෙ. හිතන දේ හෝ කරන දේ එක තීරණාත්මක තැනක තිබ්බොත් බත් කන්න කතා කරපු එක මතක් වෙන්න සෑහෙන වෙලාවක් යනවා.ඒකත් අම්ම කුස්සියේ ඉදන් චූටි පුතා.....  වලන් අස්කරන්නයි හදන්නෙ.උඹ කන්නෙ නැතෙයි අද... කියන අම්මගෙ තීරණාත්මක ඇමතී නිසා මිසක මන් කරන වැඩ ,හිතන සිතුවිලි නතර කර ගන්න මටවත් බෑ....අම්මගෙ පස්සෙන්ම කුස්සිය දිගේ ලාම්පුවේ අවසාන ආලෝක කිරනත් ගිහින් සැලකිය යුතු වෙලාවක් ගත වෙලා නිසා   ඔය වෙලාවට තමයි ගෙයි අදුරු අහුමුලුවල හැංගිලා හිටපු හොල්මන් චන්ඩි වගේ  සාලෙට එන්නෙ. ඒකත් මගෙ වටේටම ඇවිත් හිට ගන්නව මට දැනෙනව. මගේ වටේ ඉදන් නියවනව මට පේනවා වගේ.උන් හතර වටෙන් ළඟට ඇවිත් ඇගේ ගෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි මන් කරන්නෙ සරම ඔලුවටම උස්සගෙන සරමෙන් ඔලුව වහන් යන්තම් ඔලුව පොඩ්ඩක් එලියට දාන් සරමෙන් කලින් වැහිල තිබ්බ ගෙජ්ජිමල්ල  එලියෙ දාන් හයියෙන්ම හූ තියගෙන වේගෙන්ම කුස්සිය පැත්තට දුවන එක. එතකොට එක හොල්මනකටවත් බෑ මට අත තියන්න.ඒ මොකද කියනව නම් ඔය කොයි හොල්මනත් හෙලුවැල්ල ට බයයි.....

3 ප්‍රතිචාර:

ඉයන් said...

lol +++

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchi said...

එහෙමත් එකක්ද?

Ravi said...

මොකද බං මේ වචන ඔක්කොම එක ගොඩේ...ඡේද වෙන් කරලත් නෑ..අකුරුත් පොඩියි..

මේ..ඉඳහිටලවත් බ්ලොග් එකේ දාන එක පිළිවෙලක් ඇතුව දාපං..මුල අමතක කරන්න එපා හොඳද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...