..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 15, 2018

අපූරු පැමිණීල්ල


අපූරු පැමිණිල්ල




හදිසියේම පැමිණිල්ලක් විභාග කරන්න තියනව කියල මට පොලිසියට එන්න කියල තිබ්බ. කුරා කූඹියෙකුටවත් වරදක් කරල නැති මන් මොකක් ද මේ විජ්ජුම්බරේ කියල හිත හිත කුඩෙත් කිහිල්ලෙ ගහන් වැස්සෙ තෙමි තෙමිම පොලිසියට ගියා. 

ඒ යද්දි දැකල පුරුදු මූණක් ඉන්නෝ පොලිසියේ. ඌ තමා ලු පැමිණිල්ල. අප්පද බොලේ මූ ගිය උඩක් කියල හිත හිත දැන් ඌයි මායි පැමිණිල්ල විභාග කරන රාලාමිට මූණ දාල එක ලග පුටු දෙහෙක වාඩි වෙලා ඉන්නො. ඉස්සරෝම කතා කරන වාරෙ දුන්නෙ ඌට.

" මේකනෙ රාලාමි.... " කියපු ඌ මේසෙ උඩ තිබ්බ හොදටම ඉදුනු කෙසෙල් ඇවරියෙන් කෙසෙල් කෑල්ලක් කෑව.ආයෙම කතාව පටන් ගත්තා.

" දැන් මේකනෙ රාලාමි මන් ඉපදුනෙත් ඔය ගෙදර... හැදුනෙ වැඩුනෙ ඔය ගෙදර... කොටින්ම රෑ දෙගොඩ යාමෙ ඇවිත් සීතලට මේ නෝනගෙ ඇදේම කෑල්ලක තුරුලු වෙලා නිදියලත් තියනව "
" මොනවා මන් වත් නොදැන ...." 

" ඔහෙ මොකෝ නොදන්නෙ... දවසක් ඔහෙ උදේ පාන්දර කෑගහගෙන අවදි උනා මතක නැතෙයි... ඔහෙට මතක නැත්තම් ෆේස් බුකියෙ පරන පෝස්ට වලට ගිහින් බලන්න " 

" යකෝ මූ...." කියල මන් හිතුවා විතරයි. මූණ හට්ටියක් කර ගත්ත රාලහාමි මයෙ දිහාබලාඉන්න විදිහ දැක්කාම ඌව චප්ප කරල දාන්න උස්සපු මගෙ අත ආපහු අකුල ගත්ත...

" හරි ඉතින් දැන් මක්කෙයි ඔහෙට මගෙන් වෙලා තියෙන්නෙ ?" 

" ඔය ගෙදර මටත් අයිතියක් තියනව. මගෙ තාත්තා ගේ හැදුවෙ ඔහෙලයි ගේ ඇතුල්‍ර් නම් මටත් මගේ ගේ හදා ගන්න ඉඩ දෙනේකඔහෙලැයි යුතුකම . එහෙම නේද රාලාමි ?'"

හට්ටි මූණ පෙට්ටියක් කර ගත්ත රාලාමිත් මුගෙ පැත්ත අරන් උඩට පහලට ඔලුව වැනුව.

" මට ඔහෙට විරුද්දව කාරනා දෙකක් ගොනු කරන්න තියනව "

රාලාමිගෙ ඔලුව වැනිල්ලෙන් තවත් උඩ ගිය මේකා පුටුවෙන් පැනල මේසෙ උඩට ගිහින් මට මූණ පාලා කකුල් දෙකෙන් හිට ගත්තා අත් දෙක එකට එකක් තද කරල පපුව උඩින් බැද ගත්‍තා.එක කකුලකට බර දීල අනිත් කකුලෙන් දෙතුන් සැරයක් මේසෙට තට්ටුවකුත් දැම්ම.. . 

දැන් රාලාමියි මූයි දෙන්නම පෙට්ටි මූණ දාන් මයෙ දිහා බලා ඉන්නෙ ලෝකෙඉන්න ලොකුම වැරදි කාරය දිහා බලන බැල්මෙන්.

" එක තමයි , මට මගෙ ගේ හදා ගන්න ඉඩ දේනේක .ඔහෙ අද උදේ මාව බය කරේ ගේ හදන්න හොයා ගත්ත කෙදි පොදිය අරන් එන කොට. දෙක තමයි... ඔහෙ මටත් නොකිය ගෙදරට කැන්දන් ආපු අර කලු තඩි දඩෝරියව ගෙදර හතරමායිමෙන් පන්වන්න ඕනි"

" ඒ අහින්සකයගෙන් උබට කරදරයක් නෑනෙ. ""

" මන් වැඩ දන්න නිසා බේරිල හිටිය තමයි.හැබැයි...මගෙ පොඩි උන් එකෙක් ට හරි ඔය දඩෝරියගෙ දත් පාරක් හරි වැදුනොත් මන් ඔය ගෙදරින් දඩෝරිය විතරක් නෙමෙයි ඔහෙවත් පන්නනවා " 

යකෝ මූ..... මට කැරකිල්ලක් වගේ දැනුනා විතරයි මතක...


පැමිණිලි පාර්ශවය වූ 
මම

සොඳුරු සිත

7 ප්‍රතිචාර:

Sarath Perera said...

Harima lassanayi!

තඩියා said...

හි හි හි හි හි හි හි හි හි හි

අටම්පහුර said...

ඇත්ත තමා කතාව

සඳවතිය said...

හරිම ලස්සනයි ...

Nuwan Jayasuriya said...

අප්පට සිරි කිව්වලු, ලේනෙක් ගිය උඩ !

ඇත්ත තමයි ඌ කියලා තියෙන්නේ.

සිහින පුරේ said...

පරම්පරාවෙන්ම බුක්තියට සවි වලො වගේ...!
සිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න.

කටකාරි said...

ලස්සනයි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...