..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, June 13, 2019

පන්තියේ දි ඉස්සූ අත

ප්‍රශ්නයක් නැඟූ විට පිළිතුරක් ඉස්සුනා..
පොඩි අතක් ඉස්සුනා.... 
ඉදී රතු පාට වුන ගහක කොළයක් මෙනා 
පොඩි අතක් පණ පෙවී සෙලවෙනා...
කන්ද උඩ දිය බුබුළ විලසිනා
ඇඟිලි තුඩු බුද්ධියෙන් බැබලෙනා
පොඩි අතක් පණ පෙවී සෙලවෙනා - සෙලවෙනා 
නිරන්තර මා සිතේ රඟ දෙනා
පෙරමුණ යන අතකට තව අතක් ය
හෙට දවසෙ හිරුට පුදන මල් දමක් ය
අලුත් ලොවට උඩු සුළඟේ කොඩි වැලක් ය
අතු අග පලවැල සොයන්ඩ ඉනිමඟක් ය
නිවී අඳුරු දිග ගමනේ ගිනි සිලක් ය
පන්තියේ දි ඉස්සූ අත
පොඩි ළමයෝ
මම සිඹිමී.....

මේ කවිය පරාක්‍රම කොඩිතුවක්කු මහතාගෙ.මේ කවිය කියවපු පළවෙනි දවසෙම මට මන් උගන්වන පොඩිම පන්තිය උන හයේ පන්තිය මතක් උනා.
හයේ පන්තියෙ ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර දෙන්න එයාලගෙ තියෙන්නෙ පුදුම උනන්දුවක්. කොටින්ම අත උස්සල ඇඟිලි පහම නොයිවසිලිමත් ලෙස ලෙලදෙමින් නොනවත්වන ඔවුන් වාඩි වෙලා ඉන්න පුටුවෙන් බාගෙට හරි ,ඒත් මදිනම් සම්පූර්ණයෙන්ම හරි නැගිටල " ටීචා...මන් , ටීචා ...මන්...." කියල කෑගහන්නෙ ඉහළට එසවුනු අත් අතරින් තවත් කැපී පෙනෙන්න . ඒත්..... කාගෙ හෝ වරදක් නිසා පන්තියෙන් පන්තිය ඉහළට යද්දි මේ එසවෙන අත් ගණන ක්‍රමයෙන් අඩු වෙලා නොපෙනිලාම යන්නෙ පන්තියේ තියන ජීවය , පිරුණ ගතිය ඔක්කොම නැති කරන ගමන්....

පන්තියෙ අත් ඔක්කොම උඩට එසවෙනව ට කැමති
මම
- වත්සලා -

5 ප්‍රතිචාර:

amal p.samaraweera said...

චූටි පංතිවලදි තියෙන ඒ අව්‍යාජ බව, කෙමෙන් ලොකුවෙද්දි නැතිවෙන්න හේතු ගොඩක් බලපානවා.. සමහරුන්ට ඔයවයසෙන් පස්සෙ තමයි වැඩිහිටි කුහකත්වය, මංපොර මානසිකත්වය, ලව්සිකත්වය වගේ රෝග ආරම්භ වෙන්නෙ

Pra Jay said...

++++

Mahesh Rathnayake said...

පොඩි පංති වල උංගෙ හිතේ කසට නෑ. අම්මලයි හිත්වල විතරයි
ලොකු වෙද්දි අම්මලගෙ හිත්වල කසට පොඩ් ඈයොන්ට කාන්දු වෙන්ඩ ගන්නව ඊට පස්සෙ අර දූපත් මානසිකත්ව ගති ලක්ෂණ පෙන්නන්ඩ ගන්නව. ඒකයි

Thelydiya said...

පොඩි පංති වල අත් ලොකුවෙද්දි හැංගිලා
ලොකු පංති වලදී උන් තරඟ වල හිරවෙලා
දිනුවත් පැරදුනත් පාසලෙන් පිටවෙලා
ලෙලදෙනව දෑතම පක්ෂවල රැස්වෙලා...

නෙක පංති තිබුනත් පාසලේ එක්වෙලා
පාසලෙන් පිටවෙද්දි අප සැවොම වෙන්වෙලා
නෙක වර්ණ පක්ෂ වල ජාතියම හිරවෙලා
පීඩිත පංතියේ දෑත් තව උස්සලා...

Dayal Bathee said...

ලස්සන කවියක්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...