..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, June 18, 2018

බල ඝූර්ණය සහ කෙල්ලන් ගේ ඇණ ගැලවීම

බල ඝූර්ණය සහ කෙල්ලන් ගේ ඇණ ගැලවීම
--------------------------------------------------------------


ඩෝසරයේ වැඩ ට ගොස් දැන් පාසල් පැමිණෙන සංජීව ඔබට මතක ඇතැයි සිතමි. එදා ඔහුගේ විද්‍යාව පොත ලකුණු කර “ හොඳ පුතා “ යැයි පැවසීමෙන් පසුව දැන් ඔහු විද්‍යා පාඩම වෙලාවේ දී ඉතා උනන්දුවෙන් ඇහුම් කන් දෙන අතර පාඩමේන් අසන ප්‍රශ්න වලට ද පිළිතුරු දීමට නොපැකිලව ඉදිරිපත් වේ.......

ඔහුට විද්‍යාව උගන්වන මා ජීව විද්‍යා ගුරුවරියක වන අතර චිත්‍ර ඇඳීමේ යම් සමත්කමක් මා තුළ ඇත්තේ ජීව විද්‍යා නිදර්ශක බලා ඇදීමට ප්‍රායෝගික පන්ති වල දී ලත් පරිචය නිසා වන්නට ඇත. නමුත් .....අද මා පත් වූයේ යම් තරමක අසීරුතාවයකට ය.

පාඩම බල ඝූර්ණයයි.......... “ ස්පැනරය “. මොකක් ද යකෝ ඒ. ජීව විද්‍යා ගුරුවරියගේ භෞතික විද්‍යා වෙ හි ප්‍රායෝගික භාවිතය පිළිබඳ ගැටළු තැනක් මතු වුයේ එලෙසයි. 

ස්පැනරය මතකයේ ඇතත්.එය හරියට ඇද ගැනීමට නොහැකි බැව් මට පසක් වුයේ මා සිත තුල වූ ස්පැනරය බොඳ වූ මතකයක් නිසා ය.

නමුත් ගුරුවරියන් සතු ව නිසඟයෙන්ම පවතින “ ස්ථානෝචිත ප්‍රඥාව “ මට ද පහළ විය. 

මේ මොකක් ද ළමයි.?

මා විසින් සුදු පුවරුව මත අදින ලද “ යතුර “ (මෝටර් කාර්මිකයින් භාවිතා කරන යතුරක් ) පෙන්වා මම ඇසූවෙමි....

යතුරක් නේ ටීචා...........(කොල්ලෝ එකා වන්ව පෑවසූහ )

එතකොට මොකක් ද ළමයි ස්පැනරය කියන්නේ ?

අර මේකනේ ටීච. ඔය වගේ තමා හැබැයි කරකවන්න කෑල්ලක් තියේ , අර බන් මෙහෙම ......කොල්ලන්ගේ පැත්තේ මහ කාලගොට්ටියක් ලෙසින් එකා පරයා එකා කෑගසු ඇසේ.... සංජීවගේ හඩ එයින් උස්ව නැගේ...........

“ හරි හරි මට ස්පැනරය ඇදල දෙන්න සංජීව බෝඩ්ඩෙකේ “
වෙනදාට පැකිලෙන , “ බෑ ටීචා යැයි බිම බලා ගන්නා සංජීව , හොඳම ටෙලි නාට්‍යයට හිමි රයිගම් ටෙලි සම්මානය ගන්නට යන අධ්‍යක්ෂකවරයා ලෙසින් කොල්ලන් අතරින් නැගී සිට බෝඩ් එකට ආවේ ය. මගේ අතින් මාකර් පෙන් එක ගත් ඔහු යස අගේට ස්පැනරය බෝඩ් එකේ ඇන්දේ මගේ මතකයේ තිබූ බොඳ වූ ස්පැනරයට ද පාට ගල්වමිනි............

ඔහු විසින් අදිනා ලද ස්පැනරයේ කටට මුරිච්චි ඇණයකුත් , ඇණයට ලඟින් X හා ඊට තරමක් දුරින් Y ලකුණු කළ මා , එක්ස් අකුර ගැහැණු ළමුන් විසින් ඇණය ගැලවීමට භාවිතා කරන ස්ථෘනය බවත් වයි ලකුණු ඇති තැනින් පිරිමි ළමයින් ඇණය ගැලවීමට බලය යොදන බවත් පැවසූ විට කොල්ලන්ට සිනහා ගිය ද , කෙල්ලන් පසු වූයේ විසඳා ගත නොහැකි ගැටළුවකට මැදි වූ පරිද්දෙනි............... 

ඉවසිය නොහැකි තැන දී කෙල්ලක විසින් “ ඇයි ටීචා X ලකුණ කෙල්ලන්ට “ පිළීතුර ලැබුනේ කොල්ලෙක් ගෙනි.

“ උඹලට පුලුවන් ද යකෝ හරියට ඇණයක් වත් ගලෝ ගන්න “

P/S- භ්‍රමණ ලක්ෂයේ සිට ඇති දුර වැඩි වත්ම යෙදිය යුතු බලය අඩු වන බවත් , අවශ්‍ය ඇණය ගලවා ගැනීම පහසු වන බවත් කියා දුන්නේ එලෙසිනි.

සංජීව දැන් විද්‍යාව ට උනන්දු වීම මා ලද ජයග්‍රහණය කි.

17 ප්‍රතිචාර:

ලක්ෂ්මන් තිලකරත්න said...

සංජීවට කලින් කියලා තිබ්බ නං ඉස්පැනලයක් අරගෙනම එයි. එහෙම වුනා නං තව ලස්සනට පාඩම කරන්න තිබ්බා.

෴සොඳුරු සිත෴ said...

@ලක්ෂ්මන් තිලකරත්න
ඇත්තටම ඔවු...ඒක නම් මගේ අතපසු වීම. ගුරුවරිය විදිහට මන් දැන ගන්න ඕනි කලින් දවසෙ ඒව ගේන්න කියල දරුවන්ට කියන්න...

Ravi said...

උඹනම් නොම්මර එකේ ගුරුවරියක් බං..ගුරුකම කියන එක ඇඟේම තියනව...

මේ බ්ලොග් සටහන් හරිම වටිනව. ඒත් දුක උඹ දැන් බ්ලොග් එකට සලකන්නෙ එපා වාහෙට හොදි බෙදන්නා වාගෙ..එහෙම කරන්න එපා...

සී.ජේ. විදානේ. said...

ජයවේවා!!!

Sula (සුලා) said...

ඒක මරු ටීචො

Praසන්ன said...

හැක්.. කොහොම හරි ගෝලයො ලව්වම වැඩේ කරගත්ත නේද.

kumara said...

ඔය රූප සටහනේ තියන එකට තමයි ස්පැනර් කියන්නේ ඉංග්‍රීසියෙන්.ඕක Open end spanner. අනිත් එක Ring spanner.එක පැත්තක් open සහ අනිත් පැත්ත ring තිබෙන එක Combination spanner. ඔය සංජීවට කියලා අන්ද ගත්ත එක Adjustable Spanner/ Shifter.

kumara said...

ඒවාට යතුර කියලා කියන්නේ ඇයි කියලා දන්නේ නෑ!

ලක්මාල් කන්දෙවිදානෙ said...

මෙහෙම කපටි අම්මන්ඩියෙක්

අඟහරුවා said...

ඔක්කොමත් හරි
උඹලට පුලුවන්ද යකෝ හරියට ඇණයක් වත් ගලවගන්න.. මේක තමා නියමම කෑල්ල.

කට්ටකාඩුවේ ලොකු මල්ලි said...

කෙල්ලෝ ඇණ ගැලවීමට නොව ඇණ දීමට හපන්නුය.

කල්‍යාණ මිත්‍ර said...

:)))

ඩ්‍රැකී said...

මට මතක් උනේ අපේ ගෘහ විද්‍යා ටීච මාව මෝරා කරල ඔයවගේම බැන්ඩේජ් දාන ක්‍රම බෝඩ් එකේ අන්දවගත්ත හැටි...

Pra Jay said...

++++++++

ගෝල්ඩ් ෆිෂ් said...

අක්ක පන්තිය ඇතුලේ ගැහැනු පිරිමි භේදයක් ඇති කරනවා වගේ.����
ඉස්පැන්ටරය කියලා කියන එවුන් හිටියා ඒ දවස්වල.

කොච්චි මිරිස් said...

ඒ දක්ෂ ගුරුවරීට කොච්චියාගේ ප්‍රණාමය

Sisira Fernando said...

Interesting teaching technics.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...