..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, April 30, 2018

ඉංජිනේරු මහත්තයාගේ බිත්තරය

ඉංජිනේරු මහත්තයාගේ බිත්තරය
---------------------------------------------------


මන් දන්න කියන බොහොම දක්ෂ ඉංජිනේරු මහත්තැන් කෙනෙක් ඉන්නවා. හැබැයි එයා හිතන් ඉන්නේ කිකිළියෙක්ට බිත්තරයක් දාන්න නම් කුකුළෙක් ඉන්නම ඕනි කියලයි.එයා කියන කතාව ඇත්ත නම් කුකුළෙක් නැති කුකුළ් කොටුවක ඉන්න එක කිකිළියෙකුට වත් එක බිත්තරයක් වත් දාන්න බෑ. 

“ එතකොට ගන් කිකිළියො ? “

“ ආහ් ..ගන් කිකිළියො ද උන්ට නම් ඉතින් ගමේ ඇවිදිල කියල කුකුළෙක් මාට්ටු කර ගන්න බැරි කමක් නෑනේ. අනික ඉතින් ගන් වල අහුලන් කාලා ඉන්න කිකිළියො අතරෙ කුකුළ්ලොත් ඇති පදම් ඉන්නවනේ....“

“ එහෙනම් ඒක වෙන්නෑ ගම් බිත්තර ඔය හැටි ගනන් “

කුකුලෙක් නැතිව කිකිළිට බිත්තර දාන්න පුලුවන් කියල කියල දෙන්න සමස්ත මානව ප්‍රජනන පද්ධතියත් කියල දෙන්න වුනා. 

ඔය ඇහැට නොපෙනන තරමේ ඒ කියන්නේ පියවි ඇහැට (පියවිච්චි ඇහැට නෙමෙයි හරිය ) දකින්න බැරි තරම් කුඩා සෛල අතරේ , හොඳට ඇහැට කණට පේන අතට අල්ලන්නත් ඇහැකි සෛලත් තියනවා. ආන්නේම එකක් තමා ඔය “ කිකිළිගෙ ඩිම්බ සෛල “

ඔවු...........මිනිස්සුන්ගෙ ගැහැණු සතාටත් ඩිම්බ සෛල තියනවා...මිනිසාගේ ගැහැණු සතා මාසෙකට සැරයක් පිට කරන ඩිම්බ සෛලය ශුක්‍රාණූවක් එනකම් බලා ඉදලා ඒ නැති වුනාම සංසේචනය නොවෙන නිසා සංසේචනය වුනා නම් පිලිගන්න සැරසිලා හිටි ගර්භාශ බිත්ති අඩා වැටෙන්න කඩා වැටෙන්න ගන්නවා. 

ආන්නෙක තමයි ඔය මිනිස්සුන්ගෙ ගැහැණු සතාට මාස් පතා සිද්ධ වෙන්නේ. ඕක ඉස්ඉස්සෙල්ලාම සිද්ධ වුනු දවස තමා ගැහැණු ළමෙක් “ ලොකු ළමෙක් වෙන්නේ “....ඉතින් ඒ මිනිස්සුන්ගෙ ඩිම්බ සෛල පිටවෙන්න කුකුළෙක් ..නෑ නෑ මනුස්සයෙක් හෝ ශුක්‍රාණුවක් ඕනි වුනැයි නෑනේ......... 

ආන්නේ වගේ , කිකිළිත් කෙකර ගාලා කෙකර ගාලා දාන බිත්තරේ ඇතුලෙ තියෙන්නෙත් “ඩිම්බ සෛලයක් “ තමා...... ඕක තා කුකුළෙක් හම්බෙලා සංසේචනය වුනොත් තමා ඒ හැදෙන බිත්තර වල පැටවෙක් ඉන්නේ. නැතිනම් ඉතින් නෑ තමා...... ඒකනේ ඔය සමහරු කියන්නේ ෆාම් බිත්තර කෑවට පව් නෑ කියලා..... 

ප/ලි - කලකට කලින් වෙච්චි කතාවක් අද මතක් වුනේ කන්න කටට රසට දෙයක් නැතිව ඔම්ලට් එකක් දාගන්න යද්දි “ හා හා අද පෝය බිත්තර බිදින්නෙපා “ කියල ගෙදරින් දෝස මුරේ ආපු නිසයි...........මන් ඉතින් විද්‍යා ටීචර් වෙලා ඉන්නෙ රටට ලෝකෙට මිසක්කා ගෙදෙට්ට නෙමෙයි නේ..

ඉංජිනේරු මහත්තයට බිත්තරේ ගැන කියල දුන්නු
මන්
සොඳුරු

4 ප්‍රතිචාර:

SDC said...
This comment has been removed by the author.
Praසන්ன said...

ඉස්සෙල්ල ආවෙ කිකිළිද බිත්තරේද ප්‍රශ්නෙට වඩා හපං වගේ මේක.

දේශක යා said...

This comment has been removed by the author.

Kushan Chathuranga said...

අප්පට සිරි මාත් මෙච්චර කල් හිතන් හිටියෙ කුකුල් ෆාම් එකක කුකුලොත් ටික දෙනෙක් හරි ඉන්නව ඇති කියල

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...