..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, January 11, 2018

හදවත තිබුණු තැන එතැන.

හදවත තිබුණු තැන එතැන.

-------------------------------

අද හදිසියේම මට දැනුනා මගේ හදවත තියෙන්නෙ දකුණු ඇස් ගුලිය යට කියලා. දරන්න බැරි පාළුවක් , කාන්සියක් එක්ක දරන්න බැරි තරම් වේදනාවක් ආවේ දකුණු ඇස් බෝලයට හරියටම යටින්.

ඒ වෙද්දි රෑ දෙකක් තිස්සෙ පුළුන් කොට්ටයක් තෙමෙන්න අඬල තිබ්බෙ දකුණු ඇහැ විතරයි කියල හිතන්න මට සිද්ධ වුනා. රෑ පැය ගාණක් නිදි නැතිව ගෙවිල තිබුනා. ඒ හැම දේකටම හරියන්න දකුණු ඇස් බෝලෙ යට රිදුම් දෙන්න ගත්තා. උදේ තිබ්බ වේදනාව ටික ටික වැඩි වෙද්දි මට හිතුනෙ ඇස් බෝලෙ ගලවල අරන් සුද්ද කරල ආපහු හයි කරන්න.ඒ තරම් වේදනාවක් ඇස් බෝලය යට පිපිරි පිපිරි ගොජ දම දම තිබ්බා..... 

පන්තියෙ උගන්වද්දි , පන්තියෙන් පන්තියට මාරු වෙද්දි ඇස් බෝලේ පන්තිය වටේම කැරකැවෙන නිසා ද කොහෙද වේදනාව නොදැනුනත් , පන්තියෙන් ඈත් වෙලා විද්‍යාගාරයේ තනි වෙද්දි ඇස් බෝලය යට වේදනාව දැඩිව දැනෙන්නට වුනා. 

මට හදිසියේම මතක් වුනේ එයාවත් දන්නෙම නැතිව මම මැරිල යාවි ද කියලා. එතකොට මම මැරිල යන්නේ “අපි තරහ වෙලා ඉද්දි “ යාළු වෙන්න චාන්සෙකක් නැතිව. තරහ වෙලා මැරිල යනේක හරිම වේදනාවක් වේවි. යාළුවෙන්න බැරි වුන නිසා යන ආත්මෙක හිත හදාගෙන ඉන්න බැරි වේවි. ඇඟිලි නැවතුනේ නිතරම දුරකතන ඇමතුම් ආපු එකම අංකෙ ලග. මේ දවස් දෙක වෙද්දි මගෙ දුරකතනයට ඇමතුම් ඇවිත් තිබ්බෙ එකමෙකයි.ඒ යාළුවෙක් ගෙන් විතරයි. නිතර අමතපු ඒ හඬ නිහඩ වෙලා..... තවත් ඉවසන්න බෑ.ඇස් බෝලය එළියට පයින්න තරම් වේදනාවයි. දන්නෙම නැතිව අංකය ඩයල් වුනා......... “ අනේ මගෙ ඇහැ යට රිදෙනවා “. ඉස්කෝලෙ ඇරිල යන ගමන් බේත් ගන්න හිටියෙ වේදනාව දරන්න බැරි නිසා......

ඒත්

කෝල් එක නිසා දවල් කෑම වෙලාවත් පහු වෙලා ගියා...

ඊට පස්සෙ පන්තියෙන් පන්තියට මාරු වුනා.ඉස්කෝලෙ ඇරුනා.....

බස් එකේ එන පැය ඇතුලත ඇහැක් තිබ්බ ද නැද්ද මතක නැති වුනා.......

බස් එකෙන් බැහැල දොස්තර චැනල් කරන්න යද්දි , කොයි ඇහැද රිදුනෙ කියල අමතක වෙලයි තිබ්බේ....

ගෙදර ආවට පස්සෙ හිතුනෙ මම දැක්කෙ හීනයක් කියලා.........

ඇත්තටම මගෙ හදවත තිබිල තියෙන්නේ “දකුණු ඇහේ ඇස් බෝලේ යට“ අවසන් නිගමනය වුනේ ඒක....................

2 ප්‍රතිචාර:

එක් මානවිකාවක් said...

මටත්, ඕකම නොවුණත්, ඔය වගේ දේවල් වෙලා තියනවා.
ආදරේට පුළුවන් අපිව ශක්තිමත් කරන්න, සියලු කායික මානසික වේදනා අමතක කරන්න. :)

Buddhika Erandi Jayasinghe said...

මානවි ගේ අදහසට මාත් එකඟයි. ඒ ආදරේ ළදරුවා වැඩිහිටියා ගේ සිට ගහකොළ සතා සිව්පාවා දක්වා සුවපත් කරනවා... හැමදාම වගේ ලස්සනයි සොසි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...