..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 17, 2017

අරුම පුදුම කැසඩ් රේඩියෝව

අරුම පුදුම කැසඩ් රේඩියෝව 



වම් කරේ එල්ලෙන රෙදි බෑගයේ බර දරා සිටින්නට අපහසු බැව් ඒ කුඩා කොලුවාගේ ඉරියව් ප්‍රකට කරයි. ඉද හිට වම් උරයේ එල්ලෙන රෙදි මල්ලට පිටතින් තබන වම් අත , මල්ලේ ඇත්තේ වටිනා යමක් බැව් දකින්නෙක්ට හඟවයි.විටින් විට පාරට යොමු කරන , බලාපොරොත්තු දෑස්  ඔහු නගරයට යාමට සිටින බැව් නිසකවම හෙළි කරයි.

නමුත් බෑගයේ ඇති මෙතරම් වටිනා දෙය කුමක් ද යන්නට අනුමාන කිරීම අපහසු කටයුත්තකි. වයසට ඔරොත්තු නොදෙන තරම් බරැති මේ වටිනා දෙය ගෙන ඒමට දැනට දින දෙකකට කලින් මේ පාරේම මේ කොලු ගැටයා නගරයට ගියේ තම මව සමඟිනි. නමුත් සිදු වූයේ කිසිසේත් නොසිතූ දෙයකි. එය කොලු ගැටයාගේ පමක් නොව නිවැසියන් සියල්ලන්ගේම බලාපොරොත්තු සිද බිද දැමීමකි.......

බිම පැහැදිලිව නොපෙනෙන කහ පැහැති චිමිනි ලාම්පු එළිය සහ ඒ එළියෙන් බිත්ති වල ලෙල දෙන තමන්ගේම අඳුරු සෙවනැලි වලට බියෙන් , කුඩා රේඩියෝව වටා එක පොකුරට ගුලි වී  එකිනෙකාට ගෑවෙන තරම් ළඟින් හිදිමින් “ යක්ෂයාගේ හෝරාව “ ට සවන් දෙමින් සිටි අතර තුර දී කුඩා රේඩියෝවෙ තැන ගැනීමට කැසට් රේඩියෝවක් ගෙන ඒමට යෝජනා සම්මත වූවත් නිවසේ පියා නිවසින් දුර බැහැර සේවය සඳහා යාමට නියමිතව තිබූ හෙයින් කැසට් රේඩියෝව ගෙන ඒමට නගරයට යන මවගේ තනියට යාමට වහා ඉදිරිපත් වූයේ නිවසේ දඟ මල්ල වූ මේ පොඩි කොල්ලාය.

එය ඉතා සුන්දර ගමනකි. නගරයේ සිට ගමට පැමිණෙන පළමු බස් රථයෙන්ම දෙදෙනාම නගරයට පිටත් වුයේ උදෑසනම යා යුතු නිසා නොව , ඉක්මනින්ම කැසට් රේඩියෝව නිවසට ගෙන ආ යුතු වූ නිසා ය.

නගරයේ තිබූ ප්‍රසිද්ධ සහ එකම විදුලු උපකරණ විකුණන කඩයට ගොඩ වී විවිධ ආකාරයේ විදුලි උපකරණ අතර සරමින් , ඒවා අතගාමින් නරඹමින් , කවදා හෝ එයින් එක බැගින් ගැනීමට සිහින මවමින් ගත වූ කාලය අවසානයේ දී නිවසේ ස්ථිර පදිංචිය ලබා දීමට තෝරා ගත් නවීන පන්නයේ කුඩා කැසට් රේඩියෝව ක්‍රියාකරවන අන්දම පැහැදිලිව පියවරින් පියවර කියා දුන්නේ වෙළඳ සැලේ හිමිකරුය.

වෙළඳසැල් හිමියාගේ කටින් පිටවන සෑම වචනයක්ම සීරුවට අහුලා ගනිමින් , ඔහු දෙසටම යොමු වූ දෑසින් ද , අයා ගත් මුවින් ද යුතු වූ කොල්ලා වෙළඳ සැල් හිමියාගේ දැනුම ගැන ඉතා පුදුමයට පත් වූ අතර , වෙළඳසැල් හිමියා කෙරෙහි අනන්තවූ ගෞරවයක් ද උපදවා ගත්තේ නිරායාසයෙන්මය.

නමුත් එතරම් ගෞරවයක් තබා තිබූ ඔහු අපට මෙවැනි අබලන් උපකරණයක් විකිණිමට තරම් දීන වූයේ කෙසේ දැයි කොල්ලා ට තවමත් සිතා ගත නොහැකි අතර විටින් විට උපදින කෝපය ද , ඒ කෝපය මුදා හැරීමට ඉක්මනින් නගරයට යාමට බස් රථය නොපැමිණීමේ කෝපය ද එක් කර ළඟ තිබූ ගල් කැටයකට එල්ලය බලා පහර දුන්නේ මහ පාරේ එහා පස ට විසි වන තරමට වේගයෙනි. 

“ කෝ....කෝ........මට දෙන්න මට දෙන්න..........මම ගෙනියන්නම් “  වෙළඳසැල් හිමියා විසින් ලබා දෙන ලද උපදෙස් අවසානයේ දී පරිස්සමට අසුරන ලද කැසට් රේඩියෝව මවට බාර දෙන්නට හදන විට දීම , පූජාවට අත ගසන මල් වට්ටියක් බාර ගන්නා ශ්‍රද්ධාවෙන් යුක්තව දෑත් දිගු කරමින් පැමිණි කොල්ලා කිසිවෙකුත් විරෝධය පෑමට ප්‍රථමයෙන් අලුත්ම කැසට් රේඩියෝව දෝතින්ම තුරුලු කරන් අම්මාත් සමඟින් පාරේ ගමන් කලේ ඒ වන විට වෙළඳ සැල් තුලසිටිනඅය පාරේ ගමන් කරන අය පමණක් නොව සතා සිපාවාට පවා පෙනෙනා තරම් ආඩම්බරයකිනි.

දැන් ඉතින් ගෙදර ගිහින් අලුත් කැසට්  රේඩියෝව ක්‍රියාත්මක කරන තුරු ඉවසිල්ලක් නැත. නමුත් ..........ඔහු අපට ක්‍රියා නොකරන කැසට් රේඩියෝවක් දී අපේ සියළු අහිංසක බලාපොරොත්තු සියල්ල ලත්තැනම ලොප් කලේ ඇයි.

තැවුල් සිත ද , මඟ බලා පීඩිත දෑස ද ප්‍රීතියට පත් කරමින් පැමිණි බස් රථයට නඟිද්දි කොල්ලා ඉතා පරිස්සම් සහගත වීමට අවධානය යොමු  තම උරහිසේ එල්ලා ගෙන සිටි රෙදි බෑගය උරහිසෙන් පන්නා දෑතට ගෙන බස් රථයට නැග හිස් ආසනයක් සොයා වහා අසුන් ගෙන  රෙදි බෑගය පරිස්සමින් උකුල මත තබා ගත්තේ “ නැතිනම් ඔය යකා කියාවි , සාප්පුවෙන් දෙද්දි හොදට තිබ්බෙක අපි අරන් යද්දි කඩල කියලා “ යැයි සිතින් සිතමිනි.

නිවසට ගෙනෙනා ලද අලුත්ම කැසට් රේඩියෝව නිවසේ තැබීමට තැනක් වේලාසනම වෙන් කර තිබූ අතර පරිස්සමට එළියට ගන්නා ලද කැසට් රේඩියෝව එම ස්ථානයේ  පරිස්සමින් තබා වෙළඳසැල් හිමියා විසින් ලබා දුන් උපදෙස් අනුව යමින් කැසට් රේඩියෝව ක්‍රියාත්මක කරන්නට විය. රේඩියෝවට ඇති තරම් සවන් දී තිබූ නිසා ද රේඩියෝව නිවසට අලුත් දෙයක් නොවූ නිසා ද සියල්ලන්ගේම අවධානය යොමු වූයේ “ කැසට් පටයකට“ සවන් දීමටයි........

කැසට් රේඩියෝව ගෙනෙන්නට පෙර සිටිම ආසාවෙන් එකතු කරන ලද “කැසට් පට “ කිහිපයක්ම නිවසේ තිබූ අතර ඒවා පිරිසිදු වී පිළිවල වී ලක ලෑස්ති වී තිබුනේ කැසට් රේඩියෝව එන ආරංචියට මෙනි.

වෙළඳසැල් හිමියාගේ මුවින් පිටවූ සෑම උපදෙසක්ම වචනයක් වත් බිමට වැටීමට ඉඩ නොදී කණට හලාගත් කොල්ලා සියල්ල නිසි පරිදි ම සිදු කල බවට කිසිදු සැකයක් ඔබ තබා ගත යුතු නැත. එතරම් සීරුවට කණ් ද දෑස් ද මුව ද අයා ඔහු සියළු උපදෙස් ලබා ගත් ආකාරය මා මින් පෙර ඔබට කියා ඇත.

නමුත් .................සිදු වූ විපතක මහත......................

කොල්ලා යලි යලිත් වෙළඳ සැල් හිමියාගේ උපදෙස් සිහි කලේ තමන්ට කුමක් හෝ අමතක වී ඇද්දැයි යලි යලිත් මතකයට නඟා ගැනීමටය.

“ කැසට් එකක් හරියට පැයක් ප්ලේ වෙනවා “

ආය දෙකක් නැත , ඔහු කියූවේ එලෙස බැව් මවද තහවුරු කලාය.

කැසට් පටය දැන් කිහිපවාරයක්ම කැසට් රේඩියෝව තුලට ඇතුලු කර වාදනය කරාදැයි මතක නැත. එම කැසට් පටයේ වරදක් වන්නට ඇතැයි සිතා සියලුම කැසට් පට කැසට් රේඩියෝවේ කුඩා හතරැස් හිඩැසට කීසැරයක් නම් ඇතුලු කලා ද.........

ඒත් කැසට් පටය වැඩ කරන්නේ පැය බාගයක කාලයක් පමණි. වරද කොතනදැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකි වූ තැන සියල්ලන්ගේම අදහස වූයේ නැවතත් මේ කැසට් රේඩියෝව ලබා ගත් වෙළඳසැලටම , ගෙන ආ කොල්ලාම ගෙන ගොස් දෝශය පවසා වෙනත් අලුත් එකක් මේ වෙනුවට ලබා ගත යුතු බවයි.

නගරයේ සිට නිවසට ගෙනා ආඩම්බරයෙන් ම නැවත නිවසේ සිට වෙළඳසැලට ගෙන යාමට නොහැකි බවත් එය ඉතා ලැජ්ජාවට කරුණක් විය හැකි බවත් පෙන්වා දුන් කොල්ලා , අම්මා විසින් මසනා ලද  රෙදි බෑගය තුළට ඔබා ගත් රේඩියෝව යලිත් මෙලෙස කොලුවා සමඟින් බසයෙන් වෙළඳසැල වෙත පැමිණ ඇත.

ඒ වන විට වෙළඳ සැලෙහි වෙළඳ සැල් හිටියා නොවූ අතරඑහි සිටි කොල්ලාට වඩා තරමක් වයසින් වැඩිමහළු කොලුවෙකු තම පැමිණිල්ල ඉදිරිපත් කල කොල්ලා , අවසානයේ දී රෙදි මල්ල තුළ වූ කැසට් රේඩියෝව ගෙන මේසය උඩින් තැබූවේ ගෙන ගිය තරම් භක්තියකින් නම් නොවේ.

තවමත් කැසට් රේඩියෝවෙ කුඩා හතරැස් කොටුව තුළ වූ කැසට් පටය , ඒ කුඩා හතරැස් විවරය විවෘත කරන බොත්තම ඔබා අතට ගත් වෙළඳසැලේ සිටි තරුණ කොල්ලා , නැවත එය ආපසු අනිත් පස හරවා විවරය තුළට දමා වසා කැසට් රේඩියෝව උඩ තිබූ “ප්ලේ “ බොත්තම එඹූ වහාම , මෙතෙක් ඔවුන්ට අසන්නට බැරි වූ ඉතිරි සිංදු ටික රේජියෝව දෙදරවමින් වාදනය වන්නට විය...........

“ කොහොමද එහෙම වුනේ අයියේ “

කොල්ලා ඇසූවේ පුදුම වූ දෙනෙතින් ය. 

“ අයියෝ මල්ලි ............. පලවෙනි පැය බාගෙ ඉවර වෙන්නෙ මේ කැසට් එකේ එක පැත්තක සිංදු ඉවර වුනාම. ඉතිරි ටික අහන්න නම් කැසට් එක එළියට අරන් ආපහු හරවල අනිත් පැත්ත දාන්න ඕනි “

-------------------------------

මේ අපේ ගෙදර තියෙනෙක 




15 ප්‍රතිචාර:

විචාරක Wicharaka said...

ඔබ අපිව අතීතයට රැගෙන ගියා. අපෙව් ගෙදර පලවෙනි රේඩියෝවත් ඔය වගේම එකක් . මිහිරි මතක ගෙනාවාට තුති
විචාරක දියණිය

෴සොඳුරු සිත෴ said...

@විචාරක Wicharaka@
ස්තූති හැමදාමත් වාගේ දිරි ගැන්වීමට....

අටම්පහුර said...

අපේ ගෙදර තිබුනා ඔය වගේ නැෂනල් පැනසොනික් එකක් , ඒ කාලේ මං තනියම සින්දු කියලා , කැසට් එකකට රෙකෝඩ් කරලා අහනවා

අටම්පහුර said...

අපේ ගෙදර තිබුනා ඔය වගේ නැෂනල් පැනසොනික් එකක් , ඒ කාලේ මං තනියම සින්දු කියලා , කැසට් එකකට රෙකෝඩ් කරලා අහනවා

෴සොඳුරු සිත෴ said...

අටම්පහුර
මෙහෙම හිටියට මාත් කැසට් පට දෙක තුනක් කරපු හොඳ ගායිකාවක් ඒ කාලේ.....

Praසන්ன said...

හෙක්.. ඔටෝ රිවස් පහසුකම නැති කැසට් ප්ලේයරයක් කොල්ලාට විකුණූ වෙළඳසැල් හිමියාට මාගේ විරෝධය.

ඉස්සර ඔය නැෂනල් කැසට් ප්ලේයර් ගන්නකොට ඕකත් එක්ක බීතෝවන්ගෙ සිම්පනියක් තියෙන ටෙස්ට් කැසට් කෑල්ලක් දෙනව.

තඩියා said...

+++++++++

Nuwan Jayasuriya said...

අපේ ගෙදර තවමත් තියෙනවා 1978 ජපන් sharp set 1 ක්. තවම හොඳට වැඩ. කොහොම උනත් කැසට් පීස් දාල නම් ලඟදි පාවිච්චි කරේ නෑ. දැන් අර CD කියන එක පැත්තක් දිලිසෙන තැටි ජාතියක් පීස් වල තැන අරගෙන.

alaya said...

අපේ තිබුනේ Bridgestone වර්ගයේ එකක්, ගාල්ලෙ විජේතුංග සාප්පුවෙන් ගත්තෙ රු 1,759/- කට 80 ගණන් වලදී.
ඒකෙ ඩිමො ටේප් එකේ මෙලඩිය තාම මතකයි, විනාඩි කිහිපයක සංගීත ඛණ්ඩයක්. අනිත් පැත්තෙ තමයි ටේප් කලේ, ටේප් කවුන්ටරය 115 ට එනකොට ටේප් එකේ මැග්නටික් ෆීල්ඩ් එක ඉවර වෙනවා.
අපි ට්‍රිප් යනකොට ඒකත් කරගහගෙන යනවා. බෙග් ගේ කැසට් වලට ලොකු ඉල්ලුමක් තිබුණා.

Mahesh Rathnayake said...

ඕකක් තිබ්බ කිරියම්මලැයි දිහ. මට මතක විදියට මම ඒකට පොල්ලකිං පත බාල තියෙයි.
ඇයි කියල නං මතක නෑ හැබැයි කිරියම්ම ඕක තියං හිටිය මං ලොකුවෙච්ච දවසක පෙන්නන්න කියල. හෙහ් හරියටම මැදිං කඩං බැහැල තිබ්බ.
😂 😂 😂 😂
අන්න ඒමයි අපි

Wmk Samarasekara said...
This comment has been removed by the author.
Wmk Samarasekara said...

මාවත් අතීතයට අරගෙන ගිය හොද ලිපියක්. 1979 විතර මම ගත්තේ unic ක් එකක්. ගැන රුපියල් 2500.00 ඒක ගත්තෙත් බැංකු නයක් දාල

අඟහරුවා. said...

අම්මෝ කැසට්.. මම ඉපදුනු දවස් වල ගත්ත කැසට් ප්ලේයර් එකක් තාම මගේ ගාව තියනවා. මම සර්විස් එහෙම කරලා තියං ඉන්නවා තවම. කැසට් ප්ලේ වෙනවා හොඳට. ලඟදි ෆොටෝ එකකුත් දාල තිබ්බේ ගලවපු වෙලාවක.. ඔය ෆොටෝ එකේ තියන එකක මැෂින් එකක් තියනවා.

කල්‍යාණ මිත්‍ර said...

අතීතයේ මතක අවුස්සන කතාවක්.. රේඩියෝ එකෙන් තනි කැසට් එකට, තනි එකෙන් දෙකට, එතනින් සීඩි ප්ලේයර්, vcd, dvd ඔක්කොම පහු කරන ඇවිල්ල දැන් ආපහු ඔය ගැජට් ඔක්කොම තියෙන තඩි ප්ලේයර් එකකින් රේඩියෝවේ 'බණ' විතරක් අහන යුගේකට ඇවිල්ල..

බැලුවම අපි එතනමද කියල හිතෙනවා.. :)

රන්වන් මකරා said...

ඕව මොනවද මගේ කෙම්පූතලෙන් ලයිව් ලේඩියෝ අහන්න පුලුවන්.. :) :)

- ජෑ මා කාලී -

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...