..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, November 25, 2017

ලේනා සහ කොල්ලා


ලේනා සහ කොල්ලා

-----------------------

ගේ උගේ ය කියා සිතනා ලේනෙක් අප නිවසේ වෙයි. සෑම දිනකම පාහේ නිවසේ නිදහසේ ඇවිද ශැඩෝට ද හසු නොවී යන මේ ලේනා නිවැසියන්ට කිසිදු බියක් නොදක්වයි. ඒ නිසාම අද සිදුවූයේ මහා බියකරු දෙයකි. අද නිවාඩු දිනය නිසා පස්සා පැත්තෙන් දුන් දානකම් නිදා ගන්නා මා ඇහැරුනේ ගෙදර පොඩි කොල්ලාගේ බියකරු කෑගසීම් හඬිනි.යටි ගිරියෙන් කෑගසා ගෙන ගේතුලට දිවූ කොල්ලාට සිදු වූයෙ කුමක් දැයි කීමට සිහි එලවා ගැනීමට ටික වේලාවක් ගත වූ අතර ඔහු වටා , කොන්ද නමාගෙන නැමී ඔහු දෙස බලා සිටි අපගේ කුතුහලය ද අසීමාන්තික විය.

" මොකද පුතේ උනේ ? “

" අම්මේ........අර ලේනා......"

" ඔව්.... ඌ කෑවැයි ?"

" නෑ ..ඈ...... ඌ...... "

" ඔව් "

" ඌ මගෙ කලිසම අස්සෙ ඉදල දිවුවා"

" මොනවා...."? 

ඔහු දෙසට නැමී සිටි අපගේ කොඳු කෙලින් විය.
කොල්ලා තවමත් සිටින්නේ රාත්‍රී ඇදුම වූ ඉරි ඉරි පිජාමා ඇඳුමේ දිග කලිසම් කකුල් දෙක දෑතින්ම උඩට ඔසවා ගනිමින්ය........

ඇත්තටම මොකද වුනේ කියා දැන ගැනීමට තවත් පැය කිහිපයක් ගත වූ අතර සිදු වී ඇත්තේ ලේනාගේ ක්‍රියා නිරික්ෂණයට ඌ අසලටම ගොස් සිටි කොල්ලාගේ පිජාමා ඇදුමට ආසා සිතු ලේනා හිටිවනම පැන කොල්ලා ගේ කලිසම් කකුල දිගේ ගමන් කිරීමට ගැනීමයි. නොසිතූ සිද්ධියෙන් බියපත් වූ කොල්ලා , කෑගසමින් දිව විත් ඇත. ලේනා සොයා ගැනීමට නැත.

අවසානයේ දී සිද්ධිය නිමා වුනේ කොල්ලාට දුන් උපදේසයක් ද සමඟිනි.
“ අනිත් දවසෙ යන්නෙපා ඕකා ළඟට ඌ ඊළඟ සැරේ කලිසම අස්සෙ උගෙ කූඩුවත් හදාවි හරිය ?“

අද දවසම අප පවුලම ප්‍රතීයෙන් තැබීමට මේ සිදුවීම ඉවහල් වුනත් මේ පිස්සු ලේනා සීරුවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වීමට බොහෝ සෙයින් ඉඩ තිබුනි. 

පින්තූරය - ලේනා ගෙට පැමිණි එක් දිනක ලබා ගන්නා ලද්දකි.

5 ප්‍රතිචාර:

විචාරක Wicharaka said...

ඌ නම් නියම ලේනෙක් පොඩි එකා පව්
විචාරක දියණිය

tech සයුර (Rohan Dhananjaya) said...

ලේනා කලිසම අස්සෙ රිංගනකං කොල්ල මොකද කලේ?

ගල්මල්-Coral said...

සතුන් ඇසුරු කරන අය දැනගෙන ඉන්න වටින විස්තර ඇතුලත් බ්ලොග් පොස්ට් එකක්: ඇන්ටි රේබීස් https://gaminievijith.blogspot.com/2012/04/16.html

ලිඛිතා said...

අපේ ගෙදරත් මේ වගේ ලේනෙක් දහවල් කාලයේ විදී සංචාරය කරයි. ගෙවල් හදන්නට ගේන බඩු බාහිරාදිය තැන් තැන්වල හලා වෙන රෝන්දේ ගමන් යයි. එපා කිව්වම ඔරොගෙන අහක බලාගනී. අපි ගැන, අපේ ගෙදර දෛනික වැඩ සටහන ඌට කටපාඩම් උනත් දවස සෙනසුරාදා සහ ඉරිදා කියා අමතක වෙයි. ඌ මාට්ටු වෙන්නේ එලෙසය.

repoter said...

sinhala subtitle

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...