..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, August 10, 2017

ඒ මිහිරි සීනු නාදය සහ ටැකෝ බෙල්

ඒ මිහිරි සීනු නාදය සහ ටැකෝ බෙල්
-------------------------------------------------------

පුංචි කාලයේ ඉදන් දන්නා සීනු නාද කිහිපයකි. ඉන් පාන්දර ඇස් ඇරීමට තියනා සීනු නාදය පස්ස පැත්තට ඇන ඇන මර හඬ තලයි. 

ඉන් පසු හමුවන සීනුව නාද කල යුත්තේ මාය . උඩ පැන නූල අල්ලා ඇද අතහැර නාද කරන ඒ සීනුව ට අනුව බසයෙන් බැස යන මට විනාඩි හතලිහෙන් හතලිහට ඇසෙන සීනු නාද වලින් වඩාත්ම ප්‍රිිය උපදවන සීනු නාද ය වූයේ දහයයි විස්සට පමණ එක දිගට හඩ තලන දිගු සීනු නාදයයි. 

සීනුවක් කීවාට එය තඩි ලොරි රෝදයක ඉවත දැමූ මලකඩ කමින් පැවතුනු රිම්එකකි. පාසලේ උසම ගොඩනැගිල්ලේ  විවෘත ඉඩකඩක උසින් එල්ලා ඇති එයට යකඩ කූරකින් තඩි බෑමෙන් එන ඒ සද්දය විසින් අප සැම පාලනය කරමින් තිබුනි.විවේකයට පසුව එන දිගු සීනු නාදයෙන් පසුව නැවත දිගු සීනුවක් නාද වන්නේ පාසල් නිමාවන ඒ සතුටු සමයටයි. ඒ තඩි මලකඩ රිම්මෙකට නිවාඩු ලැබුනේ අප පාසලෙන් සමුගන්නට කිට්ටුව දී වන අතර ඉන් පසු සීනු නාදය වෙනුවට මිහිරි සංගීත කණ්ඩයක් වාදනය වන පුංචි ස්පීකරය බැගින් පන්තිකාමර වලට ලැබුනි.

පාසල් සංදියේ බසයේ සීනුව නාද කිරීමට වෙනකෙකුගේ සහය පැතීමට සිදු වූවද ක්‍රමයෙන් උස් මහත් වෙද්දි,  ලැබුනු ජාන වලට පිංසිදු වන්නට අන් අයට බස් සීනු නාද කිරීමේ සහයිකාව දක්වා උසස් වීමට හැකි විය.

මා පාසල් ගිය පාසල් වල තිබූ රිම් සීනුවට වඩා වඩාත් වෙනස් , ඇත්තටම සීනුවක් වූ සීනුව දකින්නට ලැබුනේ මා රැකියාව සඳහා පාසල් යාමට පටන් ගත් පාසලේ දීය.

සැබැවින්ම තඩි සීනුවක් වූ එය පන්සලේ ඝන්ඨාරයට වඩා මදක් තරමින් කුඩා විය.සීනුව මැද්දෙන් එල්ලෙන බට්ටාට තරමක් අතට අහුවෙන ලෙස සවිකර ඇති දිගු දම්වැලෙන් අදිමින් සීනුවේ පෘශ්ඨයේ තාලයට වද්දමින් හඬ නැගීම ඒ සඳහා පත්කර ඇති සිසුවා විසින් සිදු කරන්නේ ඉතා ගරු ගාම්භීරවය. ඔහුගෙන් ඒ දම්වැල උදුරා ගෙන සීනුව නාද කිරීමට මා සිතපතුලෙන් උපන් ආශාව මැඩ ගන්නා ලද්දේද ඉතා අසීරුවෙන් වූවත් , එවැනිම සිතක් තිබූ දරුවෙකු විසින් සීනුව අවේලාවේ නාද කිරීම නිසා ඒ දරුවාට සිදුවූයේ දැඩි දඩුවම් විදීමට බැව් නොකියාම බැරිය.

මා පාසල් යන කාලයේ දී අකැමැති ගුරුවර ගුරුවරියන්ගේ කාලච්ඡේද නිමාවන සීනුව නාද වන තෙක් නොයිවසිල්ලෙන් සිටියාක් මෙන් දැන් මා උගන්වන දරුවන් මා පන්තියෙන් ඉවතට යන තෙක් ඒ මිහිරි සීනු නාදය වාදනය වන තෙක් සිටිනවා වන්නට පුළුවන් බැව් හැඟෙන විට සිතට දැනෙන්නේ කණගාටුවකි.

නමුත් පාසල් දැරිය කාලයේ දී වාගේම මා තවමත් ඉතාම ප්‍රිය කරන සීනු නාද දෙක වන්නේ දහයයි විස්සට එක දිගෙට ටලාන් ටලාන් ටලාන් ටලාන් ටා..........න් සීනු නාදයත් හරියටම එකයි විසිපහට නාද වන එවැනිම වූ දිගු සීනු නාදයත් වීම නම් නොවෙනස්ව පවතින සත්‍යයකි.

පන්සලේ ඝාන්ඨාරය පාසල් සීනුවට වඩා ප්‍රමාණයෙන් විශාල වූව ද එය නාද කිරීමට අවස්ථාව ලැබෙන්නේ පෝය දිනයට පමණි. අනිකුත් සෑම දිනයකදීම ඝන්ඨාරයේ දිගු යකඩ දම්වැල ඔසවා ගැට ගසා ඇත්තේ කිසිම කෙනෙකුට ළං විය නොහැකි ලෙසටයි. නමුත් දිනක් මහ රාත්තිරියේ එක දිගට නාද වූ ඝණ්ඨාරයේ නාදය මඟින් මුළු ගමටම දැන්වූ පණිවුඩය වූයේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගේ අපවත්වීමයි. 

මේ සියළු ලොකු කුඩා විශාල ප්‍රමාණයේ සීනු පිළිබඳව මෙසේ සටහන් කිරීමට හේතුව වූයේද අපූරු ආකාරයේ සීනුවකි. නමුත් මාහට මෙන්ම ශ්‍රී ලංකාවටද එම සීනුව අලුත් බවත් පෝලිමේ ගොස් බැලිය යුතු වූවක් බවත් පමණක් දැනෙන අතර එය ටැකෝ බෙල් නමින් හඳුන්වන බවත් පමණක් දනිමි.

7 ප්‍රතිචාර:

Aruna Perera said...

බ්ලොග්ස් නොලිව්වත් කියවනවා. සොසි.... Taco කියලා මෙක්සිකන් ඌරුවට කියන්නේ ටාකෝ කියලා. ටැකෝ කියලා කිව්වත් මහා වැරද්දක් නැහැ.

//////යකූ මේකේ කියවන්න තියෙන්නෙ කමෙන්ටු විතරනේ. කෝ යකූ පොස්ටෙක. අන්න මම පෝස්ටෙකක් ලීවා.වරෙල්ල කියවන්න.......... හෙහේ ///////////////////

මම කැමති සින්දුවක් සමනලීගේ හඬින්.


Aruna Perera said...

මම කැමති සින්දුවක් සමනලීගේ හඬින්.

විචාරක Wicharaka said...

ඔබේ සීනු කතාවෙන් අපේ පාසලේ සීනුව මතක් උනා.
විචාරක දියණිය

Praසන්ன said...

අපේ ඉස්කෝලෙනං තාමත් තියෙන්නෙ ඔය රිම් එකක් තමයි. මාත් අවුරුද්දක් ඕක ගහන වැඩේට සෙට් වෙලා තියෙනව.

කල්‍යාණ මිත්‍ර said...

මං හිතුව ටීට (අපේ එකෙක් හිටියා ඌට ටීච කියන්න බෑ කියන්නෙම ටීට කියල.. යකෝ ටීට නෙවෙයි ටීච කියපිය කියුවම පන්තිය දෙවනත් වෙන්න බනිනව කුණුහබ්බෙන්.. ඒවා නම් හරියටම උච්චාරණය කරනව..) ලමයිනුත් අරං ඒ පාර ටාකො බෙල් ගිහිල්ලැයි කියල .. :)
ඉස්කෝලේ බස් එකේ යන කාලෙට ඔය බස් එකේ බෙල් එක තනියෙම ගහනව කියන්නේ එක මැචුරිටි ලෙවල් ඇසෙස්මන්ට් එකක් පාස් වෙනව කියන එක.. හෙහ්.. දැං පංසල් වල ඝාන්ටාර තිබ්බට ගහන්නේ නෑනේ.. මමනං පෝයට ගියාම පොඩි උන් එක්ක ඕක අනිවාර්යයෙන්ම ගහලා තමයි එන්නේ.. අනිත් ඔක්කොමත් වගේ ටාකෝ බෙලුත් සැරයක් දෙකක්වත් ඇක්ස්පීරියන්ස් කොරල බලන්න ඕනි..නැතුව ඉතිං අපි මැක්සිකෝ ගිහිං ඕවයේ කන්ටයැ?

කල්‍යාණ මිත්‍ර said...

:)))

මනස්ගාත සටහන්කරු said...

මාත් ආසම සීනුව තමයි 10.15 ට විතර ගහපු එක . හැබැයි 6 වසරෙන් පස්සෙනම් මට ඉස්කෝලෙදි සීනු හඩක් නම් ඇහුනේ නෑ ඒකටත්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...