..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 6, 2017

හැලයාගේ කතා වස්තුව නොහොත් අකුරැස්සට ආ කිඹුලා ගේ කතාව

හැලයාගේ කතා වස්තුව නොහොත් අකුරැස්සට ආ කිඹුලා ගේ කතාව
අකුරැස්ස කියල කියන්නේ , ඉඩමේ පුංචි ඉඩක් තිබ්බත් තේ පැළයක් යට කරන ගමක්. අමු තේ දළු කිලෝ එකක් රුපියල් 95ට එහා යන මේ කාලේ තේ පැළ ගං වතුරට අහුවුනා කියන්නේ ලොකු පාඩුවක්.එහෙමෙයි කියල දළු නොකඩට හිටියොත් ඊළඟ සැරේ දළු වලට වෙන්නෙත් හානියක්.
ගං වතුර බැහැල ගිහින් පොළව නිකම් වෙල්වට් එකක් වෙලා තියෙද්දිත් අම්මයි තව ගැහැණූ කෙනෙකුයි තේ ඉඩමට ගියේ ඒකයි.
ඒ ඉඩමයි අපි ඉන්න තැනයි ඇළකින් වෙන් වෙලා තිබුනත් අපි හදල තිබ්බ පුංචි ඒදණ්ඩත් ගං වතුරට ගිහිල්ල තිබ්බ නිසා දෙන්නා ගිහින් තිබ්බෙ රවුම් පාරකින්.
බොන්න තේත් අරන් කන්න පානුත් අරන් ගිහින් ඒ කලමනා පැත්තක තියල දළු කඩන ගමන් පැළ අස්සෙන් එඹිල පොළව සෝදිසි කරන්නේ නයි, කබරයි , විසකුරු සත්තු එහෙම ගස් අස්සෙ ඉන්න පුලුවන් නිසා. වෙනදට එහෙම බයක් නැති වුනත් මේ අලුත් බය ඇති වුනේ ගංවතුර නිසා.
තේ වත්තක තියනව ටිකක් ලොකුවට හාරන ඉඩමෙ හරහට හාරන කාණු. අඩි දෙකක් දෙකාමාරක් ගැඹුරු , අඩි තුනක් තුනාමාරක් පළල මේ කාණු වල තාමත් අඩියක් විතර වතුර රැඳිල තිබ්බා. අම්ම දළු කඩන දළු ගස් පේළියට එපිටින් අම්මට පිටුපසින් තිබ්බෙත් මෙන්න මේ වගේ කාණුවක්. මේ කාණු සමහර තැන් වලින් පස් වැටිල ගොඩ වෙලා.අම්ම නිකමට කාණුවට එඹිල බැලින්නම් මෙන්න බොලේ කාණුවෙ ගං වතුරට ආපු අලුත්ම ටයර් එකක් හිරවෙලා. හොඳ කට්ට වැටිච්ච ලස්සන අළුපාට ටයරෙක. ආපහු ගහේ දළු දෙක තුනක් කැඩුව අම්ම ආපහු හැරිල මේ ටයරය දිහා බැලුවා.
“ දෙයි හාමුදුරුවනේ කිඹුලා “ .
අනිත් ගැහැණු කෙනා ලඟට දුවල ගියපු අම්මා එයාටත් සිද්ධිය කීවේ දුවන්නම ලේස්ති පිට. ටිකක් දුර ගියපු දෙන්නට ආපහු හිතුනා “ෂුවර් එකටම මේ කිඹූල ද? “ කියල. එහෙම හිතුනේ මේ සිද්ධිය කාටවත් කියල නිකම් නෝන්ඩි වෙන්න අකමැති නිසා වෙන්නැති.
ආපහු ආපු දෙන්න මේ නම් ටයර් එකක් නෙමේ කිඹුලම බවට ස්ථිර කර ගෙන හිමීටම ළඟ හිටපු කොල්ලෙක්ට කියලා වන ජීවී එකටයි පොලිසියටයි මේ ආරංචිය දැනුම් දුන්නා. ඒ වෙලා විනාඩි පහක් යන්නට මත්තෙන් එතනට ආවේ පොලිසියෙන් වත් වන ජීවී එකෙන් වත් නෙමේ.
මුළු අකුරැස්සෙම හිටපු බාල , මහළු , තරුණ හැමෝම වත්තෙ වැටත් කඩන් පෝළිමේ මේ කිඹුලව බලන්න එක් රැස් වෙන්න ගත්තා. ඒක එකාතකට හොඳයි කියල හිතෙන්නෙ එහෙම නැති වුනානම් සමහර විට මේ තඩි හැලයා කාගෙ හරි අතින් හොර රහසෙම මියෑදෙන්නත් තිබ්බ නිසයි. ( කිඹුල කිඹුල කිඹුල කියනවට වඩා “හැලය“ කියල කියනෙක හිතට ළඟයි.)
පොලීසියත් එක්කම එතනට ළඟා වුනේ හාමුදුරුනමක්. පොලිසියත් එක්කම හැලයා ලඟට යන්නත් , හැලයා හොඳින්ද කියල බලන්නත් හාමුදුරුවන්ට පුළුවන් වුනා. මේ හාමුදුරුවන් ගැන වැඩි විස්තරයක් මම නම් දන්නෑ. නමුත් ආපු වෙලාවෙ ඉදල කිඹුල ළඟින්ම හිටපු උන්නාන්සේ කිඹුල අල්ලල පටවල වාහනේ දානකමුත් ළඟින්ම හිටියා දැක්කා.
කිඹුල දැකල ආරංචිය ගිහින් සෙනඟ වැල් වැල් ඇදී එන්නත් , පැය ගාණත් එයා අල්ලල කඹ දාලා ගැට ගහන්නත් , තව පැය ගාණක් හැලයව උස්සන් එන්නත් ගත වුන නිසා සිද්ධිය අහවර වෙන්න පැය හතරට වඩා වැඩි වෙලාවක් ගත වෙලා තිබ්බා. මේ කිඹූලා ඟං වතුරට ඇවිත් වෙලේ ඉඳියා කියල මම කලින් කියල ඇති. වෙලේ වතුර බහිද්දි , ආපහු ගෙදර යන්න මතක් වෙද්දි , ගඟ හොයාන ආපු කිඹුල තේ වත්තේ කාණුවකට බැහැල හිටියෙ ඇයි කියනෙක තාමත් අභිරහසක්.
බැරි වෙලාවත් අපෙ අම්ම කීවනම් “ මේ කෙල්ල ඔන්න ඔහේ කිඹුලටවත් දීලා දානව“ කියල . හැලයා මෙහෙම නිකම්ම පහුබහින එහෙකුත් නෑ. කොහොම වුනත් මිෂන් එක ඉවර වෙද්දි හැලයගෙ දකුණු කකුල කැපිල තුවාල වෙලා තිබිලා. වන ජීවී එකේ මහත්තරු හැලයට බේත් කරාවි. ආපහු එයාට ශ්‍රීෙද්වි හොයාන යන්න ගඟට දාවි.

---------------------------------------------------
ගෙදර ගිය හැලයා


හැලයා - ආහ් නෝනෙ..... ඔන්න මං ගෙදර ආවා...

ශ්‍රී දේ වි - කොහොද මනුස්සයෝ ගං වතුරට මකබෑවිලා මෙච්චර කල් ගිහින් හිටියෙ.

හැලයා - මම ගියපු එකේ ආය මක්කටෙයි කියලා සොඳුරුලැයි අහටත් ගොඩ වෙලාම ආවෙ නෝනේ.මට එහෙදි හොඳට ම මදි නොකියන්න සලකල තමා ආපහු මිනිස්සුගෙ කරෙන්ම ගෙදෙට්ට ගෙනත් ඇරලුවේ.
-------------------------------------------------------------------------
ප/ලි- ඟං වතුරත් එක්ක කිඹුල ගොඩට එන එක මේ අහා හැමසැරේටම වෙන දෙයක්. ඒ නිසා ගොඩක් වෙලාවට ගං වතුරෙ බැහැල ඇවිදින්න මිනිස්සු බයයි. ගං වතුරට අහුවෙන ගෙවල් වල දොර ජනේල ඇරල දාලා යනේක සාමාන්‍ය ක්‍රමය. කොළඹ ගං වතුර වෙලාවෙදි බෝ වුනු හොරු, මේ පැත්තෙ බෝ නොවෙන්න එක හේතුවක් තමා මේ කිඹුල්ලු. මොකද කියල ගමේ කෙනෙක්ගෙ වචන වලින්ම කියනව නම් “ දොරවල් ඇර දාලා ආවට බය වෙන්න දෙයක් නෑ. දැන් කිඹුල ගෙදරට ඇවිත් ඇති .දන්න කියන කෙනෙක් මේ වතුරෙ නම් හොරකමේ යන්නෑ “
එහෙනම් හැලයෝ “සුබ ගමන් “ ගිය තැනක සතුටින් ඉන්න ඔයා.

17 ප්‍රතිචාර:

Dhammika Nishshanka said...

මට එකම දුක හැලයත් ගියා සොඳුරිය බලන්න.මට බැරි උනානේ. අනේ ඉක්කමටම එන්නං

Tharurasi තරුරසී said...

කිව්වත් වගේම හැලයා සොඳුරුව බලන්න ඇවිත්... අම්මල බේරිල තියෙන්නෙ අනූ නවයෙන්... හිතද්දිත් බයයි.

Nuwan Amarasingha said...

හැලයට ඔයාව ගැලපෙනව.. අපරාදෙ ආපහු යැවුවෙ

indika karunarathne said...

කිබුලා කිසිවිටක හදිසියේ ගොදුරු අල්ලා ගන්න සතෙකු නොවේ , ගොදුර තමා ලගට පැමිණි පසු කට විතරක් අයා ගොදුර අල්ලා ගන්න කම්මලියෙකි.බඩ පිරුන පාසු කට ඇතුලට ඔලුව දැම්මත් කට පියා නොගන්න සතෙකි.ඌ අසලට ගියාට දුවගන විත් පහර දෙන්නේ නැත.

කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි) said...

අර නරියාට ගම දුව දීග දුන්න කතාව ඇහැව්ව කිඹුලා ආවද දන්නේ නෑ අම්මාගෙන් දොනියැන්දා කරකාරෙට ගන්න. අනේ අපොයි ඌට සළකලා ඇරපු විදිහ.

Praසන්ன said...

චැහ්.. අපරාදෙ වෙඩිමක් මිස් වෙලානෙ.

කල්‍යාණ මිත්‍ර said...

හැලයාගේ නිරුවත් ෆොටෝ දිගට හරහට නොදාපු එක ලොකු දෙයක්..

ගස් ලබ්බ said...

මිශන් 'හැලයා' ප්‍රොජෙක්ට් එකේ ඔයැයි හිටියෙ සුදු බ්ල්වුස් එකක් ඇඳගෙන ටෙලිෆෝන් එක කනේ අලවගෙනද? සිරස නිව්ස් වල එහෙම ගෑල්ලමයෙක් දැක්කා.ඔයැයි වගේ මයි
ජයවේවා..!!

chef-architect said...

හැලයා පිටබද්දර පාලම ලඟින් බැහැලා කෝල් එකක් දුන්නා නේද කානුව කොහේද කියල ඔහෙගෙන් අහගන්න...:)

Damia said...

හැලයට කන්න මොකුත් දුන්නේ නැද්ද සොඳුරු ..අඩු ගානේ ටිපි ටිප් එකක් වත්

Mahesh Rathnayake said...

මූ අඩු ගාණෙ පැංච කාටුන් එක වත් බලල නෑ.
ඒ කිඹුල් තඩිච්චි ශ්‍රීදේවි නෙවෙයි හරි සීදේවී තේරුණැයි ඔයැයිට.
වහා වෙනස් කරනු

පැණිකු said...

ටී වී එකේ මිනිස්සු ගංවතුරට ආපු කිබුලෙක්ව උස්සන් යනවා පෙන්න්නුවා, මේ කිබුලද ?

කණ්ඩා ~ Kanda said...

මේ නාඩගමෙන් පසු හැලයා සුවෙන් සිටිතැයි සිතමි. සොඳුරු සිත ඔහේත් අකුරුස්සේ කියා දැනගත්තේ අදයි :-D

ඩබ්.කේ said...

අසරණ හැලයා......ඔයැයි සීදේවි කියල හිතං උන්නද දන්න නොවැ

ගෝල්ඩ් ෆිෂ් said...

පවු වැඩේ... කසාදයක් කරලා දීලා ගමේම තියාගන්න තිබුනේ. :D

MPP Gunasinghe said...

අපරාදෙ නේ යන්න ඇරියෙ

Anith kona said...

හැලයා නොපෙනෙන්නේ මට විතරද ? ( අර පින්තූරේ) හරිම දේ කරපු එකට ස්තූතියි සොසී...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...