..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, June 28, 2017

දැන් හැදෙන පොඩි වුන් හෙවත් ඒ සුන්දර විනාඩි හතලිහ


දැන් හැදෙන පොඩි වුන් හෙවත් ඒ සුන්දර විනාඩි හතලිහ

============================================

විද්‍යා ගුරුවරියක වුවද , ඉතිහාසය , බුද්ධ ධර්මය සහ සිංහල හැර වෙනත් ඕනෑම විෂයක් ඉගැන්වීමේ හැකියාව සහිත වුවත් හයට ගණන් උගන්වන්නට සිදුවූයේ බෑ කියන්නට බැරිකමටය. 
බෑ කීවොත් සිදුවන්නේ මා උගන්වන විද්‍යා විෂයට හානියකි. “විද්‍යාව අයට ගණිතය උගන්වන්න පුළුවන්“ යන මතය බිද දැමීමට මා අකැමැතිය. 
ඒ අනුව හයේ පන්තියට ගණන් උගන්වන විද්‍යා ගුරුතුමිය මම යි. ලැබ්බෙකට පැමිණෙන හයේ පන්තියේ ළමයින්ට ගණන් ඉගැන්වීම අසීරු කටයුත්තක් වන්නේ විද්‍යාගාරය පුරාවට ඇති උපකරණ කෙරේ දිවයන ඔවුන්ගේ මනස ගණිතය පොතට එක්තැන් කර ගැනීමට ඇති අපහසුවයි.

“ටීචර් අර මක්කෙයි ? “ 

“ අනේ ටීචර් ඒකෙන් මක්කැයි වෙන්නේ “ 

“ අනේ හොඳ ටීචනෙ , එක සැරයක් එකෝම එක සැරයක් බිමට අරන් පෙන්වන්න කෝ අර ග්‍රහලෝක ටික“ 

හිත උණූවන අහිංසක ගුරු භූමිකාවක් ඉටු කිරීමට යාමෙන් මේ විනාඩි 40 අපතේ යැවූවොත් සිදු වන්නේ විද්‍යාව කෙසේ වෙතත් , වාර අවසානය වෙද්දිත් ගණිතය පාඩම් අවසන් නොවීමයි.

ඉන් පසු පැමිණෙන බරපතල ප්‍රශ්න කිරීම් හමුවේ “ගණිතය පීරියඩ්ඩෙකේ විද්‍යා උපකරණ බලන්නට දුන්නා “ යැයි පැවසිය නොහැක.

“ බෑ බෑ ඒවා වැඩ කරන්නෑ “ ( ටීචගෙ බොරු )

“ ඒව ඔයාලට තේරෙන්නෑ“ (තේරෙන්නැති නිසානේ දෙයියනේ අහන්නේ )

“ මේ තියෙන්නෙ ගණිතය පීරියඩ් එක“ (හරි ඉතින් ඒක අපි දන්නවා )

ඕවා විද්‍යා ටීචර්ගෙන් දැන ගන්න“ (ඉතින් ඔයත් විද්‍යාව ටීචර් කෙනෙක් නෙ)

“ මේ ගාණ හරියට හැදුවොත් විතරක් ඔයාලගෙ ඉල්ලීම සලකා බලන්නම් හරිද?‘“ ( කමක් නෑ ඔය බොරුව ටීචර් කියන කීවෙනි සැරේද ඔය. ටීචර් සලකා බලන්න හදන කොටම පීරියඩ් ඉවරෙන බෙල්ලෙක ගහනව නේ.)

“ ඔන්න ආය නම් එන්නෙපා ලැබ්බෙකට මම එන්නම් පන්තියට“ ( ඒක නම් කරනව තමා ටීචර් )

“හරි හරි ටීචර් අපි ගණන් හදන්නම්“ ඔවුන් පරාජය බාර ගන්නෙ එලෙසිනි.

අද .... එසේ උගන්වන අතරතුර දී පසු පස පේළි වල ළමයින්ගේ නාහවල් ඔහෙක් මෙහෙක් වෙන්නටත් , මූණු කම්මුල් නලියන්නටත් , දෙතුන් දෙනෙක් මුව අතින් වසමින් සිනා සෙන්නටත් ගන්නවා දෙතුන් වරක්ම දුටුමි. හයේ ළමයින් යනු එක එක විකාර පන්තියට ගෙන එන්නට රුසියන් පිරිසක් නිසා තවත් කෝලමක් පන්තියට අරන් ඇවිත් යයි සිතා , “ මොකද මේ ඒ සැරේ පටන් ගත්ත කෝලම. නැගිටිනව පිටි පස්සෙ පේළියම“

“ අනේ නෑ ටීචර් මේ මේ....“

“ ඔවු කියනව මේ ක් මේක් නෙමේ “

“ අනේ නෑ ටීචර්...........මේ.............මේ..............කවුරු හරි වලිගෙ උස්සල . අනේ ටීචර් මෙතන ෆෑන් එක දාන්න කෝ “

මුළු පන්තියම සිනා සෙන්නට වූ අතර , සිනාව තද කරගත් මා මවා ගත් නපුරු මුහුණින්ම යුක්තව විදුලි පංකාවේ අංකය පහ දක්වා කරකැවූ වෙමි.


මම
හයේ පන්තියෙ ගණන් උගන්වන

විද්‍යා ටීචර් - සොඳුරු සිත

10 ප්‍රතිචාර:

Upul Nishantha said...

හපූ.... පඩ කතා

සෙව්වන්දිය said...

සොඳුරු කරදරකාරයෝ

Praසන්ன said...

ෆඩ කේස් එකක්නෙ

amila chathuranga said...

හැබැයි පෙටා මාකට් එක උඩ පන්ත්ය තිබුනත් දක්ෂ ගුරුවරියකට හැකි වෙන්නට ඕනි පාඩමට ලමයි එකතු කරගන්න.ඒවට ක්‍රම සහ විදි ඇති..සොයාබලන්න හොදින්..ඔබට වටිනා දෑ සම්භ වේවි.

තරු said...

වල්ගේ උස්සලා .. ඒක මරු කියමන..

අපි නම් කියන්නෙ "ආහාර වායු බවට පත්කිරීම " කියලා.

අරු said...

හා හා... ලමයි මරු

SN said...

ගිය අවුරුද්දේ මම තව යාලුවෝ ටිකක් එක්ක ගිය අපේ campus එක ගාවම තියෙන බාලාංශ පන්තියට ශිෂ්‍යත්වෙට උගන්න කියලා . 4-5 පොඩි ළමයි , ජිවිතේ ගොඩක්ම සතුටු උන කාලවලින් එකක් තමයි ඒක.

10 වසරට කලින් අවුරුදු වල ගුරුවරයෙක් /වරියක් කියන්නේ ගොඩක් පින්සිද්ද වෙන වැඩක් . මොකද ඒ ළමයිව එක විදියට පැය 6ක් තියාගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි .

ඉතින් පුළුවන් වෙලාවක අපේ පැත්තටත් ගොඩ වෙන්න “ මනස්ගාත සටහන් “ බලන්න , කියවන්න , විදින්න

සර්කිට් හංදියේ මඩයා said...

හය හත වසර තමා විසේ වැඩි පණ්ඩිත රැල ඉන්නේ :D

හා පැටික්කි (MS) said...

හැක්..... වලිගෙ උස්සලා..... මරු වචනේ....

sanjaya nadeep said...

අපේ පොඩි කාලේ පොඩි වුන් වගේ නෙවෙයි දැන් ගොය්යලා ඇඩ්වාන්ස් . උන් දන්නවා උන්ට ඕන දේ ටීචර් ලවා කරගන්න තියන කාලය විනාඩි හතලිහ නෙවෙයි හතරක් වුනත්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...