..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, June 3, 2017

පොත් කියවන පෙම්වතා ට ලියූ කවි


පොත් කියවන පෙම්වතා ට ලියූ කවි
-----------------------



පොත් කියවන එයා ළඟින් මන් ඇල වෙනවා
එහෙට මෙහෙට මුකුළු පපා තරමක් දැවටෙනවා
කිසිත් නොදුටුවා වාගේ පිටු පෙරළෙනවා
කුමක් කරන්නද තුරුළුට මන් ගුලිවෙනවා



පොත මවනා ලෝකය තුළ මම තනිවෙනවා 
නුඹෙ උණුසුම බොළඳ තෙපුල් නෑසී යනවා
මා තුරුලෙම නින්දට ගිය නුඹ තනිවෙනවා
නළලත සිප ආදරයෙන් තුරුළට වෙනවා



පොත විතරයි මා ගැන නැහැ හිත යොමු වන්නේ
ඇයි ඔය හැටි පොත් වලටම නුඹ ගුලිවෙන්නේ
මාගෙන් වරදක් වූව ද නැහැ නොම දන්නේ
ආදරයේ අඩුවක් ඇයි මෙලෙස තියන්නේ



මා අාදරියේ මොනව ද නුඹ පවසන්නේ
නුඹ ගැන මා සිත ආදරෙ පිරිල තියෙන්නේ
පොත් කියවන මට නුඹ පොත් ගෙනැවිත් දුන්නේ
ඇයි දැන් මේ විදිහට නුඹ දොස් පවරන්නේ



මම ආසයි නුඹෙ ඇස් මා දෙසට තිබේ නම්
මම කියනා දේ නුඹ සවනතේ වැකේ නම්
නුඹ තුරුලේ උණුසුම මා වෙත ට පිදේ නම්
මා ඔය දෑතට මැදිවී නුඹට පිදේ නම්

පොත් කියවන පිටු අතරෙත් නුඹමයි ඉන්නේ
මා මින්පසු නැහැ එහෙනම් පොත් කියවන්නේ
නුඹ දෑතට අරගෙන මම නුඹ කියවන්නම්
නුඹේ තොලට තොල තියලා සුවඳ විඳින්නම්



ඕනේ නැහැ පොතට තිතක් තියල තියන්න
ඕනි තරම් වෙලා අරන් පොත් කියවන්න
මට පුළුවන් දිනක් උනත් නුඹ ළඟ දැවටෙන්න
පොත් කියවන නුඹට කෝපි හදල ගෙනෙන්න


හරි පුදුමයි ගෑණු න් මට මේ ලොව ඉන්න
කියනා දේ ඉල්ලන දේ බෑ දැන ගන්න
පොත් දහසක් කියවූවත් තේරුම් ගන්න
බැරිම එකම සුන්දර වස්තුව ළඟ ඉන්න
යන්න එපා , පොතක් වගේ මගෙ ළඟ ඉන්න

පොතක් වෙලා ඔයා ළඟ ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

4 ප්‍රතිචාර:

අරු said...

පොතක් නම් කියවලා තේරුම් ගන්න පුලුවන් වෙන්න එපැයි.. මේ කවි සිතුවිල්ල ලස්සනයි...

Dhammika Nishshanka said...

පෙම්වතිය ඉතින් රසවත් පොතක් වගේ තමයි. අද කියවනකොට තියන ගතිය නෙවෙයි හෙට

Mahesh Rathnayake said...

මං එකක්එක්ක සැට්ටෙලා හිටිය. එයැයි කැමතිත්නෑ පොත් කියවන එකට
හරි නරකයි මියා
හිහි

Sazzad Sunyiad said...

Nice post keep it up
http://techtrozan.ga

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...