..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, May 7, 2017

වෙසක් ෂොපින්

වෙසක් ෂොපින්
ඇඳුම් කඩවල් වල ඉස්සරහම ඉදන් කිසිම වෙනසක් නැතිව හැමදාම මගෙ දිහා “හැඟීම් විරහිත මුහුණින් “ බලා ඉන්න එයාල හැමෝම සුදු ඇඳුමට මාරු වෙලා.
පිරිමි , ගැහැණු විතරක් නෙමේ , ඒ පුංචි ඩමි පැටියත් පුංචි ලස්සන සුදු සරොමකට මාරු වෙලා , ගැහැණු ඩමියෙ අත අල්ලන් වගේ හිටියෙ සෙනඟ අස්සෙ මඟෑරුනොත් පාර හොයා ගන්න බැරි වෙයි කියල වගේ.
කඩේ ඇතුලෙ ඒ හැටිම සෙනඟක් නැති වුනත් සැලකිය යුතු තරමේ සෙනඟක් හිටියෙ නැත්තෙමත් නෑ. ඇස් කඩන් යන පාට පාට බ්ලවුස් වෙනුවට හැම හැගර් එහෙකම දැවටිලා තිබ්බෙ නානාප්‍රකාර සුදු බ්ලවුස්. ඔක්කොම පැහැයෙන් සුදු වුනත් , ඒ හැමේකටම ආවේනික මෝස්තරයක් තිබ්බා.
සුදු දිග සායවල් හරිම විනීත තැන්පත් විදිහට හැගර්ස් වල දැවටිලා බලා ඉද්දි , ඊට කලින් මාසෙ ඒ තැන රජකරපු පාට පාට කොට සායවල් ටික සාප්පුවෙ මුල්ලකට වෙලා ලැජ්ජාවෙන් බිම බලාන හිටියා.
පිරිමි ඇඳුම් තිබ්බ මහලත් සුදු කමිස , සුදු ටීෂර්ට් වලින් පිරිලා තිබ්බ. වෙනේකක් තියා ඒ තරම් සුදු සරොම් ගොඩක් මම මීට කලින් දැකල තිබ්බෙත් නෑ.
ඇත්තටම මම ගියේ සුදු ඇඳුමක් ගන්න නෙමේ වුනත් කවුරු කවුරුත් බුද්ධාලම්භන ප්‍රීතියට මුහුණ දෙන්න අලුත් සුදු ඇඳුම් ගනිද්දි මට විතරක් මේ විදිහට පරණ පාට ඇඳුමෙන් සැරසිලා වෙසක් පෝය දවසෙ එළියට බහින්න බෑ නේද කියල හිතුන නිසා ලස්සන සුදු දිග සායකුයි ලස්සන සුදු හැට්ටයකුයි අර ගත්ත මට කඩෙන් එළියට බහිද්දි , පිටවීමේ දොර ළඟ සුදට සුදේ සුදු ඇඳුමින් සැරසිලා හිටිය පිරිමි ඩමිය , වම් ඇස වහල ඇසක් ගහල කට කොණකින් හිනා වුනා.

12 ප්‍රතිචාර:

Jeevana Fernando said...

වෙසක් ෂොපින් ....
එකත් නත්තල වගේ විකුනං කන්න පටන් අරං ද?

මද්දා said...

වෙසක් නෙමෙයි අලෝ "halloween" දැක්කෙ නැද්ද වෙස් මූහුනු

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

ඒක අද ඊයේ උන දෙයක්යැ...

මද්දා said...

වෙසක් නෙමෙයි අලෝ "halloween" දැක්කෙ නැද්ද වෙස් මූහුනු

sumudu chamikara said...

මේවා ඔක්කොම බිස්නස් ට්‍රික්ස් ..අපි නිකන්ම වෙළෙන්දන්ගේ ඉත්තෝ වෙලා

ලොකු පුතා said...

Mole kiyala ala gediyak thiyenawalu owwayen berenna...

ලොකු පුතා said...

Mole kiyala ala gediyak thiyenawalu owwayen berenna...

C.J. Vidanapathirana said...

එව්වා එහෙම තමයි දැං රෙදි කඩ නිකං පංසල් වගේ හැම තිස්සෙම පිරිත් දාලා තියෙන්නේ

Naleen Dilruksha said...

ඒ ඩමියා පෙනුනේ කවුරු වගේද හැබැටම ?

අරු said...

ඇත්ත තමා

Chandi said...

වෙසක් කූඩු වගේ තමයි .ලස්සනයි .

Ajith Dharma said...

ඔය පින්තුරේ ඉන් සුදු ඇඳන් ඉන්න ඩමී ටික හොයා ගත්තේ කොහෙන්ද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...