..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, May 20, 2017

චාමර ගෙ පන්ති රැස්වීම


චාමර ගෙ පන්ති රැස්වීම



ඊයේ චාමරගෙ පන්තියෙ “පන්ති කවය “ ඒ කියන්නේ පන්තියෙ ළමයිගෙ දෙමාපියන් සහ ගුරුවරුන් ගෙ හමුව. එතන දරුවනුත් ඉන්නවා. 

චාමරත් හොඳ ළමය වගේ අම්ම ළඟින්ම වාඩි වෙලා හිටියා. පන්තියෙ එක එක ළමය ගැන විස්තර කරන් යන ගමනෙදි චාමරගෙ වාරේ ආවා. 

චාමර ගැන චාමරගෙ ගුරුතුමිය පැහැදිලි කරල දුන්නා. ලකුණු නම් හොඳටම මදි කියලයි ගුරුතුමී කීවේ. ඒ වගේ දේවල් කියද්දි පන්තියෙ අනිත් ළමයි නම් ඇස් රතු කර ගන්නවා , බිම බලා ගන්නවා. ඒත් චාමර ගුරුතුමිය දිහා කෙළින් බලන් හිටියා. 

චාමරගෙ දඟ වැඩ ගැන කියද්දි චාමරගෙ අම්ම චාමරට හොඳටම රැවුවා.චාමර නෙමේ ඒ රැවිලි වලට සැලුනේ.චාමර ගැන ගුරුතුමියගෙ කරුණු දැක්වීම අවසන් වුනාම ඊළඟට උදා වුනේ චාමර ගෙ පාර්ශවයවෙ කරුණු දැක්වීමේ වාරය. 

 “ මොනා නැතත් අම්මේ , මේ අවුරුද්දෙ ටීචර් නම් හරිම හොඳයි “ කියල චාමර නිතර කියන බව අම්මා කීවා. චාමර ඉස්කෝලෙ වැඩ නම් මුකුත් ම කරන්නෙ නැති බවත් , ගෙදර ඉන්නේ චාමර සහ චාමරගෙ මව පමණක් බවත්, දළු කඩන්න සහ කුලී වැඩ කරන්න යන අම්ම උදේ ගියාම ආය ගෙදර එන්නේ රෑ වෙද්දි බවත්  ගුරුතුමීගෙ හරස්ඒ ප්‍රශ්න වලට පිළිතුරු විදිහට ඒ අම්මා කීවා.

චාමර වගේම ශරීරයෙන් බොහොම පුංචි , කලබලකාරී නමුත් කිසිම දෙයක් වැඩිය ගණන් නොගන්නා මුහුණක් ඒ අම්මටත් තිබ්බා. 

අන්තිමේදි රැස්වීම ඉවර වුනේ ළමයින්ට ගෙදරදි පොතක් හදල ඒ පොතේ ළමයි කරන දේවල් ලියල ගුරුතුමියට දන්වන පොරොන්දුවක් පිට. ඒ පොතේ ලියන්න ඕනි මව හෝ පියා හෝ භාරකාරයා. ඒක නම් විදුහල්පතිතුමාගේ අදහසක්. 

රැස්වීම ඉවරෙලා එකා එකා සමුගනිද්දි චාමරගෙ අම්ම තමා ගුරුතුමිය ළඟට අවසානයටම කිට්ටු වුනේ. චාමරගෙ අම්මට ඒ වෙද්දි මුහුණ පාන්න වෙලා තිබ්බ ලෝකෙ තිබ්බ ලොකුම ප්‍රශ්නය ට.


“ අනේ ටීචර් අර පොත හදන්න මට බෑනේ.මට හරියට අකුරු ලියන්නත් බෑ. දැන් මොකද ඒකට කරන්නේ ? “

“ චාමර ට දෙමු ලියන්න “

“ එහෙම බෑ නේ ටීචර්. එතකොට එයා අද ගෙදර වැඩ කරේ නෑ කියනෙකට .අද ගෙදර වැඩ කරා කියල බොරු ලියාගෙන ඒවි“

ඒ වෙද්දි ලෝකෙ ලොකුම ප්‍රශ්නය  චාමරගෙ අම්මගෙන් , චාමරගෙ ගුරුතුමිය වෙත මාරු වෙලා තිබ්බා. 

චාමරගෙ පන්තියෙ ඉන්නවා දෙමළ ළමයි හතරක්. එයින් එක්කෙනයි කෝවිල් විතරක් යන්නේ. අනිත් තුන්දෙනාගෙන් දෙන්නෙක් පන්සල් යනවා. එක්කෙනෙක් කෝවිල් සහ පන්සල් දෙකටම යනවා.ඒ හතර දෙනාම පහුගිය වෙසක් පෝයට ඉස්කෝලෙන් පවත්වපු ශීල සමාදාන ව්‍යාපාරයට බොහොම කැමැත්තෙන් සම්බන්ධ වෙලා හරිම හොඳ උපාසක මහත්තරු වෙලා හිටියා ගුරුතුමීට මතකයි.

ඒ වගේම චාමරගෙ පන්තියෙ ඉන්න ළමයින්ගෙ අම්මල තුන්දෙනෙක්ටම අකුරු කියවන්න ලියන්න බෑ. තමන්ගෙ අම්ම වෙනුවෙන් දෙමාපිය පැමිණීම සටහන් කරන කොළේ අත්සන තියන්න වුනේ දරුවන්ට. 

තව සමහර දරුවන් ගෙ අම්මල රැස්වීමට එන බව දරුවන්ට කියල තිබ්බත් රැස්වීම ඉවරවෙනකනුත් ඉස්කෝලෙ පැත්ත පලාතේ නම් ආවෙ නෑ.

තවත් ගැහැණු ළමයෙක්ගෙ ගෙදරින් එන්න ඒ ළමයට අම්ම කෙනෙක් හිටියෙ නෑ.තාත්ත කෙනෙකුත් නෑ. මොකද ඒ ළමයගෙ අම්මයි තාත්තයි දැන් වෙනත් පවුල් දෙකක අම්මල තාත්තල වෙලා.

මේ ඔක්කම දේවල් එක්ක පන්ති රැස්වීම ඉවර කරපු චාමරගෙ පන්තියෙ ටීචර් ශ්‍රමදානයට ලක ලෑස්ති වුනා.ඒ ගැන නම් ගුරුතුමීට බයක් නැත්තේ කැත්තෙ උදැල්ලෙ වැඩ වලට ළමයි වගේම ළමයින්ගෙ දෙමාපියනුත් දස්සයින් කියල දන්න නිසා.කෘෂිකර්ම කාමරේ දොර ඇරපු ගුරුතුමී හැමෝටම උදළු පිහි කැති ගන්න ඉඩ දුන්නා.සුද්ද කරන්න වෙන් වෙලා තියන තැන පෙන්වන්න චාමරට බාර කරා.

රැස්වීමෙන් පස්සෙ ශ්‍රමදානය කරන්න උදැල්ලත් අරන් යන අම්මට ඉස්සරහින් හරිම සතුටින් සැහැල්ලුවෙන් චාමර යන විදිහ දිහා බලා හිටිය චාමරගෙ ටීචර්ට දැනුනෙ තමන්ට හෙල්ලෙන්නවත් බැරි විදිහට පොළවට බරක් වෙලා බව විතරයි...

17 ප්‍රතිචාර:

Chandi said...

හරිම සන්වේදී සටහනක්. මේ වගෙ කොච්චර වත් දරුවො ඉන්න වා ද ? මගෙ හිතත් හොදටම බර උනා.

බට්ටා said...

චාමර නිදහස් ළමයෙක්

ශෂී said...

අපි තාම ලංකාව ගැන දන්නෙ නෑ කියල මට හිතුන

කල්‍යාණ මිත්‍ර said...

එල්ස්.. විඳවීම වෙනුවට ජීවිතේ විඳින කොල්ලෙක් :)

ගස් ලබ්බ said...

කොල්ල දක්සයා... පින පෑදුනොත් ලොකුම තැනකට යන්න පුළුවන්.
වැඩේ තියෙන්නෙ බුකි විශාරදයො බහුතරයක් හිතාගෙන ඉන්නෙ මේ වගේ සමාජ තත්ව තියෙන්නෙ පරිකල්පන කලාපයේ විතරක් කියලනෙ
ජයවේවා..!!

Anith kona said...

මට මේ සටහන කියවලා ලොකු දුකක් දැනුනා. අපිට හමුවෙන්නෙම චාමරගේ අම්මා වගේ ඉස්කෝලේ අත ඇරුණු අම්මලා. දරුවොන්ට පාඩමක් පොතක් කියා දෙන්න ගෙදරදී මේ අම්මලට බැහැනේ. ඉතින් ටීචර් ඔයාලගෙ සරණ විතරයි අධ්‍යාපනය අතින් නම්

ඉයන් said...

සාර්ථක ව්‍යාපාරිකයො බිහිවෙන්නේ මේ වගේ චරිත වලින්.අනික් වුන් උපාධි ගහගෙන අනුන් ගාව රස්සාවල් වලට යනකොට, තව කීප දෙනෙකුට රස්සාවල් දීගෙන තමන්ගෙ ස්වාමියා තමාම වෙන්නෙ මේ වගේ අය.

පත්තර මල්ලි said...

ඌ ඇවිල්ලා සුපිරිම ඩයල් එකක් මිස්..එකෙන්ම.

Lalith perera said...

********

හංසි(swan) said...

චාමර වගේ ළමයි අපේ පන්තිවලත් හිටිය ...

෴සොඳුරු සිත෴ said...

බොහොම ඉස්තුති සියළු දෙනාටම. සංවේදි මිනිසුන් සිටීම සතුටට කරුණක්.

sumudu chamikara said...

නියමයි ...අපිත් ඉතින් චාමර වගේ තමයි

Pathmakumara Jayasingha said...


ටිචට තියෙනවා වැඩක් . ඒ තමයි දෙමව්පියන්ට රෑ පන්තියක් පවත්වා අකුරු උගැන්වීම. ඔන්න කරනවා නම් පිං.....!!!

Naleen Dilruksha said...

ගුරවර අද්දැකීම් රටකට මහත් සේ වටිනවා. මා හිතනවා බුද්ධිමත් ගුරුවරු චාමරව නිවැරදිම මාවත පැත්ත තෝරගන්න උදව් කරාවි කියලා. අකුරු සාස්තරේ මත්තේම නොනැසී චාමරට වඩාත් ගැලපෙන අනාගතයේ නිසි තැනකට යා හැකි තව විකල්ප මාර්ග බොහෝ සෙයින් ඇති. ඒ වගේම චාමර වඩාත් රුචි කරන අංශත් ඇති. අන්න ඒ නිවැරදි මාර්ගයකට ඔහු යොමු කීරිම වඩාත්ම වැදගත් වේවි නේද? අධ්‍යාපන මනෝවිධ්‍යාව හදාරපු ගුරුවරු හැටියට මේ ලියුම් කාරිනියට ඒ කටයුත්ත කරන්න හැකි වේවි වගේම දවසක චාමර දිහා බලා සතුටු වෙන්නත් හැකි වේවි.

C.J. Vidanapathirana said...

ජ ය වේ වා !!!! චාමර...

අරු said...

හොඳ ලියවිල්ලක්... ඔබේ සිත නම් සොඳුරුයි තමා

kawindu jayasinghe said...

මට එක සැරයක් අම්මා ලියුමක් ලියලා දුන්නා හොඳ ලස්සන රවුම් අකුරෙන් පුතා ඉස්කොලේට ආවේ නැත්තේ "අසණීපයෙන් පසුවූ බැවිණි " කියලා. ටීචර් කියන්න ගත්තා ඔයා නේද මේක ලිව්වෙ අම්මා වගේ කියලා.. කොච්චර කිව්වත් විශ්වාශ කලේ නෑ ඒ අමගුඑ අත් අකුරු කියලා ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...