..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 2, 2017

බොඩිය හැඩවෙන්න , මොළය වැඩි වෙන්න ,යන්න ඕනි තැන මෙන්න

බොඩිය හැඩවෙන්න , මොළය වැඩි වෙන්න ,යන්න ඕනි තැන මෙන්න
For body beautiful , 
For mind impressive 
The place to go 
Is none other than this
-------------------------




හැටේ පොල් ගෙඩිය වගේ අත් ගොබ  හදාගත්තට ,  අටේ අලගෙඩිය තරම් මොළේ කලදක් නැති කොල්ලො රිංගන තැන තමා ජිම්මෙක.

අතේ තියන පිච්චියත් නැති කරගෙන නිච්චියක් නැති ලෙඩ හදා ගන්න තැනක් තමා ජිම්මෙක.

මසට හදන බොයිලර් කුකුල්ලු වගේ ඔහේ හැදිලා , වේලාසන මැරිල යන්න රිංගන තැනක් තමා ජිම්මෙක.

ගොඩක් අය ජිම්යන අය ගැන වගේම ජිම් එකට රිංගල කාලය ගත කරන කොල්ලන් ගැන හිතන්නෙ එහෙමයි. වෙනේකක් තියා මාත් හිතුවෙ එහෙමයි.

ඒත් , කායවර්ධනය කියන්නේ අපි හිතන තරමින් ගොඩාක් එහාට විහිදිලා ගියපු නොසිතූ විදිහෙ වාසි රැසක් ලබා දෙන ක්‍රියාවලියක් කියල හරියටම දැන ගත්තෙ ඊයේ.

කොටින්ම කාය වර්ධන ඉතිහාසය ග්‍රීක-රෝම යුගයට ම දුරයි. මනස සහ කය අතර බැදීම තරමටම ළඟ යි. මනස ගැන ලොකු සංවාදයක් ඇති වුනු ග්‍රීක යුගයේ දී මනස හා බැදුන ශරීරය ත් එයාල අමතක කරේ නැහැ. ඔලිම්පික් වගේ ශරීරය හා බැදුන දේවල් ඉස්මතු වෙලා ආවෙ ඒකයි. කොටින්ම නිරෝගී ශරීරය සහ සමතුලිත මනස අතර සම්බන්ධය එයාල දැනන් ඉදල තියනවා.

නමුත්  වර්තමානය වෙද්දි , කාය වර්ධනය බොහෝ දෙනා සලකන්නේ මනසේ පාලනයට යටත් නොවන ශරීර වර්ධනයක් කියලා. 

කොටින්ම සමහරු හිතනවා ශරීරය ඒ විදිහට වර්ධනය වෙද්දි මනස කුඩා වෙලා නැති වෙලා යනවා කියලා. පුරුශ ශක්තිය හීන වෙනවා කියලා. 

ඒත් ඇත්තටම වෙන්නේ කායවර්ධනය සඳහා යොදා ගන්නා ක්‍රමවත් ක්‍රියාපිළිවල නිසා වර්ධනය වන ශරිරයත් එක්කම මනසේ ක්‍රියාවලියත් ඵලදායි ලෙස වැඩිවීම. 



කොටින්ම කියනව නම් නිකම් තියන අපේ මනස කායවර්ධන ක්‍රියාවලිය නිසා මනසේ වැඩකට ගන්නැතිව තිබ්බ තැන් ක්ලියර් වෙලා මනසේ ධාරිතාවය වැඩිවීම.

කොහොම ද එහෙම වෙන්නේ ,?

  • සිගරට් බොන අයට සිගරට් එකක් බීවම ඇඟට එන Kick එක එයාල දන්නව ඇති. ඒක බොහොම තාවකාලික වගේම අයහපත් kick එකක් වුනත් කායවර්ධන මධ්‍යස්ථානයකට ගිහින් ගන්න kick එක නිවරදිව මේන්ටේන් කරගෙන ගියොත් ඒ කික් එක ඇගට විතරක් නෙමේ මනසටත් දැනෙනවා.
ඒක හරියට අැගේ තියන සතුට දනවන හෝමෝනය ස්‍රාවය කරවන වැඩක් වගේ. ඒ කියන්නේ මිනිස් ශරීරයේ තියන endocrine  system එක (අන්තරාසර්ග පද්ධතිය) හෝමෝන ස්‍රාවය නිසි පරිදි සිදු වීමටත් මේ ජිම් යන වැඩේ වැදගත් වෙනවා. Life එකට හොඳ  kick  එකක් ලැබෙනවා.
  • එක එක අය කායවර්ධන මධ්‍යස්ථාන වලට එන්නේ එකම අරමුණකින් නෙමෙයි. නමුත් අරමුණ මොනා වුනත් කය සහ මනස අතර මනා සම්බන්ධයක් නැති වුනොත් කායවර්ධන මධ්‍යස්ථානයකට එන එක තේරුමක් නැති වැඩක් වෙන්න පුලුවන්.
  • මොකද කියනව නම් මනස සහ කය අතර සිද්ධ වෙන භාවනක් වගේ තමා මේ කායවර්ධන ව්‍යායාම. උදාහරණයක් ගත්තොත් biceps muscle ( බාහුවෙහි මස්ගොබය ) වර්ධනය වැඩි කර ගන්න නම් ඒ බාහුවේ සංකෝචන සහ ඉහිල් වීම් වලට කරන ව්‍යායාමය ඔහේ කරනවට වඩා ඒ ගැන අවධානයෙන් ව්‍යායාමය සිදු කිරීමෙන් ඒ biceps muscle වල වර්ධනය වැඩි කර ගැනීම වේගවත් කර ගන්න පුලුවන්.

  • අද රටේ මිනිස්සු අතර නැතිම දෙයක් තමා “ස්වයංවිනය“ (self discipline ). බොඩි බිල්ඩින් වලට ජිම් රිංගන කොල්ලන්ට කොහෙද විනයක් ? 
එහෙම හිතුවට , කායවර්ධන මධ්‍යස්ථානයකට ආවට ගියාට යන්න බෑ.ඒ වගේම ඒ වර්ක්අවුට් හිතුමතේ කරන්නත් බෑ. ඒකට තියෙන්න ඕනි “විනයක්“ . කොටින්ම විනයක් හදා ගන්න බැරි කෙනෙක් කායවර්ධන මධ්‍යස්ථානයකට රිංගන එක තේරුමක් නැති වැඩක්.


  • ජීවිතයට සැනසීමක් එක්ක එදිනෙදා වැඩ වලට හිත යොමු කරන්න , හිත එක් තැන් කර ගන්න පහසුවක් ලැබෙනවා.එහෙම වෙන්නේ ජිම් යනේක හිතුමතේ කරන්න බැරි දෙයක් නිසා. වෙලාවට කලාවට ජිම් යන්න වුනාම , ඒ සඳහා සූදානම් වීමත් ඒ සඳහා පිළිවලට යන්න වෙනේකත් නිසා අරමුණක් නොමැති ජීවිතයකට සැනසීමක් නිරායාසයෙන්ම ලැබෙනවා. ඒ වගේම තමා කෙනෙක්ට යම් ගැටළුවකට විසඳුම නොපෙනෙන තරම් දුරක නම් , තමාගේම බුබුලක් ඇතුලට වෙලා ජීවත් වෙන්න කියාපු තැන තමා ජිම්මෙක'

  • මෙන්න මේක තමා හොඳම කතාව වයසට යන වේගය අඩු කර ගන්නත් මේ කාය වර්ධන ව්‍යායාම බලපානව. ඒවට කියන්නේ High Intensity Interval Training කියලා. ඒකෙ දි වෙන්නේ වයසට යමින් තිබෙන අපේ මනස සහ ශරීරයට තව තවත් දරා ගැනීමේ හැකියාව වැඩි කරල දෙනේක.එතකොට අපට පුලුවන් වෙනවා අපේ සැඟවිලා ප්‍ර යෝජනයට නොගෙන තිබුන කොටස් වලිනුත්  වැඩක් ගන්න පුලුවන් වෙන නිසා උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්න , වයසට යද්දිත් කොල්ලෙක් වගේ ඉන්න. තමන් ආස දේවල් කරන්න. කඳු නඟින්න, තනියෙන් ඇවිදින්න යන්න, මේ ඔක්කටම වඩා සතුටින් ඉන්න.....


ඉතින් මෙකී නොකී වාසි ගොඩක් අස්සේ මේ ක්ෂේත්‍රය අභාවයට යන්න හේතු වෙන කාරණාත් නැතිවම නෙමෙයි.


ඉන් එකක් තමයි තහනම් උත්තේජක. සමහර ගැටවුන්ට ඕනි වෙනවා ක්‍රමාණුකූලව , පිළිවළට පියවරෙන් පියවර ගිහින් විනයානුකූලව හැඩකර ගන්නා ශරීරයක් ලබා ගන්නා වෙනුවට , ක්ෂනික  බොඩියකට යන්න. අන්න එහෙම අය කරන දෙයක් තමා තහනම් උත්තේජක භාවිතය . අනේ ඉතින් එතන දි නම් බොයිලර් කුකුල වගේ ඉන්න ලැබෙන්නෙ බොහොම ටික කාලයයි. ඊට පස්සේ මුළූ ශරිරයම අභාවයට යන්න පටන් ගන්නවා.

අනිත් කාරණාව තමා සප්ලිමන්ට් භාවිතය. සප්ලිමන්ට් ලබා ගත යුතුමයි කියල නීතියක් නැහැ වගේම ඒවා බොහොම මිල අධික ද්‍රව්‍යය. රගර් ක්‍රීඩකයින් , වෘත්තීමය බොඩි බිල්ඩර්ස්ලා මේවා භාවිතා කරාට කිසිම ගැටළුවක් නැත්තේ එයාලගේ ඉපයීම ඒ මත රැදිල තියන නිසා.
නමුත් ශරීර සෞඛ්‍ය සඳහා සහ විනෝදය සඳහා මේවා කරන අයට සප්ලිමන්ට් ලබා ගත යුතුමයි කියල නිතියක් නැති බවයි කියවෙන්නේ.

තවත් කිය යුතු දේ බොහෝමයක් තිබුනත් , දැනට මේ ඇති. ඉතින් කාය වර්ධනය ගැන ඔබේ හිතෙත් තිබ්බ දුර්මත නැති වෙන්නත් , කාය වර්ධනය තමන්ගේ ශරිරයේ සහ මනසේ වර්ධනයට මිසක වැරදි පාරවල් වල ගොස් ශරීරයෙන් සහ මනසින් පිරිහුනු කෙනෙක් නොවෙන්නත් මේ ලිපිය පුංචි හරි හේතුවක් වුනා නම් එයයි මගේ සතුට.


----------------------------------------------

ප/ලි - විශේෂ ස්තුතිය මගේ හිත මිතුරු තරිඳු ට 

8 ප්‍රතිචාර:

ශෂී said...

මෙයා කායවර්ධන උපදේශිකාවක් වෙලාවත්ද ?

රතීගේ දිනපොත said...

ඔහෙ යනවට ජිම් ගියා මිසක් මමවත් දැනන් හිටියේ නෑ ඔච්චර කරුණු.... :)

ගස් ලබ්බ said...

ජිම දාන්න.. එහෙම නැත්තන් යකඩ කන්න.. එහෙම නැත්තන් සල්ලි දීල බර කර ගහන්න කිව්වට ඒකෙත් දෙයක් තියනවා වගේ.හැබැයි හොඳ ම කෝච් කෙනෙක් නැතුව ජිම්පන්ති සෙල්ලම කලා කියන්නෙ ඌ අහකටම ලෙඩෙක් වෙනවා.ඒ නිසා කල්පනාවෙන් කොරන එක කෝකටත් හොඳා.
ජයවේවා..!!

Naleen Dilruksha said...

ආනෝල්ඩ් ස්වාසනේගර් එදා හා අද පින්තුරයක් බලන්න. කායවර්ධනයේ එක්කම බහුජාතික සමාගම්වල හයි ප්‍රෝටින විකුණන ජාවාරමක් යනවා. කායවර්ධනයට යොදවන කාලය ජවන හා පිටිය ක්‍රීඩාවකට උපදේශකයෙක් යටතේ යොමු වුණානම් ඔහු ඇග පිම්බුණු නොවේ හැබැ ශක්තිවන්තයෙක් වෙනවා. ආධ්‍යාත්මික සුවය නම් ලැබෙයි. කෙටි කාලිනව.

C.J. Vidanapathirana said...

ලඟ පාත ජිම් එකක් නැතෙයි??

ආචාර්ය Weerakoon said...

++++++++++++++++++++++++++++++++++++

sumudu chamikara said...

කාලයක් මමත් ගියා බද බස්ස ගන්න ජිම් ..වැඩේ හරි ගියාම නතර කලා ..දැන් ආයි යන්න ඕනේ ..අන්න එකත් ජිම් යන්න කලින් මතක තියාගෙන යන්න ඕනේ..නවත්වනවානම් ක්‍රමානුකූලව නතර කරන්න ..එතකොට ඔය වගේ අවුල් වෙන්නේ නෑනේ

Pathum Herath said...

මම ඒ දවස් වල ඔය ගෑනු හුටපටෙකට මල පැනල ගියා ජිම් එකට.. සිරාවට මේකේ කියල තියෙන කතාව හරි [ඒ වගේම තමා කෙනෙක්ට යම් ගැටළුවකට විසඳුම නොපෙනෙන තරම් දුරක නම් , තමාගේම බුබුලක් ඇතුලට වෙලා ජීවත් වෙන්න කියාපු තැන තමා ජිම්මෙක'] ඔන්න ඔහොම මම ගිහින් හිටියා.. හැබැයි මාස 3ක් විතර යද්දී ප්‍රශ්නේ විසදුනා.. ඊට පස්සේ ජිම් එකක් පැත්ත පළාතේ ගියේ නෑ.. හෙහ් හෙහ්.. දැන් නියම b ෂේප් එකට ඉන්නවා..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...