වැරදි ගේට්ටු ව - The wrong Gate
--------------------------------------------
එකාමාර කියන්නේ සතුට උතුරා යන වෙලාවක්. මොකද කියනව නම් “ඉස්කෝලෙ අරින වෙලාව “
හරිම කලබල වෙලාවක්.
අන්තිම කාලච්ෙඡේදයේ වැඩ නම් ඒ කලබල ගතිය වැඩි වෙනවා. ගාථා කියන්න, ළමයින්ට ගෙදර වැඩ දෙන්න. හෙට තියන දේවල් මතක් කරන්න , ලැබ්බෙක වහන්න. වැඩ ගොඩායි.
ඒ කලබලය මැද්දෙන් පිටවීම අත්සන් කරල පාරට ඇවිත් බස් එකක් දඩයම් කරන්න මාන බල බල ඉද්දි බෑග්ගෙක ඇතුලෙ මුළු ලෝකෙම දෙදරන සද්දයක්.
ඔක්කම අඩුම කුඩුම ඔබාන ආපු බෑග්ගෙකෙ දෙදරිල් එන තැන හොයා ගන්නත් අමාරුයි. යන්තම් දෙදරිල්ල ආපු ජංගම දුරකතනය කට් කරන්න හිතුනෙ නැත්තේ “කාලෙකින් අමතන ආදරණීය නම්බරයක් “ නිසා.
“ මේ ඔයාගේ ඉස්කෝලෙ කොහෙද? අද ඉස්කෝලෙ ආවෙ නැද්ද “
“ ඇයි අහන්නේ ?“
“ නෑ අනේ මන් දැන් ගේට්ටුව ළඟ ඇස් දෙක කැඩෙනකම් බලා ඉදල ඉදල ඔයා නැති තැන තමා කෝල් කරේ “
“ ඉතින් වදේ.... මම මේ ඉස්කෝලෙ ඉද්දි ඔයා වෙන ඉස්කෝලෙක ගේට්ටුවක් ළඟ බලා ඉන්නවට මන් මක්ක කොරන්නෙයි ? “
සතුටයි....හිනාවයි.........උතුරනවා....................
ඒත් ඒ ආදරේ.......... පල දරනෙකක් නෑ..........
ඒ නිසා ඔයා හැමදාම ,ඔය ගේට්ටුව ළඟම මම එනකම් බලා ඉන්න..
7 ප්රතිචාර:
කවුද ෆේස් බුක් එකේ කියල තිබ්බ විදියට මාත් හිතුවේ ළමයා ගන්න වත් ගිහිං කියල.. එහෙනම් මොන මගුලකටද කෝල් කරන්නේ.. හුහ්.. මේවා දුරදිග යන වැඩ අප්පා.. :/
lassanayi
:D
ඒ ඉස්කෝලේ ගාව බලන් ඉඳලා, මේ ඉස්කෝලේ ගාවට එයි....එතකන් යන්න එපා.
ඒ ගේට්ටුවෙන් එන කෙනෙක් බලන්න ඇවිත්, හරියටම ඒ ගේට්ටුවේ ඔයා නෑ කියලා දැනගන්න දුන්න ඇමතුමක් එහෙම නෙවෙයි නේ?
මූනට නොකිය එහෙම කියපු එක කොච්චර එකක්ද. නැත්තං එයාට කොච්චර දුකක් දැනෙයිද..
ඒත් ඒ උනත්,
"ඒත් ඒ ආදරේ.......... පල දරනෙකක් නෑ.........." මෙහෙම කියනකොට බොහොම දුකක් ඇති වෙනව. දෙන්න ගැනම, ඒත්
මෙහෙම කියනකොට
"ඒ නිසා ඔයා හැමදාම ,ඔය ගේට්ටුව ළඟම මම එනකම් බලා ඉන්න.." තරහවක් ඇතිවෙනව ඔයා ගැන. ඇයි දන්නවද. ඒ කොල්ලෙකුට දුකක් දෙන හිංද. කෙලින්ම කියන්න බැරිද ඔයාට. අනේ මං ඔයාට කැමති නෑ කියල. එක්කො මං බැඳල ඉන්නෙ කියල. එහෙම වුණානම් ඒ කොල්ල වැරදි ගේට්ටුවක් ලග හැමදාම දුක් විඳින්නැති වෙයි...
එකෙත් හැටි
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.