..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 30, 2017

හෙට උදේම එන්න හොඳද / Please come early


හෙට උදේම එන්න හොඳද
Please come early
---------------------------------------


මා මැරුණොත් හෙට උදේම 
ඇවිත් යන්න එන්න
මගේ සිහින ලියපු මලක් 
ළඟින් තියල යන්න
කියූ රහස් වලින් එකක් 
සවනට මුමුණන්න
එතකොට මට පුළුවන් වෙයි
ඔබව අඳුර ගන්න

ඔබ එනකම් බලා ඉන්න
මම
෴ වත්සලා ෴

7 ප්‍රතිචාර:

ඉයන් said...

දානෙට විතරක් ආවොත් මදිද? බොන්නත් දෙයි නේද?

රන්වන් මකරා said...

++++++++++++++++++++++++++++++++

- ජය මා කාලී -

Mahesh Rathnayake said...

බෑ අප්පා... කමන් නෑ නේ නේ... :-D :-D
පොඩි වුණත් පොඩි කික් එකක් තියෙනව :-) :-)

කල්‍යාණ මිත්‍ර said...

හෙට නෙවෙයි.. අදම එන්න හිතයි අප්පා.. :)))

අරු said...

Plan කරලා funeral තියන්න. Leaves දෙන් නෑ අප්ෆා ජොබ් එකෙන්. කලින් කියලා leave ඉල්ල ගන්න පුලුවන්

Ravi said...

ආ..ඕකටද මේ එන්ඩ කියන්නෙ? ඒක මිසක්..මම හිතුවෙ අර උඹෙ දඩෝරි බලු දණ්ඩා නාව ගන්ට වත්දෝ මේ පාණිය දාල අඬගහන්නෙ කියල...

මට වයස දහයක් විතර කාලෙ අපේ ගෙවල් ලඟ හිටපු මගේ පේමවන්තියක් මට ඔහොම කලානෙ හතර පස් පාරක්...හෙහ්,හෙහ්,

Kumkum Bhagya said...

Gossip lanka exclusive hot news available here. Sri Lanka Latest gossip lanka News in Sinhala. Today gossip hot News and Newspapers updated.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...