..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 28, 2017

ෂැම්පේන් මතක

ෂැම්පේන් මතක

--------------------





ඒ ලස්සන බෝතලේ උඩ හරියෙ ඉදල අඟල් 3 ක් 4 ක් යනකම් තිබ්බේ ලස්සන දුඹුරු පාට කොළයකින් වැහිලා.


ඒ වගේ බෝතලයක් නිවරදිව විවෘත කරන හැටි මම නොදැන හිටියත් , ලැබුන උපදෙස් විදිහට කොළය ගලවල අයින් කරාම බෝතලය වසා තිබුන පොරොප්ප මූඩිය මතු වුනා. 

පොරොප්ප මූඩිය හෙවත් කිරල මූඩිය ත් නැවතත් ආවරණය වෙලා තිබ්බේ කම්බි රාමුවකින්.

පොරොප්ප මූඩිය උඩ මුදුනෙ ඉදල , ලස්සනට පහළට වැටිල තිබ්බ කම්බි රාමුවේ අන්තිම කොණ් දෙක එකට අල්ලල එක පැත්තකට කරකවල හිර කරල තිබ්බ නිසා මට තිබ්බේ ඒ කම්බි කොන් දෙක අල්ලල විරුද්ධ පැත්තට කරකවන්න විතරයි. 

කම්බි රාමුවත් පැන්නට පස්සේ මතු වුනේ අර ලස්සන පොරොප්ප මූඩිය. 

ඊළඟට තිබ්බෙ දහිරිය දාලා ඔය මූඩිය පන්නන්න. මූඩිය පැන්නුව ගමන් ආපු විශාල “පොප් “ ශබ්දෙට තව ඩිංගෙන් වම් අතේ තිබ්බ අර අපූරු බෝතලය බිම වැටෙනවා.

නොසිතූ වෙලාවක ආපු සැර ශබ්දය නිසා, මුහුණ බෝතලෙන් අහකට හැරවිලා ඇස් පියවිලා උරහිස් හැකිලිලා ගිහිල්ල තිබ්බත් , වම් අත තදින් බෝතලය ග්‍රහණය කරන් හිටියා.

මා ළඟ හිටි අනිකා ට මේ වෙච්චි සිදුවීම නිසා විනෝදයක් ලැබී තිබුන නමුත් ඔහුගේ මුහුණ බැලුවම මට හැඟී ගියේ මීට වඩා භයානක සිද්ධියක් බලාපොරොත්තුවෙන් ඔහු සිටින්නට ඇති බවයි.


“ මම හිතුවෙ බෝතලයට හරි තමා කියලා “

අනෙකා කීවේ හිනාව අතරින්.




විවෘත වුන බෝතලයේ කට දිහාව හොඳට බලපු මට දකුණු අතේ තියන පොරොප්ප මූඩිය කොහොම ඒ බෝතල් කටට සවි කරාද කියල හිතා ගන්න බැරි වුනේ මූඩියේ යට කොටස , බෝතලයේ කට කොටසට වඩා වඩාත් පළල්ව පුළුල්ව තියෙනවා දැකලයි. 

ඔයිට වඩා දේවල් , පුංචි පුංචි කටවල් වලින් ලෝකෙට ඇවිත් මේ ලෝකය ලස්සන කරද්දි මේ පුංචි වයින් බෝතලය ගැන පුදුම වෙන්න කාරණයකුත් නැහැ කියල මට ඊළඟට හිතුනා. 

බෝතල් කටට නාසය ළං කරපු මගේ මුහුණ හැකිලිලා ගියේ බෝතලය තුළින් ආපු ගඳට. ඒ ගඳ මට හුරු පුරුදු බවක් දැනුන නිසා මම මගේ මතකයේ අඩුක් කරල තිබ්බ සුවඳ ජාති එකින් එක එළියට අරන් අර සුවඳත් එක්ක ගලපල බලන්න හදද්දි . අනිත් සුවඳවල් පරයා ඉදිරියට ආවේ කලින් දැනිල තියන යීස්ට් සුවඳ.

“ චියර්ස් .............................“ 

වීදුරු එකට ගැටුනා. . . . චියර් කරාට පස්සෙ වීදුරුව බිමින් තියන සිරිතක් නෑ ලු.

ඉතින් ,

පළවෙනි වීදුරුව වදෙන් පොරෙන් සහ බලෙන් ද ,

දෙවෙනි වීදුරුව මදක් අදි මදියකින් ද ,

තෙවැනි වීදුරුව ඉල්ලීමකින් ද ලැබුනු අතර 

සිවුවැනි වීදුරුව අරභයා ඇති වූ ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප වූ බැවින්..... ෂැම්පේන් වල ඇඹුල් රස බැලීම කෙටි වීදුරු වාර ගණනකට සීමා වුනා.

ඒ අතර තුර විටින් විටේ නැගිටලා , සීරුවට ඇවිදල බැලුවේ “ මට වෙරි ද “ කියලා දැන ගන්න.

ඒත් ඒ අමුතු ගතිය , මම හිතාන හිටියට වඩා තරමක වෙනස් අත්දැකීමක් වුනා. 

සතුට දනවන , සැහැල්ලුව මතු කරන , හයියෙන් හිනා වෙලා සමරන්න පුලුවන් ඒ “ මද වෙරි ගතිය“ සංකීර්ණව , ගැටගහල තිබිච්චි ජීවිතේට ගෙනාවේ නොමද අස්වැසිල්ලක්.

විශ්වාසනීය මිතුරුදමත් , සැනසිලිදායක සුවයත් , ෂැම්පේන් සුවඳත් ජීවිතයේ අමතක නොවන තවත් මතකයක් වෙද්දි , යීස්ට් සුවඳට පෙම් බදින්න තවත් හොඳ හේතුවක් මට ඉතිරි කරල දීලා තිබ්බා.

----------------------------------------------------------------------

Disclaimer : - මෙහි ඇති සියල්ල මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න. පරිකල්පනයක් පමණි.

-----------------------------------------------------------------------


“There comes a time in every woman's life when the only thing that helps is a glass of champagne.” 


9 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

මැදුරු තැණුනු අගනුවරේ නෙලුම් පෙතී
අඳුරු නොවුණු සුන්දර රෑ සුවඳ දෙතී
සොඳුරු සිතට ජය සුපැතුම් මෙසේ දෙතී
සොඳුරු සිතට ඇමතීමට ලැබුණෙ නැතී.......

සොඳුරු සිත දැක්කත් කතා කරන්න වෙලාවක් ලැබුණේ නෑ නොවැ. ඊළඟ වතාවේ එන්න ලැබුණොත් අල්ලගන්නවා, කතාවට.

ජයවේවා!!!

කඩයිමේ ධනුවා said...

ෂැම්පේන් ඇඹුල්ද?? බීලා නෑනේ :D :D
ජයවේවා !!!

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

+++++

ඉයන් said...

මද පමණට ගන්න කියල බණෙත් තියෙනවානෙ

ගස් ලබ්බ said...

දවසක් ලැබුනු ශැම්පේන් බෝතලයක් පෙරුම් පුරලා පුරලා විවෘත්ත කරපු හැටි මතක් උනා...
එලියෙ පොද වැස්සක් යන වෙලාවක බීර බිඳක් ආමාශයේ තියනකොට මේ වගේ පෝස්ට් කියවන එකේ අමුතු ලල් එකක් තියනවා බොලේ..
ජයවේවා..!!

Pra Jay said...

Cheers!

Asanka Sumedha Amarasingha said...

කතාව අපූරුයි.. අර පුංචි තැන් වලින් ඔයිට වඩා ලොකු ඒව එන කතාවෙ ගැඹුර සරලව නමුත් විනෝදය මුසුව ලිවීම අපූරුයි....

Indranatha Thenuwara said...

මනහ්කල්පිත උනාට පිළිවෙලට ලියල තියෙනවා.
මේ අපට වඩා හොඳට...!

ලිඛිතා said...

@Indranatha: කෝ 'මගේ කතාව'?
අපි තාම මගුල් ගෙදරට වෙලා ඉන්නවා. අසාධාරණයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...