පුංචිත්තාගේ ගැලවුම්කාරිය
ගෙවල් ගාව ඉදල තවත් ගෙවල් දෙකක් විතර දුරින් තියන ගෙදර තමා ගමටම තිබ්බ දුප්පත්ම ගෙදර වෙලා තිබ්බේ.
ඒත් දැන් ඒ ගෙදර උළු වහලක් , සිමෙන්ති පොළවක් තියන ලස්සන පුංචි ගෙදරක්. පුංචි පුංචි ළමයි ගොඩාක් ඉන්න ඒ ගෙදර , ලස්සන සුදු පුංචි පිරිමි ළමෙක් ඉන්නවා. එයා තමා ඒ ගෙදර ඉන්න දෙවෙනියට වයසින් වැඩි දරුවා. පළවෙනිය ඉන්නෙ ගමේ පන්සලේ නතර වෙලා ඇබිත්තිය වෙලා. එයාට ඕනි මහන වෙන්නලු.
ඒ ගෙදර ප්‍රධානියා ගේ ආදායම් මාර්ගය වුනේ එදිනෙදා කුලියක් මලියක් කරනෙක. එයැයිගෙ හාමිනේ රස්සාවක් කලේ නැහැ. ඒ ගෙදර හිටපු ලස්සන සුදු දූ එකොළහෙ විභාගෙ ලියන්න කලින්ම හොරෙන් ගිහින් හදා ගත්ත ලස්සන දරුව තමා දැන් ඒ ගෙදර ඉන්න ලොකු දරුවා, එහෙමත් නැතිනම් මේ කතාවේ ප්‍රධාන චරිතය තමා ඒ. මොන නැති බැරිකම තිබ්බත් මේ ගෙදර අය ඉන්නෙ නම් හරිම සතුටින්.අපෙ අම්ම නම් කියන්නේ ගමේ කාටත් වඩා හොඳට කාල බීලා ඉන්නේ ඒ ගෙදර අය කියලයි.
ගමේ කිසිම කෙනෙක්ට කරදරයක් නොවෙන්න ජීවත් වෙන ඒ ගෙදර අයගෙන් ලොකුම කරදරේ තිබ්බෙ මට .
ගමේ කිසිම කෙනෙක්ට කරදරයක් නොවෙන්න ජීවත් වෙන ඒ ගෙදර අයගෙන් ලොකුම කරදරේ තිබ්බෙ මට .
ඒ ගෙදර හිටපු ළමයි අඩු වයසින්ම දෙමාපියන් වෙච්චි නිසා , ඒ ගෙදරට අඩි කීපයක් දුරින් පුංචි ගෙවල් දෙකක් තැනෙමින් තියනවා. කාමරයක් කුස්සියක් හා පුංචි සාලයක් තමා එයාලගෙ ලොකුම පැතුම.
ඔය ගෙදර ඉන්න ලස්සන සුදු පිරිමි ළමයා ඉන්නේ තුනේ පන්තියේ.එයා හිතන් ඉන්නේ මම මේ ලෝකෙ තියන හැමදේම දන්නවා කියලා. එයා එහෙම හිතන්න ගත්තේ මම ටීචර් කෙනෙක් කියලා දැන ගත්ත මොහොතෙ පටන් ලු.
පහු ගිය නිවාඩුවට එයාට දීලා තිබ්බා කුරුලු පිහාටු එකතු කරල ලස්සන කුරුලු පොතක් හදන් එන්න කියලා ඉස්කෝලෙ ගෙදර වැඩක්. වැඩේ පටන් ගත්තෙ ඕන්න ඔතනින් තමා.
ඉස්කොල නිවාඩුව ඉවරෙන්න ළං වෙලා තිබ්බි දවසක එයාලගෙ අම්මා , එයත් එක්ක අපේ ගෙදර වැට ළඟට ඇවිත් මට කතා කරා.පිහාටු ගොඩක් එකතු කරල තියෙන බවත් , කුරුල්ලො ගැන ලියා ගන්න බැරි බවත් මාත් එක්ක කීවා. එතකොට මට මතක් වුනා මා ළඟ තියන “ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ “ පොත. ඒ පොත ඇත්තටම මටත් ලැබුන තෑග්ගක්.
අම්මටයි පුතාටයි කතා කරපු මම ඒ පොත හොයන් ඇවිත් , පින්තූර පෙන්නල ලියන්න ඕනි විදිහ කියල දුන්නා. පොතේ පින්තූර බලන්න ඕනි කියපු නිසා පොත ටික දවසක් තියන් ඉදල මට ගෙනත් දෙන්න කියලා පොතත් එයාලට දුන්නා. වැඩේ කියන්නේ “හොඳම කුරුළු පොතට “ තේරිලා තිබ්බෙ මේ පුංචි කොල්ල හදපු පොත.
දැන් මේ පුංචි කොල්ලා වැට ළඟට එන්නෙ තනියෙන්. “ නැන්දේ “ කියල කතා කරද්දිම මම දැන ගන්නවා ඉස්කෝලෙ ගෙදර වැඩක් වැට ළඟට ඇවිත් කියලා.
ඒ ගේන සමහර ගැටළු නම් තුනේ ළමෙක්ට කොහොම වුනත් මටත් හරි අමාරුයි.
හෙට සඳුද නිසා ඉරිදා හවස වෙච්චි අදත් වැට අද්දරින් ඇහුනේ “ නැන්දේ “ කියන ඉස්කෝල ගැටලුවක හඬ.
“ මල් ගැන කවි දෙකක්ම ඕනි “
ඒ මූණ බැරූරැම්. මයෙ මූණ උසස් පෙළ රසායන විද්‍යා වේ හද්ද අමාරු ප්‍රශ්නයක් දැක්කටත් වඩා බැරූරුම්.
කොච්චර මතක් කරත් මතක් වුනේ “රෝස මලේ නටුවෙ කටූ“ විතරමයි.
ඒත් , තුනේ පන්තියෙ පුංචි කොලු පැටියෙක් ළඟ උසස් පෙළ ජීව විද්‍යාව උගන්වන ගුරුවරියෙක්ට සෙකන්ඩ් වෙන්න පුලුවන් ද? ඊටත් වඩා ඒ පුංචි කොල්ලගෙ ලෝකේ “ වීරවරියක් “ වෙච්චි මට ඒ දරුවගේ ඒ හීනය බොඳ කරල දාන්න පුලුවන් ද?
ස්මාර්ට් ෆෝන් , ෆේස් බුක් තියන රටේ ඕනිම කෙනෙක්ට පුලුවන් තම වීර චරිතය මේන්ටේන් කරන්න. ඉතින් ෆේස් බුකියේ එක පෝස්ටේක බලයෙන් මටත් ලැබුනා රටකටම හරියන්න දෙන්න “මල් ගැන කවි “.
කොල්ල ගෙදර ගියේ සතුටින්. ඒත් කවදා වෙනකම් මේ වැඩේ කරන්න ද?
ඉස්කෝලෙ පහල සාධන මට්ටමක ඉන්න දරුවා , මේ විදිහට හැම ගෙදර වැඩේම කරන් යද්දි පන්තිභාර ටීචර් වුනත් පුදුම වේවි.........................
ඒත් හෙටත් , වැට අද්දරින් ගෙදර වැඩක හඬ ඇහෙනකම් මම බලා ඉන්නවා.
වැට අද්දරින් ගෙදර වැඩක හඬ ඇහෙනකම් බලා ඉන්න
මම
- වත්සලා -
9 ප්‍රතිචාර:
ගොඩක් පින් සිදුවන වැඩක්. මමත් ආසය් ඔයවගේ දරුවනට උදව්කරන්න. ඔයාට තව තවත් අවස්ථාව ලැබේවා.
මන් 9 පන්තියේ වගේ ඉන්න කොට පොඩි කොල්ලෝ තුන් දෙනෙක් හැමදාම මන් හොයාගෙන අවා ..ඒ ඇත්තටම මම මහා ලොකුවට පන්තියේ පලවෙනියාවත්නි නෙවෙයි මන් කියල දෙන විදිය හොදට තේරෙනවා කියලා..තමයි ආවේ..එතකොට 3 නේ පන්තියේ වගේ හිටියේ..කියන්න සතුටුයි දැන් උන් තුන්දෙනාම කැම්පස්
++++
කෝ් දැන් ඒ මල් කවි ටික
දැම්මානම් අගෙයි කියා මටත් හිතෙනවා
කුරුලන්ගේ පිහාටු ටික
මතකෙට එනකොට මටනම් තරහත් එනවා
කියවනවත් එක්කම රූප පේලිය මැවිලා පෙනුනා..
මාත් දැක්ක ටීචගෙ ස්ටේටස් එකට කට්ටිය හොඳ හොඳ මල් කවි කෙමෙන්ට් දාල තියෙනව.
මොනව උනත් කොල්ල පංතියෙ වීරය වගේ ඇති.
මවුලිකතාවය, අනුක භාරයත් කියල දුන්නනම් පොඩි එකා ලොකුවෙද්දී විද්යාඥ්ය්යෙක් වෙයි.
බොහොම ඉස්තුති සියළුම දෙනාට.
කාලෙකින් ආපහු බ්ලොගක් කියෙව්වා. ඒ කියෙව්වෙත් ඉතිං ෆෙඑස් බුකියෙන් දැක්ක ලිංක් එකකින්.
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.