..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 30, 2017

හෙට උදේම එන්න හොඳද / Please come early


හෙට උදේම එන්න හොඳද
Please come early
---------------------------------------


මා මැරුණොත් හෙට උදේම 
ඇවිත් යන්න එන්න
මගේ සිහින ලියපු මලක් 
ළඟින් තියල යන්න
කියූ රහස් වලින් එකක් 
සවනට මුමුණන්න
එතකොට මට පුළුවන් වෙයි
ඔබව අඳුර ගන්න

ඔබ එනකම් බලා ඉන්න
මම
෴ වත්සලා ෴

Tuesday, March 28, 2017

ෂැම්පේන් මතක

ෂැම්පේන් මතක

--------------------





ඒ ලස්සන බෝතලේ උඩ හරියෙ ඉදල අඟල් 3 ක් 4 ක් යනකම් තිබ්බේ ලස්සන දුඹුරු පාට කොළයකින් වැහිලා.


ඒ වගේ බෝතලයක් නිවරදිව විවෘත කරන හැටි මම නොදැන හිටියත් , ලැබුන උපදෙස් විදිහට කොළය ගලවල අයින් කරාම බෝතලය වසා තිබුන පොරොප්ප මූඩිය මතු වුනා. 

පොරොප්ප මූඩිය හෙවත් කිරල මූඩිය ත් නැවතත් ආවරණය වෙලා තිබ්බේ කම්බි රාමුවකින්.

පොරොප්ප මූඩිය උඩ මුදුනෙ ඉදල , ලස්සනට පහළට වැටිල තිබ්බ කම්බි රාමුවේ අන්තිම කොණ් දෙක එකට අල්ලල එක පැත්තකට කරකවල හිර කරල තිබ්බ නිසා මට තිබ්බේ ඒ කම්බි කොන් දෙක අල්ලල විරුද්ධ පැත්තට කරකවන්න විතරයි. 

කම්බි රාමුවත් පැන්නට පස්සේ මතු වුනේ අර ලස්සන පොරොප්ප මූඩිය. 

ඊළඟට තිබ්බෙ දහිරිය දාලා ඔය මූඩිය පන්නන්න. මූඩිය පැන්නුව ගමන් ආපු විශාල “පොප් “ ශබ්දෙට තව ඩිංගෙන් වම් අතේ තිබ්බ අර අපූරු බෝතලය බිම වැටෙනවා.

නොසිතූ වෙලාවක ආපු සැර ශබ්දය නිසා, මුහුණ බෝතලෙන් අහකට හැරවිලා ඇස් පියවිලා උරහිස් හැකිලිලා ගිහිල්ල තිබ්බත් , වම් අත තදින් බෝතලය ග්‍රහණය කරන් හිටියා.

මා ළඟ හිටි අනිකා ට මේ වෙච්චි සිදුවීම නිසා විනෝදයක් ලැබී තිබුන නමුත් ඔහුගේ මුහුණ බැලුවම මට හැඟී ගියේ මීට වඩා භයානක සිද්ධියක් බලාපොරොත්තුවෙන් ඔහු සිටින්නට ඇති බවයි.


“ මම හිතුවෙ බෝතලයට හරි තමා කියලා “

අනෙකා කීවේ හිනාව අතරින්.




විවෘත වුන බෝතලයේ කට දිහාව හොඳට බලපු මට දකුණු අතේ තියන පොරොප්ප මූඩිය කොහොම ඒ බෝතල් කටට සවි කරාද කියල හිතා ගන්න බැරි වුනේ මූඩියේ යට කොටස , බෝතලයේ කට කොටසට වඩා වඩාත් පළල්ව පුළුල්ව තියෙනවා දැකලයි. 

ඔයිට වඩා දේවල් , පුංචි පුංචි කටවල් වලින් ලෝකෙට ඇවිත් මේ ලෝකය ලස්සන කරද්දි මේ පුංචි වයින් බෝතලය ගැන පුදුම වෙන්න කාරණයකුත් නැහැ කියල මට ඊළඟට හිතුනා. 

බෝතල් කටට නාසය ළං කරපු මගේ මුහුණ හැකිලිලා ගියේ බෝතලය තුළින් ආපු ගඳට. ඒ ගඳ මට හුරු පුරුදු බවක් දැනුන නිසා මම මගේ මතකයේ අඩුක් කරල තිබ්බ සුවඳ ජාති එකින් එක එළියට අරන් අර සුවඳත් එක්ක ගලපල බලන්න හදද්දි . අනිත් සුවඳවල් පරයා ඉදිරියට ආවේ කලින් දැනිල තියන යීස්ට් සුවඳ.

“ චියර්ස් .............................“ 

වීදුරු එකට ගැටුනා. . . . චියර් කරාට පස්සෙ වීදුරුව බිමින් තියන සිරිතක් නෑ ලු.

ඉතින් ,

පළවෙනි වීදුරුව වදෙන් පොරෙන් සහ බලෙන් ද ,

දෙවෙනි වීදුරුව මදක් අදි මදියකින් ද ,

තෙවැනි වීදුරුව ඉල්ලීමකින් ද ලැබුනු අතර 

සිවුවැනි වීදුරුව අරභයා ඇති වූ ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප වූ බැවින්..... ෂැම්පේන් වල ඇඹුල් රස බැලීම කෙටි වීදුරු වාර ගණනකට සීමා වුනා.

ඒ අතර තුර විටින් විටේ නැගිටලා , සීරුවට ඇවිදල බැලුවේ “ මට වෙරි ද “ කියලා දැන ගන්න.

ඒත් ඒ අමුතු ගතිය , මම හිතාන හිටියට වඩා තරමක වෙනස් අත්දැකීමක් වුනා. 

සතුට දනවන , සැහැල්ලුව මතු කරන , හයියෙන් හිනා වෙලා සමරන්න පුලුවන් ඒ “ මද වෙරි ගතිය“ සංකීර්ණව , ගැටගහල තිබිච්චි ජීවිතේට ගෙනාවේ නොමද අස්වැසිල්ලක්.

විශ්වාසනීය මිතුරුදමත් , සැනසිලිදායක සුවයත් , ෂැම්පේන් සුවඳත් ජීවිතයේ අමතක නොවන තවත් මතකයක් වෙද්දි , යීස්ට් සුවඳට පෙම් බදින්න තවත් හොඳ හේතුවක් මට ඉතිරි කරල දීලා තිබ්බා.

----------------------------------------------------------------------

Disclaimer : - මෙහි ඇති සියල්ල මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න. පරිකල්පනයක් පමණි.

-----------------------------------------------------------------------


“There comes a time in every woman's life when the only thing that helps is a glass of champagne.” 


Friday, March 24, 2017

චාමර ගෙ වීර ක්‍රියා - 1

චාමරගෙ වීර ක්‍රියා - 1





මයෙ පන්තියෙ ඉන්න ඇට්ටරයෝ දහඅට දෙනා ගැන ලියන්න ගියපු කතාවේ. ලියන්න වුනේ චාමර ගැන විතරයි. පන්තියෙ අනිත් අය ගැන ලියන්න හිතාන හිටියත් , දවසින් දවස ඒ වැඩේ කල් යන්නේ පන්තියෙ ඉන්න කසිලිබිසිලිකාරයා හෙවත් චාමර නිසාමයි.



අදාළ නැති කාලච්ඡේදයක තමන් භාර පන්තියෙ ළමයෙක් කඩි මුඩියෙන් මාව හොයන් එනව කියන්නෙ ඉතින් නඩුවක සිතාසියක් එනව වගේ තමා.

ඊයෙත් ඔන්න එකොළහෙ පන්තියෙ “ධ්වනි ලාක්ෂණික “ පාඩමේ හොඳම හරිය යද්දි මෙන්න එනවා මගේ අටේ පන්තියෙ පන්තිනායිකාව එයාගේ සහායිකාවත් එක්ක මාව හොයා ගෙන.

එන වේගෙ හැටියටයි , මූඩ් එකේ හැටියටයි මට තේරුනා මේ නම් අරන් එන්නේ සිතාසියක් නෙමේ වරෙන්තුවක් ම තමා කියලා.
“ අදත් හරි වගේ ටීචර් “ මම බලා ඉන්න දිහා ව විපරම් කරපු එකොළහෙ ලොකු ළමෙක් කීවෙ හිනා වෙවී.

මගේ අටේ පන්තියේ පන්තිනායිකාව යි එයාගේ තනි නොතනියට ආපු එයාගේ සහායිකාවයි කෙලින්ම එකොළහෙ පන්තියෙ ඉස්සරහම හිටි මා ළඟටම ඇවිත් නැවතුනා.
“ ටීචර් ටීචර් ..........චාමර ...........“ ( ඔයාල දන්නවනේ චාමර , ඔය නම ඇහිල හීනෙනුත් මම බය වෙනවා )
“ ඔවු ඉතින් චාමර ?“
“ ටීචර්...චාමර නදීකගෙ කණට ගහල “
“ ඔවු ටීචර් ...කණෙන් ලේත් එනවා “ මදි හරිය සම්පූර්ණ කලේ සහයට ආපු සමන්ති.
“ අපෝ ටීචර් ගෙ පන්තියෙ ඉන්නේ මහ චන්ඩි කොල්ලො නෙ “
එහෙම කීවේ එකොළහෙ හොඳ ළමයි. කොහොමත් වෙන පන්තියක ඔය වගේ දරුණු සිද්ධි ඇහෙන කොට ඒ ඇහෙන පන්තියෙ ළමයි තරම් හොඳ ළමයි ලෝකෙ කොහෙවත් නෑ.ඒ වගේම ඒ විදිහෙ චාන්ස් එකක් ගන්න මගේ පන්තියෙ ළමයින්ට නම් කවදාවත් බැරි වේවි කියල මම දන්නවා.

“ ධ්වනි ලාක්ෂණික “ පාඩම එතනින් ම නතර කරල , මම ගියේ තුවාලකාරිව හොයන්. මොකද මේවා ගස් යන වැඩ. අන්තිමට පත්තර වල යන්නේ ටීචර් කණට ගැහුව කියල .
ගිහින් බැලින්නම් තුවාලකාරිගෙ කරාබුව ගාව තුවාල වෙලා.ලේ බිංදු දෙක තුනක් කණ පිටිපස්සෙ එකතු වෙලා තිබ්බා. ඒක හරිම පුංචි තුවාලයක් වුනත් , ආසන්න පන්ති දෙක තුනක ළමයිනුත් එතන වට වෙලා හිටියේ මයෙ පන්තියෙ මිනීමැරුමක් වෙච්චි තරම් කලබලයකින් හා කුතුහලයකින්.
තුවාලකාරිව ඉක්මනින් ප්‍රථමාධාර අංශට යැවුවත් නියම බේත වෙන්නේ ඒක නෙමේ. තුවාලකාරිගෙ හිත ට බේත් දාන්න වෙනවා. ඒකට ඉතින් මට දබර ඇගිල්ල උළුක් කරල චාමර ටිකක් තදින් බනින්න වෙනවා.
“ චාමර , මෙහෙ එනවා , මොනාද මේ කරල තියෙන්නේ“
“ නෑ ටීචර්......මම නිකම් මෙන්න මෙහෙම තට්ටුවක් දැම්ම විතරයි “ ළඟ හිටපු ළමයගෙ කණ ගෑවෙන නොගෑවෙන ගාණට අල්ලපු චාමර සිද්ධිය ප්‍රතිනිර්මාණය කරල පෙන්නුවා.
“ හොඳ තට්ටුව , තට්ටුවක් දාලා ඔහොම නම් ගැහුවොත් කොහොම වෙයි ද ඈ ?“
“ දැන් මේ ළමයගෙ ගෙදරින් පොලිසියට පැමිණිලි කරොත් මක්කයි වෙන්නේ , මට නම් බෑ හිරේ යන්න එන්න ඔයැයිත් එක්ක. තේරුනාද චාමර “
අන්න ඒ වචන ටිකට නම් කොල්ල ටිකක් සැලෙන්ඩර් වුනා. තුවාලකාරිගෙ මූණෙ බබලන දිස්නය මට පේන්න ගත්තා. පුංචි තුවාලෙ ලේ ගැලීම ඒ වෙද්දි නැවතිලා තිබ්බා.
“ ගෑණු ළමයිනුත් දැන ගන්නෝනි පිරිමි ළමයිව අවුස්සන්නෙ නැතිව පාඩුවෙ ඉන්න හරි ද?“
මම එහෙම කීවේ අහිංසක චාමරලගෙ පාර්ශචය ගැන උපන් සැබෑ දුකින්.
“ අන්න හරි ටීචර් අන්න හරි “ එහෙම කීවේ පන්තියෙ පිරිමි ළමෙක්.
“ ඔයා කට වහ ගන්නවා. දැන් ඔක්කොම හරිනෙ , මම යනවා පන්තියට “
“ එහෙම බෑ ටීචර් , චාමරට කියන්න නදීකගෙන් සමාව ගන්න කියලා “
එහෙම කීවේ පන්තිනායිකාව. කතාව ඇත්ත තමා . නැතිනම් හෙට වෙද්දි ගෙදර මිනිස්සු ඉස්කෝලෙට ඒවි චාමර කණ ගලවන් ගියා කියල පත්තරේටත් දාලම.
“ හරි...චාමර ... නදීකගෙන් සමාව ගන්න “
චාමර නදීක ගෙ ඉස්සරහට ආවා , ඒ එක්කම පන්තියෙ ඔක්කොම පිරිමි ළමයි චාමරගෙ පැත්තෙයි , ඔක්කම ගෑණු ළමයි ටික නදීකගෙ පැත්තෙයි හිට ගත්තා වගේ මට දැනුනා. මම විතරක් ඒ දොගොල්ලො මැද්දට වෙලා අසරණව බලා හිටියා. පන්තිය දෙක කරන් , වහලෙ උළු හොල්ලන් ඉන්න චාමර , පොළවෙ ඇවිදින කූඹීන්ට ඇහෙන නොඇහෙන ගාණට. “මට සමාවෙන්න “ කියල කීවා.
පන්තියෙ කොල්ලන්ගෙ මූණු දුකින් පිරිලා. කෙල්ලන්ගෙ මූණෙ සතුටු උතුරන්න ගත්තා.
එහෙම බෑ චාමර . කියන්න මෙහෙම “නදීකා , වෙච්චි දේට සමාවෙන්න.මම ආයෙ එහෙම කරන්නෑ “
“ න..........දී....කා , වෙච්චි දේට සමාවෙන්න,මම ආය එහෙම කරන්නෑ “
නම හැරුණම ඉතිරි ටික චාමර කීවේ කෝච්චියක් අල්ලන්න යන තරම් වේගයෙන්.
චාමරව ළඟට ගෙන්න ගත්ත මම අනිත් අයට නොඇහෙන්න එයාට කීපු දේවල් වල සාරංශය වුනේ , ගෑණු ළමයින්ට අතක් උස්සන්න තියා ඒ පැත්ත බලාන හයියෙන් හුස්මක්වත් ගන්නෙපා කියන එක විතරයි.
ඊට පස්සෙ චාමර හරිම හොඳ ළමයෙක් වුනා. මගෙ උපදෙස් හොඳ හැටි පිළිපැද්ද චාමර , ගෑණු ළමයින්ට අතක් උස්සන්න හිතලවත් නොතිබ්බත් චාමර ගෙන් අද ගුටි කාලා තිබ්බබෙ පන්තියෙ ඉන්න අහිංසකම පිරිමි ළමයා.
“ චාමර .............මම කීවා නේද ඔයාට ඊයේ ? “ කියල මම ඇහැව්වොත් , “ ටීචර් කීවේ ගෑණු ළමයින්ට අත උස්සන්නෙපා කියල විතරනෙ “ කියල නොකීවොත් ඒ “චාමර “ නම් නෙමේ...................

-------------------------------------------------------------------------------


ඉංග්‍රීසි පරිවත්තනය - සැඟවුනු මාධ්‍යවේදී (hidden journalist ) - T.B. Singalaxana

Chamara’s Bravery – 1

I had to write only about Chamara in the story that I wanted to write about the eighteen brats who are in my class. Though I intended to write about the others in the class, it gets postponed day by day merely because of the most impish one in the class, also known as Chamara.
If you want to know about Chamara, you can do so from here.
If a child from the class I am in charge of comes in search of me in a hurry during an unrelated moment, is very similar to receiving a summons over a court case.
Yesterday, when the best part of the lesson ‘Acoustic Characteristics’ was in progress; here comes my 8th Grade class monitor, along with her assistant in search of me.
Considering the speed in which they were approaching and their mood, I realized that they were not bringing a summons but a warrant.
“I think you’ve had it today, teacher,” smilingly said a grown up child in the 11th Grade who had been observing the direction of my gaze.
My 8th Grade class monitor and her assistant who accompanied her directly came towards me standing in front of the 11th Grade class and stopped.
“Teacher….. teacher….. Chamara…..” (You know Chamara, don’t you? I hear that name and get scared even in my dreams!)
“Yes, Chamara, so?”
“Teacher,Chamara has slapped Nadeeka!”
“Yes teacher, her ear is bleeding,” the rest was completed by Samanthi who came to her assistance.
“Apoo, there are a lot of bullies in teacher’s class,” this was said by the ‘good children’ of Grade 11. Anyway, whenever such serious incidents are heard by other classes, there are no other ‘good children’ anywhere else than the class which hears it. Similarly, I am very well aware that the children of my class would never gain an opportunity to enjoy such a chance.
The Acoustic Characteristics lesson was stopped then and there, and I went in search of the injured victim. That is because these types of incidents could get oneself hanged! Finally the newspapers may report this as the teacher having slapped the child!
When I went and saw her, there she was, with a minor injury on her ear near her ear stud. A few drops of blood were clotted behind her ear. Despite this being a minor injury, student of nearby classes stood surrounding the place in confusion mixed with curiosity as if a murder had been just committed in my class!
Though the injured girl was sent immediately to the first aid unit, the actual treatment is not that. The victim’s mind needs to be treated. For this, I would have to raise my forefinger and scold Chamara a bit strongly.
“Chamara! Come here! Now what have you done?”
“No teacher, I only tapped her, just like this,” Chamara re-enacted the incident while moving his hand almost but not touching the cheek of a student nearby.
“Wonderful tapping! If a mere tap could do this, what could have happened if you had hit her, eh?”
“Now, what will happen if this girl’s family complains to the police? I can’t go to jail with you, do you understand Chamara?”
There, the boy seemed to surrender a bit to those words! I began to see injured girl’s face beaming. By then the bleeding from the minor wound had stopped as well.
“The girls too should know to mind their own business without provoking the boys, okay?”
This I did due to the genuine concern arising on behalf of innocent Chamara.
“That is right teacher; that is right!” This came from a male student of the class.
“You keep your mouth shut! Now everything is okay, isn’t it? I am going to my class.”
“No teacher, that cannot be done. Tell Chamara to apologise to Nadeeka!”
This came from the class monitor. The claim was correct. Or else, the home crowd would be in school tomorrow, even after publishing in the newspapers that Chamara had dislodged her entire chin!
“Okay…. Chamara….. now apologise to Nadeeka..”
Chamara came in front of Nadeeka. With that, I felt as if all the male students in the class had stood behind Chamara and all the female students had stood behind Nadeeka. I alone had been left helpless between them.
Chamara, who disrupts the whole class and brings down the roof said, “Forgive me….” in a voice that could barely be heard by ants crawling on the ground.
The faces of the boys in the class displayed grief! The girls’ faces began to overflow with delight!
“Not that way Chamara. You say, ‘Nadeeka, forgive me for what has happened. I will not do it again.”
“Na….dee…..ka, forgive me for what has happened. I will not do it again.”
Apart from the name, Chamara said the rest at a speed as if he was rushing to catch a train!
The gist of what I told Chamara without the others overhearing after drawing him close to me was merely; leave alone raising a hand against a girl, do not even dare to breathe hard while looking at their direction.
After that Chamara became a very good boy. Despite Chamara following my advice to the letter and never even thinks of raising his hand against a girl, today, the one who had been the victim of Chamara’s assault was the most innocent boy in the class.

Even if I ask, “Chamara, didn’t I tell you yesterday……?” and if he doesn’t respond, “Teacher, you told me not to raise my hand only against girls, didn’t you?” …. then he is definitely not Chamara!

Sunday, March 19, 2017

පුංචිත්තාගේ ගැලවුම්කාරිය

පුංචිත්තාගේ ගැලවුම්කාරිය



ගෙවල් ගාව ඉදල තවත් ගෙවල් දෙකක් විතර දුරින් තියන ගෙදර තමා ගමටම තිබ්බ දුප්පත්ම ගෙදර වෙලා තිබ්බේ.

ඒත් දැන් ඒ ගෙදර උළු වහලක් , සිමෙන්ති පොළවක් තියන ලස්සන පුංචි ගෙදරක්. පුංචි පුංචි ළමයි ගොඩාක් ඉන්න ඒ ගෙදර , ලස්සන සුදු පුංචි පිරිමි ළමෙක් ඉන්නවා. එයා තමා ඒ ගෙදර ඉන්න දෙවෙනියට වයසින් වැඩි දරුවා. පළවෙනිය ඉන්නෙ ගමේ පන්සලේ නතර වෙලා ඇබිත්තිය වෙලා. එයාට ඕනි මහන වෙන්නලු. 

ඒ ගෙදර ප්‍රධානියා ගේ ආදායම් මාර්ගය වුනේ එදිනෙදා කුලියක් මලියක් කරනෙක. එයැයිගෙ හාමිනේ රස්සාවක් කලේ නැහැ. ඒ ගෙදර හිටපු ලස්සන සුදු දූ එකොළහෙ විභාගෙ ලියන්න කලින්ම හොරෙන් ගිහින් හදා ගත්ත ලස්සන දරුව තමා දැන් ඒ ගෙදර ඉන්න ලොකු දරුවා, එහෙමත් නැතිනම් මේ කතාවේ ප්‍රධාන චරිතය තමා ඒ. මොන නැති බැරිකම තිබ්බත් මේ ගෙදර අය ඉන්නෙ නම් හරිම සතුටින්.අපෙ අම්ම නම් කියන්නේ ගමේ කාටත් වඩා හොඳට කාල බීලා ඉන්නේ ඒ ගෙදර අය කියලයි. 

ගමේ කිසිම කෙනෙක්ට කරදරයක් නොවෙන්න ජීවත් වෙන ඒ ගෙදර අයගෙන් ලොකුම කරදරේ තිබ්බෙ මට .

ඒ ගෙදර හිටපු ළමයි අඩු වයසින්ම දෙමාපියන් වෙච්චි නිසා , ඒ ගෙදරට අඩි කීපයක් දුරින්  පුංචි ගෙවල් දෙකක් තැනෙමින් තියනවා. කාමරයක් කුස්සියක් හා පුංචි සාලයක් තමා එයාලගෙ ලොකුම පැතුම.

ඔය ගෙදර ඉන්න ලස්සන සුදු පිරිමි ළමයා ඉන්නේ තුනේ පන්තියේ.එයා හිතන් ඉන්නේ මම මේ ලෝකෙ තියන හැමදේම දන්නවා කියලා. එයා එහෙම හිතන්න ගත්තේ මම ටීචර් කෙනෙක් කියලා දැන ගත්ත මොහොතෙ පටන් ලු.

 පහු ගිය නිවාඩුවට එයාට දීලා තිබ්බා කුරුලු පිහාටු එකතු කරල ලස්සන කුරුලු පොතක් හදන් එන්න කියලා ඉස්කෝලෙ ගෙදර වැඩක්. වැඩේ පටන් ගත්තෙ ඕන්න ඔතනින් තමා.

 ඉස්කොල නිවාඩුව ඉවරෙන්න ළං වෙලා තිබ්බි දවසක එයාලගෙ අම්මා , එයත් එක්ක අපේ ගෙදර වැට ළඟට ඇවිත් මට කතා කරා.පිහාටු ගොඩක් එකතු කරල තියෙන බවත් , කුරුල්ලො ගැන ලියා ගන්න බැරි බවත් මාත් එක්ක කීවා. එතකොට මට මතක් වුනා මා ළඟ තියන “ ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ “ පොත. ඒ පොත ඇත්තටම මටත් ලැබුන තෑග්ගක්.

අම්මටයි පුතාටයි කතා කරපු මම ඒ පොත හොයන් ඇවිත් , පින්තූර පෙන්නල ලියන්න ඕනි විදිහ කියල දුන්නා. පොතේ පින්තූර බලන්න ඕනි කියපු නිසා පොත ටික දවසක් තියන් ඉදල මට ගෙනත් දෙන්න කියලා පොතත් එයාලට දුන්නා. වැඩේ කියන්නේ “හොඳම කුරුළු පොතට “ තේරිලා තිබ්බෙ මේ පුංචි කොල්ල හදපු පොත.

දැන් මේ පුංචි කොල්ලා වැට ළඟට එන්නෙ තනියෙන්. “ නැන්දේ “ කියල කතා කරද්දිම මම දැන ගන්නවා ඉස්කෝලෙ ගෙදර වැඩක් වැට ළඟට ඇවිත් කියලා.

ඒ ගේන සමහර ගැටළු නම් තුනේ ළමෙක්ට කොහොම වුනත් මටත් හරි අමාරුයි.

හෙට සඳුද නිසා ඉරිදා හවස වෙච්චි අදත් වැට අද්දරින් ඇහුනේ “ නැන්දේ “ කියන ඉස්කෝල ගැටලුවක හඬ.

“ මල් ගැන කවි දෙකක්ම ඕනි “

ඒ මූණ බැරූරැම්. මයෙ මූණ උසස් පෙළ රසායන විද්‍යා වේ හද්ද අමාරු ප්‍රශ්නයක් දැක්කටත් වඩා බැරූරුම්.

කොච්චර මතක් කරත් මතක් වුනේ “රෝස මලේ නටුවෙ කටූ“ විතරමයි.

ඒත් , තුනේ පන්තියෙ පුංචි කොලු පැටියෙක් ළඟ උසස් පෙළ ජීව විද්‍යාව උගන්වන ගුරුවරියෙක්ට සෙකන්ඩ් වෙන්න පුලුවන් ද? ඊටත් වඩා ඒ පුංචි කොල්ලගෙ ලෝකේ “ වීරවරියක් “ වෙච්චි මට ඒ දරුවගේ ඒ හීනය බොඳ කරල දාන්න පුලුවන් ද?


ස්මාර්ට් ෆෝන් , ෆේස් බුක් තියන රටේ ඕනිම කෙනෙක්ට පුලුවන් තම වීර චරිතය මේන්ටේන් කරන්න. ඉතින් ෆේස් බුකියේ එක පෝස්ටේක බලයෙන් මටත් ලැබුනා රටකටම හරියන්න දෙන්න “මල් ගැන කවි “.

කොල්ල ගෙදර ගියේ සතුටින්. ඒත් කවදා වෙනකම් මේ වැඩේ කරන්න ද? 

ඉස්කෝලෙ පහල සාධන මට්ටමක ඉන්න දරුවා , මේ විදිහට හැම ගෙදර වැඩේම කරන් යද්දි පන්තිභාර ටීචර් වුනත් පුදුම වේවි.........................

ඒත් හෙටත් , වැට අද්දරින් ගෙදර වැඩක හඬ ඇහෙනකම් මම බලා ඉන්නවා.



වැට අද්දරින් ගෙදර වැඩක හඬ ඇහෙනකම් බලා ඉන්න
මම
- වත්සලා -


Tuesday, March 14, 2017

කලකින් ඇමතූ ඔහුට - Calling him, at long last

කලකින් ඇමතූ ඔහුට 
Calling him, at long last



වැහි බිදු වැටෙන විට 
බිම යට මුල් වලට
යළි පණ එන්නේ 
වවමින් තණ පත් උඩට
කලෙකින් නුඹේ කටහඬ
ඇසෙනා මට ද
හිත හිරි ඇරී මුහුණද
සුපිපෙයි යසට
- වත්සලා - 


Calling him, at long last 

When raindrops fall
At the roots on the ground
Reborn, rejuvenated 
Blades of grass reach to the skies
Hearing your voice at long last
My heart too
Awakens from slumber
My face too blooms in pleasure

-T.B. Singalaxana- 

මගේ කවි (වගේ ඒවට ) ඉංග්‍රීසි පාට ගාන T.B. Singalaxana මහත්මයාට හද පිරි ස්තූතිය.

Wednesday, March 8, 2017

වැරදි ගේට්ටු ව - The wrong Gate

වැරදි ගේට්ටු ව - The wrong Gate
--------------------------------------------


එකාමාර කියන්නේ සතුට උතුරා යන වෙලාවක්. මොකද කියනව නම් “ඉස්කෝලෙ අරින වෙලාව “

හරිම කලබල වෙලාවක්. 

අන්තිම කාලච්‍ෙඡේදයේ වැඩ නම් ඒ කලබල ගතිය වැඩි වෙනවා. ගාථා කියන්න, ළමයින්ට ගෙදර වැඩ දෙන්න. හෙට තියන දේවල් මතක් කරන්න , ලැබ්බෙක වහන්න. වැඩ ගොඩායි. 

ඒ කලබලය මැද්දෙන් පිටවීම අත්සන් කරල පාරට ඇවිත් බස් එකක් දඩයම් කරන්න මාන බල බල ඉද්දි බෑග්ගෙක ඇතුලෙ මුළු ලෝකෙම දෙදරන සද්දයක්. 

ඔක්කම අඩුම කුඩුම ඔබාන ආපු බෑග්ගෙකෙ දෙදරිල් එන තැන හොයා ගන්නත් අමාරුයි. යන්තම් දෙදරිල්ල ආපු ජංගම දුරකතනය කට් කරන්න හිතුනෙ නැත්තේ “කාලෙකින් අමතන ආදරණීය නම්බරයක් “ නිසා.

“ මේ ඔයාගේ ඉස්කෝලෙ කොහෙද? අද ඉස්කෝලෙ ආවෙ නැද්ද “

“ ඇයි අහන්නේ ?“

“ නෑ අනේ මන් දැන් ගේට්ටුව ළඟ ඇස් දෙක කැඩෙනකම් බලා ඉදල ඉදල ඔයා නැති තැන තමා කෝල් කරේ “

“ ඉතින් වදේ.... මම මේ ඉස්කෝලෙ ඉද්දි ඔයා වෙන ඉස්කෝලෙක ගේට්ටුවක් ළඟ බලා ඉන්නවට මන් මක්ක කොරන්නෙයි ? “

සතුටයි....හිනාවයි.........උතුරනවා....................


ඒත් ඒ ආදරේ.......... පල දරනෙකක් නෑ..........

ඒ නිසා ඔයා හැමදාම ,ඔය ගේට්ටුව ළඟම මම එනකම් බලා ඉන්න..

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...