..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, February 12, 2017

අවසන් පණිවිඩය - Final Notice



මී විතට පෙම් බදින
පිරුණු හිත - නුඹේ
ඒ හිතට පෙම් බදින
සොඳුරු සිත - මගේ
මේ දවස් දෙක තුනත්
කල්පයක් - වගේ
ආයමත් හමුනොවෙමු
පෙම් කතා - පොතේ


෴ සොඳුරු සිත ෴



ඒත් රුබෙයියාට් මෙන්න මෙහෙම කියල තියනවා

කුකුළන් හඬලන විට,
සුරාහල ඉදිරියෙ සිට
‘දොර හරින්න‘ කියා,
ජනයා මොර දුන්හ.
“ජීවිතය කෙටි වන්නෙන්
මැරී යළි නො එන්නෙන්
දොර හරින්“
(රුබයියාට්-ඕමාර් ඛයියාම්)



9 ප්‍රතිචාර:

Ajith Dharma said...

මීවිත පොඩ්ඩක් ගන්න කෙනෙක් හොඳ කෙනෙක් අනේ. ජීවිතය විඳින කෙනෙක්. වැඩිය බොන්න දෙනන් එපා. කිස් එකකින් නවත්වන්න.

෴සොඳුරු සිත෴ said...

පොඩ්ඩ.... හොඳ පොඩ්ඩ...

Duminda Abeysekara said...

සැර ටිකයි මීවිතය දිවි මිහිර දැනේ
උර හිසේ උණුහුමක් තවම මට දැනේ
දුර නොඉඳ තව තවත් ළඟට එනු පනේ
හැර යන්න හිතෙනවද අඩුද මගෙ සෙනේ........

ජයවේවා!!!

Ravi said...

අවසන් පණිවිඩය නෙවෙයි බොල යෝදියෙ ඕකට කියන්නෙ අවසන් නිවේදනය නොහොත් රෙඩ් නෝටිස් එක...:)

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

:D

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

ලිමිට් එකක් තියාගෙන බිව්වනන් අවුලක් නෑනේ...

Aruna Perera said...

කියනදේ අහන් නැත්නම් මොකද කරන්නේ.......ඒත් ආදරය කරන එක නවත්තන්න එපා...පව්...

Ravi said...

/ඒත් රුබෙයියාට් මෙන්න මෙහෙම කියල තියනවා/

ඔමාර් ඛයියාම් එහෙම කිව්වෙ..රුබයියාට් කියන්නෙ ඒ කවි පොතේ නම.

සුරාවිත, ගී පොත සහ ගී ගයන සුරඟනන් ගැන බොහොම චමත්කාරජනක ලෙස ලිව්වෙ ඔමාර් ඛයියාම් ඔහුගෙ රුබයියාට් පොතේ....

නිදමින් සිටි මට
අරුණලු වමත අහසට,
නැගෙන විට,
සුරාසල් ඇතුළ සිට
කිසිවෙකු කියනු ඇසින.
“දරුවෙනි, නැගිටින්න,
ජීවිත සුරාව සිඳෙන්නට
පෙර බඳුන පුරවන්න.” (රුබයියාට්, ජී. බී. සේනානායක පර්වර්තනය, 1993, පිටුව 24)

Here with a loaf of bread bencath the bough
A flask of wine, a book of verse - and thou
Beside me singing in the wilderness
And wilderness is paradise enow.

ගසක සෙවණෙහි පූපයක් ගෙන
සුරා බඳුනක් හා කවි පොතක් ගෙන
ළං ව හිඳි මට
ඔබ වනයෙහි
ගී ගයන කල්හි,
වනය දෙව් ලොවකි.
(ජී. බී. සේනානායක පරිවර්තනය)

Aruna Perera said...

/////ජීවිතය කෙටි වන්නෙන්
මැරී යළි නො එන්නෙන්
දොර හරින්“//////////////

Open The Door Please.......................

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...