..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, February 1, 2017

බල්ලාගේ ආහාර සලාකය - Daily Food Quota of Shadow




මේ දින වල නිවසේ ඇති දරුණුතම ආර්ථික අර්බුදය ට හේතුව වන්නේ ,ආහාර සඳහා බත පිසීමයි. 

තුන්වේල බත් බුදින නිවෙස් හිමියන්ට මෙය ඉතා දරුණුවට දැනීමට හේතු වන්නේ නිවැසියන් විසින් ආහාරයට ගන්නා බත් පිස ගැනීමට අවශ්‍ය රතු කැකුළු සහල් කඩයෙන් මිල දී ගැනීමට සිදු වීමත් , ( කාලයක් අඳේට කළ කුඹුරු දැන් නිවැසියන් සතුව නැත)  රතු හාල් කිලෝවක මිල රුපියල් එකසිය පනහ ආසන්නයට ම මිල ගොස් තිබීමත් ය. 

පාන් අහාරයට එක් කර ගැනීම නිවසේ ඉතාම කලාතුරකින් සිදු වන අතර එයද විනෝද ජනක ජොලි කෑමක් ලෙස ඉදහිට චූන් පාන් ත්‍රීවීලය පසුපසින් දිව ගොස් ගන්නා ජොලි පාන් ගෙඩියකි. 

කෙසේ හෝ දැනට නිවසේ වියදම අඩු කර ගැනීමට ගත හැකි ක්ෂණික විසඳුම වන්නේ නිවසේ බත් බුදීම අඩු කර ගැනීමයි. නමුත් මෙම අඩු කිරීම කාගේ පිඟානෙන් සිදු කරනවා ද යන්න ඊළඟට පැමිණි ගැටළුවයි. 

මෙහි දී නිවසේ සියළු දෙනාගේ දෑස් නතර වූයේ නිවසේ සිටින ඉතාම අහිංසක නිවැසියා වෙතයි. ඒ මගේ අසරණ සිවුපා වා වූ “ශැඩෝ“ නැමැති බල්ලාය. තම තමන්ගේ පිඟානේ ඇති බත් ඇට ප්‍රමාණය නොසලකා හැරි නිවෙසියන් සියලු දෙනා අර අහිංසකයාගේ පිඟානෙහි බත් ඇට අඩු කිරීම සාධාරණිකරණය කිරීමට ඉදිරිපත් කල කරුණු අතර ,


* බල්ලන් නිවෙස් වල ඇති කරන්නේ නිවසේ ඉතිරිව ඉවත දමනා ඉදුල් කෑමට බවත් එබැවින් නිවැසියන් ආහාරයට ගත් පසු ඉතිරි වන යමක් ඇත් නම් පමණක් බල්ලා‍ගේ පිඟාන පිරවිය යුතු බවත්


* රාත්‍රී කාලයේ දී බල්ලන්ට ආහාර නොදෙන අතර එයට හේතුව බල්ලා රාත්‍රී ආහාරය ගෙන සැපට නිදන නිසා බවත් එවිට බල්ලාගේ ප්‍රධාන රාජකාරිය වූ හොරුන්ගෙන් නිවෙස ආරක්ෂා කිරීමට බල්ලාට නොහැකි වන බවත් , නිවෙසට පැමිණෙන හොරුන් බල්ලා ද ඔසවාගෙන ගොස් හොඳ ගාණකට විකිණීම පවා සිදු කළ හැකි බවත් ඉදිරිපත් වූ කරුණු අතර තිබූ අතර එය ද්වේශ සහගත කරුණු දැක්වීමක් ලෙසට සටහන් කර ගනු ඇතැයි සිතමි.

* බල්ලා විසින් දැන් දැන් වැඩිපුර ආහාර ගැනීම අරබා ඇති බවත් එබැවින් බල්ලා ඉතා ඉක්මනින් තරබාරු විය හැකි බවත් එය උගේ සෞඛ්‍ය තත්ත්වය අවධානමේ හෙලීමක් වන අතර එවිට අමතර වියදමක් දැරීමට සිදු වන බවත් වැඩිදුර කරුණු දැක්වීමකින් ඉදිරිපත් විය.

මෙම ප්‍රධාන කරුණු වලට අමතරව තවත් බොහෝ කරුණු ඉදිරිපත් වුයේ අහිංසකයාගේ පිඟානෙහි වූ බත් ඇට එකින් එක ඉතා සීඝ්‍රෙයන් අඩු කරමිනි.

අවසානයේ දී නිහඩව සිටි මාගේ වාරය ඉදිරිපත් වූයෙන් නැඟී සිටී මම බල්ලාගේ බත් පතට විරුද්ධව ඉදිරිපත් වී තිබූ කරුණු සියල්ල දැඩි සේ නිශ්ප්‍රභා කළෙමි. 

බල්ලා යනු මිනිසාගේ සමීපතම සත්ත්වයා බවත් ,එය ඉතා මෑතක ඇති වූ සබධතාවක් නොවන අතර මිනිසා ශිෂ්ඨාචාරගත වීම ආරම්භ වීමටත් කලියෙන් සිට සිදු වූ වක් බවත් පෙන්වා දුන් අතර බල්ලාගේ බත් පත අඩු කිරීම සත්ත්වවේදීන්ගේ රාජ්‍ය නොවන සංවිධාන වල කණට යොමු වුව හොත් අපට විරුද්ධව දරුණු ගනයේ නඩු පවා වැටීමට පුළුවන් බවත් පෙන්වා දුන්නේ ඔවුන් ඉදිරිපත් කල කරුණු හකුලා ගැනීම අපේක්ෂා කරමිනි.

එසේම , ජර්මනිය නිජබිම කරගත් මෙවැනි බලු රාජයෙක් නිවසේ සිටීම නිවැසියන්ට ගෞරවයක් සහ ආඩම්බරයක් ගෙන එන බවත් කෙසඟ ගැහුනු බල්ලෙකු නිවසේ ගෞරවය සහමුලින්ම කෙලෙසා දැමීමට සමත් විය හැකි බවත් පෙන්වා දුන්නේ මුලෑදැනියෙකු මෙන් කෙළින් කර ගත් හිසකින් සහ ගස්සා පිටුපසට කර ගත් උරහිස් දෙක නටවමිනි.

නමුත් ,

නොසිතූ ලෙසින් නැඟී සිටි  අවශේෂ නිවෙසියන් එකාවන්ව හිදිමින් , ඒ සියල්ලටම එකඟ බවත් නමුත් බල්ලා නිවෙසට ගෙන ආ පුද්ගලයා ගේ පිඟානෙන් වැඩිපුර බත් අඩු කර යුතු බවත් ඒකමතිකව තීරණය කරමින්ම බල්ලා වෙත දිගුව තිබූ දබරැගිලි මා වෙත යොමු කරමින් අවසන් තීන්දුව දීමට ඔන්න මෙන්න  තිබුනා පමණි.


නිවෙසට මේ සිවුපාවා ගෙන ආවේ මම බවත් , ඒ ගෙන ඒමට නිවැසියන් කිසිවෙකුත් හවුල් නොවූ බවත් , නිවැසියන් නිවසේ නොවන අවස්ථාවක් කල්  යල් බලා සොයමින් සිට හොර රහසේම ඌ නිවසට ගෙනාවේ මම බවත් සිහි වී.....

“ නෑ ....නෑ....කලින් විදිහ හොඳයි. බල්ලන්ට රෑට බත් කන්න කොහොමත් හොඳ නෑ තමා. අනික දැන් මූ ගජඉලන්දාරි බල්ලෙක් නේ. දැන් පෝෂණය දෙන්න ඕනි කාලෙ ඉවරයි. අපි කලින් කතා කර ගත්ත විදිහට බල්ලගෙන්ම අඩු කරමු නෙහ් ..........“ 

යැයි පවසමින් ,එතෙක් වේලා බල්ලාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී මම අවසානයේ දී සිට ගෙන සිටියේ අවශේෂ නිවැසියන් සියල්ල න් අතර බල්ලාට සම්මුඛව හා ප්‍රතිපාර්ශවිකව හිදිමින්,  නමුත් බල්ලාගේ බැල්මෙන් මුවා වෙමින් දෑස් සඟවා ගනිමිනි.



ප/ලි- පසු දින උදෑසන බල්ලා වත්ත පහළ කොස් ගස දෙසට යනවා කිහිප දෙනකු විසින් දැක තිබුණි.

20 ප්‍රතිචාර:

Mahesh Rathnayake said...

ෂැඩා ට ද කොස් කොල කැවූ සොසියා නිතරගයෙන් පාදේසීය සබාවට..

තව ටික දවසකින් එන නිව්ස් එකක්.
හිහි...
හැබෑටම රතු කැකුළු එච්චර ගණංද අප්පා

Duminda Abeysekara said...

අල්ල අල්ලා මරා දැමු ඒ මීයො කුස්සිය වෙත වඩීවා
කෙල්ල කොල්ලා හැමගෙ මතකෙට මගේ සේවය නිති රැඳේවා
බල්ල බල්ලා කියන් මුන් ටික මගෙ පිඟානට නොම විදීවා
ඉල්ල ඉල්ලා අයිතිවාසිය යන්න හිතෙනව මට ජිනීවා
.....බල්ලා......

ජයවේවා!!!

Prasad Sanjeewa said...

12 Angry Men කියන ෆිල්ම් එක මතක් උනා....http://www.imdb.com/title/tt0050083/

Buddhika Erandi Jayasinghe said...

මෙන්න කතා... අපුරුයි සොඳුරු සිත

Trans Sylvania said...

බල්ලාගේ බත් පතටත් කෙලියා

ලොකු පුතා said...

ඔය පෑදිලා තියෙන්නේ මොළේ...

Aruna Perera said...

කොස් ගහ යටට යවන්න එපා...මිදුලේ ක්‍රොටන් ටිකක් වවන්න..

පැණිකු said...

ජොලි පාන් නෙමෙයි චුන් පාන්

෴සොඳුරු සිත෴ said...

ඒ බන් පැණීකුවෝ...කෝ බන් පෝස්ට්.මම ඒ අහ ගිහින් ආවේ..ලියමු කෝ...

෴සොඳුරු සිත෴ said...

ඒ බන් පැණීකුවෝ...කෝ බන් පෝස්ට්.මම ඒ අහ ගිහින් ආවේ..ලියමු කෝ...

෴සොඳුරු සිත෴ said...

මේමයි. දැනට කාලෙකට කලින් මල් නැති පාට පාට කොළ තියන ඔය ක්‍රෝටන් කියන ගස් ජාතිය අවුට් ඔෆ් ෆැෂන් වුනාම අපි එවුවා වැටට විතරක් සීමා කරල මල් පිපෙන මල් ගස් ඉන්දන්න පටන් ගත්තනේ...දැන් ආය ක්‍රෝටන් වගාවක් දාන්න කාලේ හරි වගේ

෴සොඳුරු සිත෴ said...

ශැඩා ගේද ? මයෙ ද?

෴සොඳුරු සිත෴ said...

වෙනසක රහස

෴සොඳුරු සිත෴ said...

බොහොම ස්තුති එරන්දි යෝ

෴සොඳුරු සිත෴ said...

මම ඒ ෆිල්ම් එක බලන්න දෙතුන් සැරයක් ට්‍රයි කරා. කළු සුදු නිසා සහ පරණ ගතිය නිසා මුලදිම වැඩේ අතෑරියා.බලන්නෝනි එහෙනම් ආය

෴සොඳුරු සිත෴ said...

බල්ලාගේ පෙත්සම ජීනිවා නුවරට...
අදත් අම්ම එක්ක එක්කාසු වෙලා උන්දැ මීයෙක් අල්ලල....

෴සොඳුරු සිත෴ said...

මේ අහා රතු කැකුළු ගණන්. ඇයි කන්නේම රතු නේ.

Prasad Sanjeewa said...

මේ කතාවටනම් ඒකෙ සම්බන්දයක් නෑ.....ඒත් ඒ කතාවෙත් ශැඩෝ වගේ අහිංසකයෙක් වෙනුවෙන් කතා කරන එක මිනිහෙක් අනිත් එකොලස් දෙනගෙම තීරණය වෙනස් කරනව,අක්කට බැරි උනාට.

Pra Jay said...

hmmmmm

Rasika Gunawardana said...

මොනව උනත් පව් ෂැඩෝ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...