..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, February 23, 2017

උණ්ඩුක පුච්චය


උණ්ඩුක පුච්චය
-------------------------------


පන්තිය - 8 ශ්‍රේණිය
කාලච්ඡේදය - අවසාන කාලච්ඡේදය
පාඩම - ශුෂ්ක කලාපීය ශාක පත්‍ර වල අනුවර්තන

දැන් බලන්න “පතොක් “ ගහක්. කෝ බලන්න පතොක් ගහක් දැකල නැති අය අත් උත්සන්න. පන්තියෙ කිසි කෙනෙක් අත් ඉස්සුවෙ නැහැ.මේ වගේ වෙලාවල් වලට හැමදාම බොරුවට අත උස්සන විහඟ විතරක් ඉක්මනට අත උත්සල පාතදාගත්තා. අත උස්සනව වෙනුවට සිද්ධ වුනේ පතොක් ගහේ අතීත කතාවේ ඉදන් පතොක් ගහක් දකින්න පුලුවන් හැම තැනක් ගැනම ළමයි ටික මට විස්තර කියා දීපු එක. ( මුන් පැහිල දන්නෝ වැඩියි.)

“ හරි හරි ඔයාල කියපු ඔක්කෝම හරි. දැන් මට කියන්න බලන්න, පතොක් ගහේ කොළ වලට මොනා ද වෙලා තියෙන්නෙ කියලා,“

අන්න ඒ වෙලාවේ දි නම් කැළඹීච්චි සයුර වගේ තිබ්බ පන්තිය ටිකක් විතර සංසුන් වුනා. 

“ ඇත්තටම කෝ ටීචර් ඒකෙ කොළ. කොළ පාටයි නේ මුළු ගහම “

“ පතොක් ගහේ කොළ නැහැ.එහෙමත් නැතිනම් පතොක් ගහේ කොළ ක්ෂීණ වෙලා ගිහිල්ලා “

“ ක්ෂීණ වෙලා කියන්නෙ මොකක් ද ටීචර්“

“ ක්ෂීණ වෙනවා කියන්නේ නැතිවෙලා යනවා කියනෙක හරියට අපේ මුතුන්මිත්තන්ගෙ තිබ්බ වලිගෙ දැන් අපට නැහැ වගේ (මන් එහෙම කීවේ විද්‍යාගාර බිත්තියෙ එල්ලල තිබ්බ පරිණාමය පෙරහැර පින්තුරය පෙන්වන ගමන්) . ඒ වගේම අපේ උණ්ඩුක පුච්ඡයත් ටික ටික ක්ෂීණ වෙමින් යන අවයවයක් “

“ ඒ කියන්නෙ ටීචර් ඒක පුංචි වෙලා නොපනී යනවැයි“ 

“ ඒ වගේ එකක් තමා “

දැන් මුළු පන්තියම එකිනෙකා එක්ක පතොක් ගහේ ක්ෂීණ වීම ගැන කතාව. ටික වේලාවක් ඒ කතා වලට ඉඩ දුන්නු මම ආය මගේ පාඩමට ආවා.

“හරි දැන් ලියන්න බලන්න . උදාහරණයට පතොක් කියලත් ලියා ගන්න හරි ය“

කට්ටිය යුහුසුළුව අමතක වෙන්න කලින් පොත් සටහන් දාගන්නව. කාගෙත් ඔළු මේසයට බර වෙලා. ඒත් එක කොණක දෙන්නෙක් විතරක් බරට කතාව. කතාව මෙහෙය වන්නේ විහඟ.අනිකා ඇස් විතරක් නෙමේ කටත් ඇරන් අහන් ඉන්නවා.

“ මොකද ඔතන කතාව. නැගිටිනව දෙන්නම“

“ නෑ ටීචර් මේ.... “

“ ඔවු..කියනව බලන්න මටත් ඇහෙන්න “

“ නෑ ටීචර්...මේ විහඟ කියනවා ගෙදර ගිය ගමන් උණ්ඩුක පුච්චය ක්ෂීන වෙලාද කියල බලනවලු. දැන් බලන්න ලැජ්ජයි ලු “

ටිකක් වෙලා හිටපු මම යන්තම් වචන ගලප ගත්තා. 

“ උණ්ජුක පුච්චය කොහොමෙයි ගෙදර ගිහින් බලන්නේ, ඒක තියෙන්නේ ඇඟ ඇතුලෙ නේ “

අනේ ඉතින් ඊට පස්සෙ මම ශාක පත්‍ර අනුවර්තන පාඩම පැත්තක තියලා “මානව ආහාර ජීරණ පද්ධතිය “ ගැන පාඩම පටන් ගත්තා.............

11 ප්‍රතිචාර:

විසිරි සිහින said...

ලමයි ඔහොම තමා නේද ටීචර්

කළු ලෑල්ල said...

ටිචගේ පාඩම ශාක පත්‍ර දක්වන අනුවර්තනද උත්ස්වේදනය අඩු කිරීමේ අනුවර්තනද? පාඩම මොකක් වුනත් ටිචගේ කතාව ෂෝක් කියමුකෝ

Duminda Abeysekara said...

ඒ ළමයි එක්ක ගෙවෙන ජීවිතය අපූරුවට ඇති කියළා හිතෙනවා මේ කතාව කියෙව්වම.

ජයවේවා!!!

Maathalan - Priyantha Hewage said...

හිනාවෙලා මරෙණවා බං.... පොඩි කාළේ මාත් ඕකට කියන්නේ උන්ඩුක පුඡ්ඡය කියලා...

ගස් ලබ්බ said...

ගස්ලබ්බගෙ උණ්ඩුකපුච්ඡය අයින් කරේ අට හෝ නමය පන්තියේ ඉන්න කාලෙ.සැත්කම කරන ආකාරය බලන්න ඕනෙ කියපු නිසා ඩොකා කපපු උණ්ඩුකපුච්ඡය කුප්පියක දාල බෙහෙත් දාල සීල් කරලා සිහි එනකොට ගෙනත් දුන්න.ඒක අදටත් තියනවා..හෙහ් හෙහ්
ජයවේවා..!!

Ravi said...

ඕක වෙන්න ඇත්තෙ මෙහෙමයි. උඹ උණ්ඩුක පුච්ඡෙ කළුලෑල්ලෙ අඳින්ට ඇත්තෙ අර විහඟ ගෙදර ගිහිල්ල බලන්ට ඕනය කිව්ව අවයවේ විදිහට වෙන්ට ඇති.ඒ හින්ද මීට පස්සෙවත් හරියට ඇඳගන්ට බැරිනම් ලොකු ප්‍රින්ට් අවුට් එකක්වත් අරගෙන ගිහිල්ල දරුවන්ට පෙන්නහං.

අනේ මන්ද මේ විදිහට උඹ ප්‍රජනන පද්ධතිය ඇඳල පාඩම කරපු පහුවෙනිදම ළමයිංගෙ අම්මල තාත්තල කැති පොරෝ මෝල් ගස් අරගෙන ඉස්කෝලෙ වටකරේ නැත්තං ඇති.

Aruna Perera said...

අනේ මන්දා සිත.....මමත් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා , අතගාලා බලනවා ඔය කියන පුච්චය ක්ෂීන වෙනවද කියලා. .....ඔව් කියලා හිත හදාගන්නම බැහැනෙ....හොඳ පාඩමක්..

Ajith Dharma said...

මේ අරයයි එයාගේ ෆෙමස් පුතයි ගැන නේද? හා හා

කල්‍යාණ මිත්‍ර said...

අම්මප ටීචර්.. මාත් ඉස්සර හිතන් හිටියේ උණ්ඩුක පුච්චය ඔතන තියෙන එලියට පේන හිලට කියල.. වැරදිලාවත් ඒක හීන වෙලා වැහිලා ගියානම් එහෙම.. හැක හැක හැක..

ලොකු පුතා said...

Tho kudu gahalada ganja beelada...
Ehema naththan eye beepuwa thaama wedada...
Monaada me guru maathaawak idiriye kuyanne hitan...

ලොකු පුතා said...

Tho kudu gahalada ganja beelada...
Ehema naththan eye beepuwa thaama wedada...
Monaada me guru maathaawak idiriye kuyanne hitan...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...