..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, February 20, 2017

වැස්ස


වැස්ස වහින්න පටන් ගත්තේ එයා දිහා ආපහු හැරිලවත් නොබල ගේට්ටුවෙ කොක්කවත් නොදා පාරට අඩිය තිබ්බ ගමන්මයි. හිමීට බින්දු දෙක තුනක් වැහැල පටන් ගත්ත වැස්ස උන් හිටි ගමන් හිතා ගන්නවත් බැරි තරමේ වැහි ගුලි සට සට ගාලා වැටෙන්න ගත්තා.කුඩේ ඇදිල තිබ්බ රෙද්ද ට ඒ සට පට වේගය දරා ගන්න බැරි වුනා. හරියට මගෙ හිත ඇදල එලල තිබ්බ තීරණය වගේ.

සමුගන්න වෙලාව ළං වෙද්දි ම අහස කළු කරලයි තිබ්බේ. ඒත් වහින්න ගත්තෙ සමුගැනීම සිද්ධවුනා කිවලා හරියටම ස්ථීර වුනාට පස්සෙ.

ඒ වැස්ස නිසා ඇස් වල කඳුළු වලට නිදහසේ කම්මුල් දිගේ උණුසුම්ව ගලා යන්න පුලුවන් වුනා.කූඩේට ඔරොත්තු නොදුන්න වැස්ස කුඩේ හිල් කරන් මාව තෙමන්න ගත්තේ හිතේ තිබ්බ දුක තරමට අඬන්න බැරිතරමට වගේ.

තෙමිච්චි කිකිළි වගේ , වායු සමනය කරපු බස් එහෙක මුල්ලෙ ආසනේකට ගුලි වෙලා, අධීවේගී පාරේ මම ගෙදර එද්දි හිත නම් තිබ්බෙ තාමත් අර ගේට්ටුව ගාව නැවතිලා. ගේට්ටුව ගාව නැවතිච්චි හිතයි , ඊට කිලෝමීටර් සීයටත් වඩා දුරින් ඉන්න ගතයි හරියට ගලප ගන්න බැරිව මහ රාත්තිරියෙ ගත්ත උණ දැන් නම් සනීප වෙමින් තියනවා. ඒ දොස්තර දුන්න බේත් වලට ද නැතිනම් “ ඔයාට කුඩයක් තිබ්බ ද? වැස්සට අහුවුනා ද? පරිස්සමින් ගෙදර ආව ද ? “ කියන වචන ටිකට ද කියල හරියටම කියන්න නම් බෑ.

වැස්සට අහුවෙච්චි

මම
සොඳුරු සිත

5 ප්‍රතිචාර:

Aruna Perera said...

මොනවා වුනත් ගේට්ටුවේ කොක්ක දාලා එන්න තිබුනේ...දැන් හැම බල්ලයි, බැල්ලියිම වත්තට ඇතුල්වෙයි....

Duminda Abeysekara said...

නෑවත් කුඩේ යට හීතල තව නැතියෝ
ආවත් ගේට්ටුවෙ හිත තෙමිලා ඇතියෝ
බීවත් බෙහෙත උණ අඩු වෙන්නට බැරියෝ
කීවත් වගේ හිත වේලණු ගුණ ඇතියෝ.....

ජයවේවා!!!

Duminda Abeysekara said...

ඔව්. ඔව්. නැත්තන් අර ගේට්ටුවේ තෙමි තෙමී තියෙන හිත ඉතුරුවෙන එකක් නෑ...

පොකුරු වැහි said...

//ඔයාට කුඩයක් තිබ්බ ද? වැස්සට අහුවුනා ද? පරිස්සමින් ගෙදර ආව ද ?//

බෙහෙත් මොටද...ඒ හොදටම ඇති...

මගේ පිලොසොෆිය said...

ගත්ත තීරණය වෙනස් කරන්න වෙයි වගේ. නැතිනම් ආපහු උණ ගනී...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...