..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, February 14, 2017

ගෙම්බෙක් දැමීම




ප්‍රභාසංස්ලේශණය තමා මේ මුළු පෘථිවියටම අවශ්‍ය සූර්ය ශක්තිය තිර කරන ජීව ක්‍රියාවලිය.
ඕකෙදි ඕනි වෙනවා වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව සහ පසෙන් ජලය.
හරිත ශාක වල තියන හරිත ලව ඇතුලෙ සිද්ධ වෙන මෙම ක්‍රියාවලියෙන් නිපදවෙන ප්‍රධාන ඵලය තමා ග්ලූකෝස්. අතුරු ඵලය තමා අප කාටත් ශ්වසනය කරන්න අවශ්‍ය වන ඔක්සිජන් වායුව. ඒ තමා පාඩමේ ඉතාම කෙටි හැඳින්වීම .

පිට්ටෙන්නම ගෙවිච්චි දවස් හමාර කරල ආයමත් පොත් පිටු අතරේ මේ දඟ මලු ටික රදවන්න අමාරු , පොත් පිටු අතරෙත් එයාල තාමත් පිට්ටෙන්නෙ වෙච්චි දේවල් කතා කරන නිසා ඒ එහා මෙහා යන හිත් වලට පහුගිය පාඩම සාරාංශ කරල දීලා අද පාඩමට ආවා.
අද පාඩම තමා ශාක ප්‍රභාංසංස්ලේශණයේ දී පිටවන වායුව මොකක් ද කියල පරීක්ශනාත්මකව සෙවීම. ඒකට අපට හයිඩ්‍රිල්ලා ඕනි වුනත් අවසාන කාලච්ඡේදයේ දී හයිඩ්‍රිල්ලා ගෙන්න් පහළ තියන ඇළට බහිනව කියනෙක ඉතින් ඉබ්බා දියේ දෑවා වගේ වැඩක් නිසා පරීක්ෂණය හෙටට කල් දාලා අපි අද ඇටවුම ඇදල පරීක්ෂණයේ පියවර ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා.
මෙන්න මෙතන දි ආව ප්‍රශ්නයක් තමා කොහොමද අපි අඩු කාලයකින් , පිටවන වායු පරිමාව වැඩි කර ගන්නෙ කියනෙක.... උත්තර නම් කලින්ම ටියුශන් මාස්ටර්ල දීල තිබ්බ නිසා ප්‍රධානම ආකාර දෙකක් ළමයි කට පාඩමින් ම කීවා.ඒ තමයි.
1. වැඩි හිරුඑළියක් ලැබෙන තැනක ඇටවුම සවි කිරීම
2. ඇටවුමට යොදන හයිඩ්‍රිල්ලා ශාක ප්‍රමාණය වැඩි කිරිම.

මේ ක්‍රම දෙකට අමතරව ජලයේ අඩංගු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි කිරීමෙනුත් අපට පුලුවන් අඩු කාලයක දී වැඩි වායු ප්‍රමාණයක් (ඔක්සිජන්) එකතු කර ගන්න.
ඒකට මොනාද අපට ගන්න පුලුවන් පියවර කියල ඇහුවම...... බොහොම ක්ෂනික ආපු උත්තරයක් තමා
“ ටීචර් අපි වතුරෙකට ගෙම්බෙක් දාමු “ කියන විසඳුම.... ඇත්තටම ඒ විසඳුම වැරදිම නැහැ. ගෙම්බා ශ්වසනය මඟින් ජලයට කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කරනව ඒ වගේම එයාට ශ්වසනයට ජලයේ තියෙන ඔක්සිජන් වායුව ඕනි වෙනවා. ඒ ගැන ඇති වුනු සංවාදය රසවත් එකක් වුනා. කොහොමත් පෙළ පොතේ නැති පැත්තකට ළමයිගෙ හිත යනව කියන්නෙම පාඩම ඉතා රසවත් වෙනවා කියනෙක තමා.
ප/ලි - ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය වායුව කුමක් ද යන්නත් , ප්‍රභාසංස්ලේශණය අවශ්‍ය වායුව සහ ප්‍රභාසංස්ලේශණයේ දී පිට කරන වායු කුමක් ද යන්නත් දැන ගැනීම ඔබේ වයසේ හැටියට නම් අයත් වන්නේ සාමාන්‍ය දැනීම ගොඩටයි....

9 ප්‍රතිචාර:

Aruna Perera said...

////ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය වායුව කුමක් ද යන්නත් , ප්‍රභාසංස්ලේශණය අවශ්‍ය වායුව සහ ප්‍රභාසංස්ලේශණයේ දී පිට කරන වායු කුමක් ද යන්නත් දැන ගැනීම ඔබේ වයසේ හැටියට නම් අයත් වන්නේ සාමාන්‍ය දැනීම ගොඩටයි.... //////

ජීවින්ගේ ශ්වසනයට අවශ්‍ය වායුව නම් මොකක්ද මම දන්නේ නැහැ. හැබැයි වායුව ඇතුලට ගන්න කුහර දෙකක් තියෙන නහයක් ඕන බව අහලා තියෙනවා. ඕක මට මුලින්ම කියලා දුන්නේ අම්මා. ඒ මම බත් කන්න බැහැ කියලා කට වෙනුවට නහය වහගෙන හිටිය දවසේ.

Duminda Abeysekara said...

ඇහෙන පෙනෙන දේ ඔළුවට ගන්න ළමයි
කියන දේට සිනහව පුබුදනා ළමයි
තියෙන විසේ කිව්වට ඔබ අතරෙ ළමයි
සිටින මමත් වෙනවා ඔබ වගේ ළමයි.....

ජයවේවා!!!

Duminda Abeysekara said...

අරුණටත් වෙන දේවල් :)

Upul Nishantha said...

හයිඩ්‍රිල්ලා කියන්නෙ මක්කැයි ටීචර්..

ලොකු පුතා said...

https://en.wikipedia.org/wiki/Lernaean_Hydra

හර්කියුලිස් ලොක්කා මැරුවේ මේ සතාවනේ, ඌ ඇවිල්ලා හයිඩ්‍රා...
උගේ ගෑණු සතා තමා හයිඩ්‍රිල්ලා කියන්නේ...

Lalith perera said...

ටීචර් වතුරට පිම්බොත් කා. ඩයොක් සයිඩ් සාන්ද්‍රනය වැඩි වෙනවා නේද?

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

:D

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

ඕලෙවල් කාලෙ මතක් උනා...

පොකුරු වැහි said...

පොඩි පැටව්‍ ටික දක්ෂයෝ...එහෙමයි මට හිතුනේ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...