..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, January 8, 2017

“කතාකියන්නාගේ රචිකාවිය “The Storyteller & The Scribe "


''කතාකියන්නාගේ රචිකාවිය''
“The Storyteller & The  Scribe "

-------------------


ට කතා කියන්නන් කිහිප දෙනෙකි. ඔවුන් ගේ කතා නොගෙතූ කතා ය. 

ඔවුන්ගේ මතකයේ ලියැවී ඇති එවැනි කතා මම අසා සිටිමි.අඩු වැඩිය හා මා නොකැමති තැන් කපා , අලුත් වැඩියා කර ලියා මෙහි පළ කරමි.

ඉදහිට ඔවුන්ගේ කතා වල සිටි , හුස්ම ගන්නා ජීවියෙකු දෙන්නෙකු අතට පත් වන ඒ කතා කියවා ඔවුහු පුදුමයට පත් වෙති. එහි සිටින්නේ ඔවුන්ගේම අතීත සුවඳ බව නොදැන “ටිකක් මගේ කතාව වගේ “ යැයි පුදුමය ප්‍රකාශ කරති. 

ඒත් ටික කලකින් ඒ කතාව අවසන් නොකරම වෙනත් කතා ලියන්නට මසිත පෙළඹේ.ඒ මගේ සිතේ ඇති අස්ථිර ගතිය වන්නට ඇත.

 මේ කතා කියන්නන් අතර සිටින ආඩම්බරකාර , සල්ලාල තරුණ ජීවිතයක් ගෙවූ බැංකුකරුවෙකු වෙත මගේ සිත ඇදී ගොස් ඇති බැව් නොකියාම බැරිය. ඔහු දැන් මැදිවිය පසු කරමින් එහි අගිසි කොනේ සිටිය ද මට කතා කියනා ඔහුගේ දිලිසෙන තෙත දෑස් වලින් ඔහුගේ තරුණ අවදිය මම විඳිමි. 

ඔහුගේ කතා ඉතාම සජීවීය.ඔහු බසයේ ජනේලය අසල  යන බව පවසයි  නම් මට බසය ගමන් ගන්නා වේගය මැන ගත හැකි ලෙසින් සුළඟ මා ගත වදිනු දැනෙනා ලෙසින් ඔහු එය විස්තර කරයි. ඇතැම් අවස්ථා වල දී මගේ හුස්ම නැවතී ඇති සැටියක් මට දැනේ.ඔහු එතරම් සජීවීව කතා කියන්නෙකි. දින වකවානු , වේලාවන් පමණක් නොව ගැහැණු ළමයාගේ කොණ්ඩය බැදි රිබන් පටියේ වර්ණය පවා ඔහු විස්තර කරයි.


ඔහුගේ පෙම්වතියන් ගැන මට ඉරිසියා සිතේ. ඇතැම් කතා අතර මඟ දී මට නිදිමත සෑදී සමුනොගෙනම යන්නේ එබැවිනි. ඔහුගේ පෙම්වතියන් සියල්ලම ඉතාම ලස්සනය. ඔවුන් අදටත් ඔහුට ආදරේය.ඔහුට ආසක්තව හිදිමින් , ඔහුගේ සියළු රහස් දන්නා මම පමණක් ඔහුගේ රචිකාවියයි.


14 ප්‍රතිචාර:

Nilantha Pathirana said...

😥

අරවින්ද said...

ඔය කතා කියන්නා බ්ලොග් රචකයෙක්ද? සැබෑ ජීවිතේ කෙනෙක් ද?

෴සොඳුරු සිත෴ said...

@අරවින්ද
අෆෝ නෑ.එයා බ්ලොග් ලියන්නෑ.

රෝමාන්තික රස්තියාදුකාරයා said...

හ්ම්ම්ම්ම්.කතාවක් විතරක් වෙන්න බෑ

උඩුවාගේ සටහන් said...

හිත ගියාට හරියන්නෑ. මාලිගාව හදාගන්න ඕන

Aruna Perera said...

අහන් ඉන්න...ඒ කතා නිර්ව්‍යාජ නම්, ඒවා රසවත් පමනක් නොවේ, ජීවිතයට යමක් එකතු කරාවී. මටත් ඒ වගේ අමු ඇත්ත කතා තියෙනවා ලියන්න. මිනිස්සු හිතයි බොරු කියලා.

චුලෝදර said...

Hmm.... Api kiyana katha ahana ayath blog liyanawada danne na...

෴සොඳුරු සිත෴ said...

හෙහෝ.......ඔයත් එහෙනම් කාට හරි කතා කියනව නේද?

෴සොඳුරු සිත෴ said...

නැැහැ. බොරු කියල හිතනෙකක් නැහැ. අදහන්න අමාරු ඇත්ත කතා කොච්චර තියද.
අහල තියද “ ප්‍රබන්ධයට වඩා සත්‍ය විශ්මය ජනකයි “ කියලා

෴සොඳුරු සිත෴ said...

හැමදේම ගිනි ගනන් කාලේ මොන මාලිගා ද කොල්ලො. හිත විතරක් තිබ්බහම ඇති. සැනසිල්ලේ ඉදතෑකි

෴සොඳුරු සිත෴ said...

කතාවක් මහ යාළුකමක්

෴සොඳුරු සිත෴ said...

මොකද අනේ අඬන්නේ

Aruna Perera said...

////// ප්‍රබන්ධයට වඩා සත්‍ය විශ්මය ජනකයි “ කියලා///////

මේක පට්ට ඇත්ත හලෝ...

මේ අළුත් ෆොමැට් එකට මම ආසයි.

Aruna Perera said...

////කොච්චර තියද.
අහල තියද /////

අපි නම් මේක අහන්නේ අහල තියෙනවද....කොච්චර තියෙනවද කියලා. එහෙමත් නැත්නම්...අහල නැද්ද කියලා. අපේ පොඩි නංගි මාතරට සින්නවුනාට පස්සේ අපෙන් අහන්නේ..."අහලා තියේය ලොකු අයියේ " කියලා.

අහලා නැද්ද කොළඹ කොල්ලෝ බයිලා කියනවා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...