..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, January 31, 2017

(නො) ගැලපීම





ඒ හිනාවට 
පණ උනත් දෙන්න පුළුවන්,


ඒ සිතුවිලි වලට
ඒ හැසිරීමට 
ඒ තියන නොහොබිනා සංසුන්කමට
හදවත පුරවල ආදරය දෙන්න පුලුවන්

ඒත්,
ඒ නිහඬ බවට 
ඒ නොසැලකිල්ලට
ඒ බැල්මෙ තියන වනචරකමට

පුලුවන් මාව මිනිමරුවෙක් කරන්න

ඔබට (නො) ගැලපෙන
මම
෴සොඳුරු෴ 

6 ප්‍රතිචාර:

chef-architect said...

කෝකටත් මම කුස්සියේ තිබ්බ පිහි, පොලු, මන්න අරවා මේවා හැංගුවා...හම්මෝ...!

Duminda Abeysekara said...

දුන්නොත් ඔය පණ සේරම උඹ මියැදෙනු ඇත
මැරුණොත් උඹ මට පාලුයි තනිකම හුරු නැත
කිව්වොත් බොරු නොව උඹෙ රුව පරදයි මීවිත
මැරුවොත් මගෙ උල් දත් දෙක උඹෙ ගෙලටයි හිත........

ජයවේවා!!!

Aruna Perera said...

මේ නිහඬ බව බිඳින්න
එක වචනයක් කියන්න.....

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

කොයි කාලෙ ඉදන්ද අයියේ කවි ලියන්න ගත්තේ...

Mahesh Rathnayake said...

මං T56 hand granade එහෙමබසප්ලයි කරනව 😃 😃

Duminda Abeysekara said...

ඉස්කෝලේ යන කාලේ ඉදන්නේ....මිතිල.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...