..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, January 22, 2017

ජෙරී ගෙදර ඇවිත්


ඉරිදා දින පස්සට අව්ව ටිකක් වැටෙනකම් නිදා ගැනීම මගේ සිරිත උනත් ඇහැ කණ පියා නිදන්නට නොහැකි ලෙස උදෑසනම කුස්සිය දෙසින් වළං , පිඟන් පෙරළෙන හඬ ද, අම්මාගේ උද්යෝගීමත් හඬද ඇසී තව දුරටත් ඇස වසා සිටිය නොහැකි නිසා ඇහැරින්නට සිදු විය...... ඇරිය ඇස් පිසිමින් හඩ ආ දෙසට ගිය විට එතැන එහෙම් පිටින්ම යුධ පිටියකි. සිනා සාගරයකි.


නිතර පිළිවලට ඇති කුස්සිය දැන් එකම අවුල් ජාලයකි. පිඟන් , කෝප්ප තැන තැන බිම වැටී පෙරළී අවතැන් වී ඇත. කුස්සියේ ඇති පුංචි මේසයේ මේස රෙද්ද දිගෑදි එක් පසෙකින් බිම ගෑවෙමින් ඇත.

අම්මා ගේ දකුණතේ කොස්ස තදින් මෙලවී ඇති අයුරින් ම ඇය ඉන්නේ තරහ ගොසින් බව පෙනී යයි. මගේ කළු තඩි බල්ලා “ෂැඩෝ“ වලිගය කෙළින් කර ගෙන පස්ස උඩ දාගෙන සිටිනු පෙනේ. ඌගේ ඇඟේ ඉදිරිපස ට අයත් හිස කොටස නොපෙනෙන බැවින් මම තවත් අඩි කිහිපයක් කුස්සිය තුලට තබා , පා ඇඟිලි වලින් එසවී ගෙලද දික්කර සිදුවන දේ නැරඹීමි. බල්ලා පස්ස උඩ දමාගෙන ඌගෙ හොම්බ පහළ වළන් අසුරන රාක්කයේ ඔබාගෙන මහ හයියෙන් හුස්ම ගනියි, පිඹියි, උද්යෝගයෙන් නලියයි.

අම්මා උගේ උද්යෝගය වැඩි වන ලෙසින් විටින් විට අත ඇති කොස්සෙන් වළං ගොඩට තට්ටුවක් දමයි. අම්මාගේ ප්‍රියතම වළඳ පළුඳු වී ඇතත් ඇයට එය ගාණක් නැති ගානය.

හිටි ගමන් වළං ගොඩෙන් පැන දිවුවේ මීයෙකි. ෂැඩෝ ද උගෙ පසු පසින් පන්නනට විය. “ ටොම් ඇන්ඩ් ජෙරී “ කාටූන් කතාව කුස්සියේ දිගෑරෙන්නට විය. මීයා අරහෙන් මෙහෙන් වෙට්ටු දමමින් දුවයි. විටෙක මේසය උඩය, විටෙක පුටු කකුලක එල්ලී ඉහළට යයි. තවත් විටක බිම ගෑවෙමින් ඇති මේස රෙද්දේ එල්ලී ඔන්චිලි පදියි.

මීයාට නම් ගාණක්වත් නැති උනත් බල්ලා ට වෙහෙස බව පෙනේ. නමුත් ඌගේ ද උද්යෝගයේ අඩුවක් නම් නොපෙනේ. අම්මා විටෙක චියර් ගර්ල් ලෙසින්ද තවත් විටක මඟ පෙන්වන්නිය ලෙසින් ද බල්ලා පසු පස්සේ ඇදේ. 

එක වරම සියල්ල නිහඬ විය , බල්ලාගේ නගුටේ සෙලවිල්ල ද නරත විය. මීයා පෙනෙන්නට නොවීය. බල්ලා ජයග්‍රාහී විලාසයක් මවමින් අම්මා දෙස බලත්ම , උගේ මූණ ඇඹරී ගොස් වැසු කට ඇරුනි.

නැවතත් මීයා එළියට පැන්නෙන් , සටන යළිත් ඇරඹුනි. බල්ලා තරමක් දුරට තරඟයෙන් ඉවත්ව හුන් තැනම ඉදිමින් අප්‍රියජනක යමක් මුව තුලට ගත්තා වැනි හැඟීමකින් දෙතුන් විටක් වමනය දමන්නට මෙන් සැරසී නැවතත් තරඟයට අවතීර්ණ විය.

මීයාගේ වේගය අඩු වී තිබූ අතර, මරණ බිය නිසාම එහෙට මෙහෙට පැද්දෙමින් දිවුවා මිසක උගේ ශක්තිය හීන වී ගොස් ඇති බැව් පෙනුනි. මෙවර ලෙහෙසියෙන්ම මීයා , බල්ලාගේ ග්‍රහණයට හසුවිය.

නමුත් , බල්ලාට ඌ මුව තුළ රදවා ගත හැක්කේ ඉතාම කෙටි කාලයකි. බල්ලා කට අරින සුනංගුවෙන් මීයා එළියට පනින නමුත් මෙවර නම් උගේ ශක්තිය බිංදුවටම බැස ඇති බැව් පෙනුනි.

මීයා පරිස්සමට බිඳුනු වළඳට ගත් අම්මා , කුස්සියෙන් ඉවතට යත්ම ,  දවසේ වීරයා  වූ බල්ලා ද ඇගේ පසුපසින් ඇදෙන්නට විය.

කුස්සියෙන් ඉවතට ගොස් එළිමහන් පරිසරයේ දී මීයාට අවසන් ගරු බුහුමන් දැක්වූ අතර , බල්ලාගේ හිස අතගෑ අම්මා උගේ උදෑසන ආහාරයට වැඩිපුර මස් කට්ටක් දෙන බවත් , ඌ ඉතාම විශිෂ්ඨ ගණයේ දුර්ලභ වර්ගයේ බල්ලෙකු බවත්, මීයන් නම් නැවත කුස්සියට නොපැමිණෙනු ඇති බවත් පවසමින් ස්තුති කතාව පවත්වා, මී අවමඟුල් කටයුතු නිම කළ අතර.

ඇගෙන් ලද දුර්ලභ ගනයේ “ප්‍රසංසාව “ නිසා බල්ලා ද තරමක් උඩඟු වී ඇතැයි මට සිතුනේ , වෙනදා මෙන් උදෑසන උගෙන් මට ලැබෙන උණුසුම් පිළිගැනීම  නොලැබුනි නිසා ය.

ඒ කොයි මොක වෙතත් , “හෙට දිනයේත් මීයකු කුස්සියට පැන , අපේ බල්ලාගේ ගෞරවය වැඩි කර දෙනු ඇතැයි මගේ ප්‍රාර්ථනාවයි “

ප/ලි- අහිංසක මීයා ගැන මී පවුලට මගේ සෝකය මෙසේ ප්‍රකාශ කරන අතර , දඩබ්බර මීයන්ට උපදෙස් ලබා දෙමින් , ආහාර සොරකම් කිරීමට නවතම ක්‍රම සොයා ගැනිමට යොමු වීම මැනවැයි මම යෝජනා කරමි.


24 ප්‍රතිචාර:

Maathalan - Priyantha Hewage said...

පැරණි ආත්තෝපදේස වෙනස් කොරන්න වෙයි වගේ හිටන්...

මේ කතාව මරු අප්පා...

෴සොඳුරු සිත෴ said...

මම මාතෙ අයියගෙ කැමතිම ගුණයක් ඔය. හොඳයි නම් හොඳා.නරකයි නම් ආය හිත රිදුනද අරව මේව බයිල නැහැ හොඳ නෑ කියන්න දෙවරක් හිතන්නෑ. ඒ නිසා ඔයා වගේ අය වටිනවා මට නම්..ස්තුති .
මොකක් ද ඒ ආත්මොපදේශය ?

Duminda Abeysekara said...

හෙහ් හේ.... කාටුන් එකක් වගේ මැවෙනව රූප මේක කියෙව්වම.

ගස්ස ගස්ස බල්ලා ඉව කර පණිතී
කොස්ස අරන් අම්මා ඌ හා දුවතී
දස්ස වුණත් මීයා මරු සමග යතී
විස්සයි විස්ස ශානිත් නිහඩව බලතී.....

ජයවේවා!!!

෴සොඳුරු සිත෴ said...

මරු කවිය ලොක්කා.
හෙහේ...ස්තුති...
මේ ඒක නෙමේ, ෆේස් බුකියෙ මගේ එකවුන්ට් එකේ ඉන්නවැයි ඔහෙ.

Duminda Abeysekara said...

මුහුණු පොතක් තිබුණත් කාලෙකින් ඒ පළාතේ ගියේ නෑ. ළඟදිම අලුත්කරගෙන ඒ පැත්තෙත් එන්නැයි හිතන් ඉන්නේ...හොඳේ

ජයවේවා!!!

Duminda Abeysekara said...

"සොඳුරු" වචනය හින්දා සොඳුරු සිතයි සොදුරු සඳවතීයි මාරුවුණානේ. සමාව ඉල්ලන ගමන්ම කවියේ හතරවෙනි පදේ මෙහෙම වෙනස් කරන්නම්...

"විස්සයි විස්ස සොඳුරුත් නිහඩව බලතී..."

ජයවේවා!!!

කඩයිමේ ධනුවා said...

maru kathaawa :D :D

Ravi said...

මනුස්සයො, ඔය ෂැඩෝ වගෙ වටිනා කියන බල්ලෙක්ගෙන් මීයො අල්ලවන්ට උඹෙයි අම්මගෙයි ඔලු ගෙඩි ඇතුලෙ මොනවද මන්ද තියෙන්නෙ...හරියට අපේ හිටපු මහරජතුමාගෙන් කුරුණෑගල පාලං බෝක්කු හදවගන්ට හදනව වගෙ වැඩක්නෙ...

මීයො අල්ලන්ටම ඕන නං ඒකට වෙන ඔය අඩු ජාතියෙ ලොන්තපෝල් බල්ලෙක් හොයාගෙන වර.අර වංසවත් සුනඛෝත්තමයගෙ අභිමානය දෙකේ කොලේට දාන්නෙ නැතුව.

Pradeep Gunarathne said...

මීය පව්...

Kaushi Wick said...

Ahamben dekala awe, monawada thiyenne balanna. Suba pathanawa oyata.

පොකුරු වැහි said...

නියම කතාව...බල්ලෙක් උනත් රජ වෙන ක්‍රමය දන්නව නම් ඉතින් එච්චරයි...

MALINDA DIAS said...

මට මීයා ගැන දුකක් හිතුනා

MALINDA DIAS said...

මට මීයා ගැන දුකක් හිතුනා

Maathalan - Priyantha Hewage said...

මීයෝ අල්ලන්නේ පූසොයි කියන එක...

Rotiya Baba said...

කතාව මරු ඈ

රස්තියාදුකාරයා said...

හපොයි මීයා

ගස් ලබ්බ said...

ඒක වෙනම රහක්... එල
ජයවේවා..!!

Aruna Perera said...

ෆේස්බුක් ගිහින් බ්ලොග්ස් අමතක කරන්න නම් එපා ලොක්කා.

Aruna Perera said...

මරුනේ සඳ.....පොඩි කාටුන් ෆිල්ම් එකක් වගේ. ත්‍රාසය, කුතුහලය, දයාව ඒවද මේවද ඔක්කොම තියෙනවා. මේක ඉස්කෝලේ පොඩි එවුන්ට කියවන්න, කොහේ හරි අලවන්න. ඉස්සර වගේ බිත්ති පුවත් දැන් ඉස්කෝලවල නැද්ද..

Aruna Perera said...

මරුනේ සඳ නෙමේ ...මරුනේ සිත. මටත් වෙන්නේ දුමියට වෙන වැඩේමයි. සොඳුරු වෙනුවට කුරිරු කියලා දෙන්නගෙන් එක් කෙනෙක් වෙනස් කරගන්න :D

Aruna Perera said...

////මම මාතෙ අයියගෙ කැමතිම ගුණයක් ඔය. හොඳයි නම් හොඳා.නරකයි නම් ආය හිත රිදුනද අරව මේව බයිල නැහැ හොඳ නෑ කියන්න දෙවරක් හිතන්නෑ////////////

ෆුල් එකඟයි.

Duminda Abeysekara said...

කොතන ගියත් බ්ලොග් අතාරින්න බැරිවේවී, අරුණ.

Duminda Abeysekara said...

හෙහ් හේ.... ඒක තමයි මටත් වුණේ...

ANITA DI PADANG said...

Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...