..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, January 16, 2017

වැලන්ටයින් ඇබෑර්තුව







පරිණත
සිහි බුද්ධිය ඇති. 
කවි , කතා රස හැඳිනිය හැකි
තුන්තිස් පැයේ කෝල් නොකරන
කෑවැයි , බීවැයි මැසේජ් නොකරන
ලාවට හරි අඩියක් ගසන
හාස්‍ය රස දත්
සැර , වැර නොමැති
පිළිවලට අඳින 
(කොටු කොටු ශර්ට් අදින)
රබර් සෙරෙප්පු දාන
උඩු රැවුලක් සහිත
රසබර පෙම්බරයෙක්ට
ඇබෑර්තුවක් ඇත.............

෴ සොඳුරු ෴



ප/ලි: - 
  • ලොකු අකුරු සහිත වචන කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න.
  • විවාහකයින් බිරිඳගෙන් ලබා ගත් නිර්දේශය හෝ අවසර ලිපිය අයදුම් පත්‍රයට අමුණා එවීමට කාරුණික වන්න.
  • වයස ජස්ට් අ නම්බර් වුවත් “පරිණතබව“ කෙරෙහි විශේෂ සැලකිල්ල දක්වන බව කරුණාවෙන් සලකන්න.
  • මාගේ තීරණය අවසාන තීරණය වේ. 
  • නීති උපදෙස් අනවශයයි 

25 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

රැවුලක් නිකටෙ පමණක් ඇත වෙමින් ඳගේ
කවියක් ලියා තිබුණත් මගෙ සිහිය ඟගේ
ඇඳුමක් ඇතත් කොටු කමිසත් නැහැම වගේ
දරුවෙක් සමග තනි මා සුදුසුයිද නගේ.....

ජයවේවා!!!

Ravi said...

මට නම් යෝදියෙ ඔය සුදුසුකම් ඔක්කොම තියනව වැඩියෙනුත් එක්ක...හෙහ්,හෙහ්...

හරි දැන් එහෙනං කියාපං බලන්ට උඹේ සුදුසුකම් මොනවද?

පොකුරු වැහි said...

මටත් මතක් උනේ ඔහේවයි, අපේ අරුණ මහත්තයවයි නෙවෙන්නම්...මේ සුදුසුකම් දැන් කාලේ කොල්ලොන්ට නම් නැහැ..අඩුම තරමේ හතළිස් පහ පැනල, පනහ කිට්ටු කරපු රොමැන්ටික් කට්ටියට තමයි මේ සේරෝම ලක්ෂණ තියෙන්නේ කියල මං උගත්තේ මේ බ්ලොග් කියවලමයි...

පොකුරු වැහි said...

දුමී ලියපු රහම කවියක්...

Ravi said...

Duminda,

අවුලක් වෙන එකක් නෑ බං..දරුවෙක් එක්ක කියන්නෙ රෙඩි මේඩ් පවුලක්..සොඳුරු ඒ කරදරෙනුත් ඔන්න නිදහස්...:)

Ravi said...

ඇත්තම කිව්වොත් මට රබර් සෙරෙප්පු දෙකක් තිබ්බෙ නෑ. ගෙදරට දාන්නෙත් හම් සෙරෙප්පු.

ඒ පාර තකහනියක් හන්දියෙ කඩේ දොර ලෑල්ලට තඩිබාල ඇරවගෙන රබර් සෙරෙප්පු දෙකෙකුත් ගත්තයි කියමුකො. ඔන්න බොල දැන් සියලු සුදුසුකම් සපුරා ඇත...:)

Ravi said...

පොකුරු,

අප්පටසිරි අරූයි මායි විතරෙයි ඉන්නෙ? මහ ජංජාලයක් නෙව වෙන්ට යන්නෙ...:)

සොඳුරු,

මම අපේ බිරින්දෑ තොමෝට අද හවස කතා කලාම කිව්ව මෙහෙම ඇබෑර්තුවක් තියෙයිය, ඒකට අයදුම් කරන්ට බිරිඳගෙන් අනුමත ලිපියක් ඕනය කියල.

උන්දැ ඒ පාර කියපි "ආ එහෙමද? මට දෙන්ටකො ඔය අම්මණ්ඩිගෙ ඉස්කෝලෙ ඇඩ්ඩස් එක.මම ඉස්කෝලෙට ගිහිල්ල එවුන්දැගෙ පිටේ තියලම ලියුම අස්සං කරල දෙන්නම්කො" කියල. වඩියුසේ මැඩම්? දෙන්ටෙයි ඇඩ්ඩස් එක?

තිසර said...

වැටුප කොහොමද දන්නේ නෑ?

Duminda Abeysekara said...

රවී..
නැතුව බං. කාලෙත් ඉතුරුයි. මුදලුත් ඉතුරුයි...:)

Duminda Abeysekara said...

දැන් පනහ පැනපු කසාද බැඳපු රොමැන්ටිකයෝ විතරද ඉල්ලුම් කරන්නේ....

Duminda Abeysekara said...

රවී....
බිරින්දැ පන්සල් පල්ලි ගානෙ ගිහින් බාරයක් වුණාවත්ද ?

ලිඛිතා said...

ඕටී, බටා එහෙම කොහොමද දන්නෑ ?

Mahesh Rathnayake said...

හම්මේ ඉතිං නේ...
අපරාදෙ මෙච්චර කල් බ්ලොග් කියෙව්වෙ නැත්තෙ හිටං..
ඇබෑර්තු ඇත.. 😂 😂 😂
ඇප්ලිකේසොං එකක් කොහෙං හම්බුවෙයිද දම්නෑ නේ

Mahesh Rathnayake said...

හම්මේ ඉතිං නේ...
අපරාදෙ මෙච්චර කල් බ්ලොග් කියෙව්වෙ නැත්තෙ හිටං..
ඇබෑර්තු ඇත.. 😂 😂 😂
ඇප්ලිකේසොං එකක් කොහෙං හම්බුවෙයිද දම්නෑ නේ

Lalith perera said...

Best of Luck teacher..

Aruna Perera said...

මමයි, රවීයි විතරයි කියන්නේ, මට තරඟයක් නැහැ කියන එකනේ පොකුරු :D

Aruna Perera said...

මහේෂ් කොහෙද බං හිටියේ.

Aruna Perera said...

ඇප්ලිකේෂන් එක එවලා ගොඩක් කල්නේ :D

එදිරි said...

උඩු රැවුලයි කොටු ෂර්ට් එකයි නං වෙනියම තමා

Ravi said...

අරූ,

අඩේ එහෙම කොහොමද? උඹට නිකම්ම දිනන්ට නේද? එව්ව කොහෙද මාත් එක්ක...

සොඳුරු,

ලෑස්ති කරපං උඹලගෙ ඉස්කෝලෙ පිට්ටනිය මැද අලුහුණු වලිං රවුමක් එහෙම ඇඳල..ම්ම්ම්..අඩි විස්සක් වගෙ ඇති විස්කම්බෙ.

අරූයි මායි අමුඩ ගහගෙන ඒක මැද ඉඳල අංගම්පොරයක් අල්ලනව. රවුමෙං එලියට මුලින්ම විසිවෙච්චි එකා පැරදි.

විනිස්චයට දාන්නෙ සොඳුරුයි, අරූගේ ප්‍රියාදර බාර්යා තොමෝයි අපේ ප්‍රියම්බිකා තොමෝයි... :)

නාඩියා නාඩිරත්න said...

ලාවට හරි අඩියක් ගහන කියන එකේ තමයි පොඩි පරහකට තියෙන්නේ! :D

Aruna Perera said...

ලාවට නම් කොහෙත්ම බැහැ නේද නාඩියෝ...

MALINDA DIAS said...

බිරිඳගේ අවසර ලිපිය..හැක හැක හැක..
හරි හොරට හරි අත්සන ගහලා ලියුම ගේනවා කියමුකෝ..ඉතිරි සුදුසුකං තියනවා කියලා හිතනවා..වැඩේ මං රබර් සෙරෙප්පු දාන්නෙ නෑනේ සොඳුරු සිතැත්තී..ඒකට මොකෑ කොරන්නේ

MALINDA DIAS said...

බිරිඳගේ අවසර ලිපිය..හැක හැක හැක..
හරි හොරට හරි අත්සන ගහලා ලියුම ගේනවා කියමුකෝ..ඉතිරි සුදුසුකං තියනවා කියලා හිතනවා..වැඩේ මං රබර් සෙරෙප්පු දාන්නෙ නෑනේ සොඳුරු සිතැත්තී..ඒකට මොකෑ කොරන්නේ

ANITA DI PADANG said...
This comment has been removed by a blog administrator.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...