..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, January 13, 2017

ජීවිත විල




මම මිනිස්සුන්ගෙ ජීවිත වලට එඹිල බලන්නෑ.ඒත් ලඟින් ඇසුරු කරන සමහර අයගෙ ජීවිත , පැහැදිලි වතුර පිරිච්චි විලක් දිහා බලනව වගේ පැහැදිලිව දකින්න මට පුළුවන්. 

ඒ විල් වල හැම විලකම ඉන්න මාළු පැටව්, ගෙම්බො, ඉබ්බො විතරක් නෙමේ , මඩෙන් උඩට පිපෙන්න එන ඕලු ,නෙළුම් අතරෙ වරල් ගහන තල්මස්සු, පුංචි මුහුදු අශ්වයො, මෝරු, මැරිච්චි ඇල්ගී. පිපිරෙන්න බැරි වුනු බිත්තර, මඩ යට හැංඟිලා වරින් වර උඩට එන්න හදන විලට කොහෙත්ම අයිති නැති දේවල් වගේ දෙයින් පිිරිලා තියනවා. 

ඒ විල් වල බැහැල පීනල , විලේ සිසිල අසිරිය විඳින ගමන් මගේ විලට ඒ විලෙන් නෙලා ගත්ත මලක් මතකයක් විදිහට අරන් ඇවිත් , ජීවිත විලේ අසිරිය දැකල මම හැමදාමත් පුදුමයට පත් වෙනවා.


ඔබේ ජීවිත විලේ පීනුව 
මම
෴ සොඳුරු සිත ෴


5 comments:

  1. හ්ම්.....විලක නේද පීනුවා කිව්වේ.......හොඳයි..හොඳයි.

    ReplyDelete
  2. විලකට ගල් පතුරකින් හරි දමල ගැහැව්වම වතුරෙ ලස්සනට රටා මැවෙනවා.නිසල විල දිහා බලා ඉන්න ආස වුණාට එක විදිහටම ඉදල විලට ඇති වෙලානම් විල බලා ඉන්නෙ විල් දිය සසල කරනකම්....

    ReplyDelete
  3. ඒක හොඳ හැකියාවක්..

    ReplyDelete
  4. ඒක හොඳ හැකියාවක්..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...