..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, January 4, 2017

අටේ පන්තියෙ කතාවක්

අටේ පන්තියෙ කතාවක්
----------------------------------
පන්තිය - අට සී
කාලච්ඡේදය - අන්තිම කාලච්ඡේදය
විෂය - මගෙ විෂය (විද්‍යාව)
පාඩම - ක්ෂුද්‍ර ජීවීන්



කලින් දහයෙ පන්තියක් තිබ්බ නිසා විනාඩි දහයක් විතර පරක්කු වුනා අටේ පන්තියට එන්න.ඒකට හේතුව තමා දහයේ පන්තියෙ ඉදන් අටට එන්න කන්ද බැහැල මහ පාරත් පහු කරන්න ඕනි. ඒ ඩිංගට මේ අටේ පුංචි ඈයෝ මාව හොයන්න දෙසැරයක් ලැබ්බෙකට ඇවිත් ගිහින්. මම පන්තියට එනව දැකල එයාලට හරිම සතුටුයි. 

“ අපි හිතුවෙ ටීචර් එනේකක් නැහැ කියලා“ හරි සතුටින් එයාල මාව පිළිගත්තා. නමුත් ලොකු පන්ති වලදි මේ සිද්ධියෙ ප්‍රතිවිරුද්ධ පැත්ත තමා වෙන්නේ.තව විනාඩි යක් දෙකක් පහු වුනා නම් අටේ ඈයෝ ටික විදුහල්පති හමුවෙන්න ගිහින් මම නැති විත්තිය කියන්නේ මට දඩුවම් කරන්න හිතාන නෙමේ , ඇත්තටම එයාලගෙ විද්‍යාව ටීචර්ට මොකද වුනේ කියල දැන ගැනීමේ සැබෑම සත් චේතනාවෙන්.

එයාල හැමෝම සිනා මුසුව හිටියා. (ලොකු පන්තියකදි නම් අන්තිම කාලච්ඡේදයේ දී මූණු ටිකට හෙන ගහල වගේ ඉන්නේ )
මම පොත් ටික ගුරු මේසය උඩ තියනකමුත් කට්ටියම මා දිහා සීරුවට බලා හිටියා.
මම හිනා වෙලා පන්තිය දිහා බලල අත් දෙක එකතු කරද්දීම ..

“ ආආආ....යු...බෝබෝ...වන් ටීටීචර්ර්ර්ර්....“

ලස්සනට , තාලෙට එක හඩට

“ වාඩි වෙන්න ...........“

“ ටීචර්....ගෙදර වැඩ..............“

“ ඔක්කොම සොයා ගත්ත ද ?“

“ නෑ ටීචර් ..තුනක් හොයා ගන්න බැරි වුනා “

“ ඒ මොනාද? “

“ වසූරියයි ....ලාදුරුයි............ පැපොලයි “

පොතේ නැති රෝග තුනක් හිතලම තමා මම දුන්නේ . 

“ තව දවසක් දෙන්නම් ...බලමු හොයා ගන්න පුලුවන් වෙයි ද කියල ඔයාලට“

එකසිය අසූවට දෙපැත්තට ඔළුව වැනුව එයාල.

“ ටීචර් මම පාන් ගෙනාවා.හැබැයි තාම පුස් හැදිල නැහැ........“

පාන් ගේන්න කීවා කියල මට මතක් වුනේ එතකොටයි..... 

“ අපි වතුර ටිකක් ඉහළ , කළුවර තැනක තියල යමු මීයන්ට අහු නොවෙන්න “

අද අපි ඉගෙන ගමු යීස්ට් ගැන.....

ඒ වෙද්දි ළමයි දිනේ දාලා වැඩට ලේස්ති වෙලා....

“යීස්ට් ඒ මොනාද ටීචර් ? “

“ ඒක තමා අද ඉගෙන ගන්නේ ?“

ඊට පස්සෙ පාන් බේකරිය පැත්තෙ මම ළමයින්ව එක්කරන් ගියේ හිතින්.... ඒ අස්සේ

“ ටීචර් සුමුදු නම් ඕවා හරියටම දන්නවා “

බැලින්නම් සුමුදුගෙ තාත්ත බක්කරේ කෙනෙක්......

පුංචියට ඇනුව පිටි ගුලියයි .... අන්තිමට හැදෙන ලොකු රාත්තලේ පාන් ගෙඩියයි මම ඒ වෙද්දි කළු ලෑල්ලෙ ඇදල ඉවරයි. 

පන්තියෙ ඉන්න බෝල විහඟ, අතත් කම්මුලේ ගහන් බෝඩ් එක දිහාම බලාන ඉන්නවා.... බලා ඉන්න බැරිම තැන කොල්ල අහනවා.

“ අච්චර චුටි පිටි ගුලියෙන් කොහොමද ටීචර් ලොකු පාන් ගෙඩියක් හැදෙන්නෙ?“ 

මගෙ සතුටෙ නිමක් නෑ. මට ඕනිම දේ එක ළමයෙක් හරි අහපු එකට මට ඒ පොඩි එකාව ඉඹීන්න හිතුනා..........

ප/ලි- ළමයෙක් ඉස්කෝලෙ එන්නෙ මුළු විශ්වයේම තියන ප්‍රශ්න ගොඩාක් අරන්. එයාල හැමවෙලේම “ ඇයි ?“ කියල අහන්නෙ ඒකයි.ඒත් ගුරුවරුන්ට පේන්නත් බැරි ළමයි නිතරම “ඇයි “ කියල අහනෙකම නිසා ම හෝ ගුරුවරයාගේ හිත රිද්දන්න ළමයි කැමති නැති නිසාම හෝ මේ “ඇයි “ එක ළමයා ආයාසයෙන් හිත තුළම රදවන් නිහඩ වෙනවා. ඒ නිසා පුංචි පන්ති වල ඉදල ඉහළ පන්ති වලට යද්දි කියන ඕනිම දෙයක් ලියා ගන්නයි, අහන් ඉන්නයි විතරක් එයාල පුරුදු වෙනවා.එතකොට ටීචර්ගෙ රැවිලි ගෙරවිලිත් අඩුයි.“ඔය ළමයට ඕනි එකක් නැහැ එපා එකක් නැහැ. පාඩම ඇහුවොත් බැහැ එනව මෙතන පන්ඩිත ප්‍රශ්න අහන්න “ කියල ළමයට දොස් අහ ගන්න වෙන්නෙත් නැහැ නේ....

ඒත් මම කැමැති මගෙන් හැමවෙලේම “ අයි ටීචර් ඒ “ කියල අහනව නම්.....

මාත් වැඩිය දන්නෑ...ඒත් මට ගූගල් තියනවා. මාත් සොයනවා ඉගෙන ගන්නවා. පොඩ්ඩන්ටත් ඉතින් ලෝකේම ප්‍රශ්න ඔළුව උඩනේ...... හා නැද්ද?

ආහ් ඒක නෙමේ....අපි හෙට යීස්ට් වලින් බැලුමක් පුම්බන්නයි හිතාන ඉන්නේ...වැඩේ හරි ගියත් වැරදුනත් ඒ ගැන හෙට ලියන්නම්....

Show m

10 comments:

  1. ලියන්න...ලියන්න..
    මගෙ නංගිත් ඔය පලාතේම ඉස්කෝල නෝනෙක්. කෝල් එකක් දුන්නත් පන්තියෙ ලමයි ගැනමයි කියවිල්ල.

    ReplyDelete
  2. ඇයි ....කියල අහනවට අකමැති ටීචර්ල ඉස්කෝල එපා කරවනවා

    ReplyDelete
  3. " ඇයි ටීචර් ඒ ? "

    ජයවේවා!!!

    ReplyDelete
  4. පාං බැරිනං කේක් කාපං ටීචර්!
    මං ලිංගිකත්වය ගැන පාඩමේදී අපේ ටීචර්ගෙන් කොච්චර ප්‍රශ්ණ ඇහුවත් උත්තර ලැබුණෙ නැහැ.
    ඒ පාඩම දවසෙන් පස්සෙ ටීචර් මාව හෙනම කාඩය ගාණට දැම්ම

    ReplyDelete
  5. ළමෙක් ඇයි කියල අහනවට බය ගුරුවරු කියන්නෙ උගන්නන්න සුදුසුකං තියෙක ජාතියක් නෙමෙයි.

    ඊස්ට් වලින් ඇල්කොහොල් පෙරන්නත් උගන්නයිද දන්නෑ ළමයින්ට. හැක්..

    ReplyDelete
  6. බ්ලොග් ලෝකේ ඉන්න ගුරුවරු ඔක්කොම එකතු කරලා රෝලක් හැදුවොත් පංකාදු පහයි කියලා හිතෙන්නේ මේ වෙලේට තමා :)

    ReplyDelete
  7. අයි ටීචර් ඒ

    සෝක් බෝලේ

    ReplyDelete
  8. මමත් ඔය විදියට ප්‍රශ්න අහන්න ගිහින් ගුරුවරියක් මට පන්ඩිතයි කියල අපේ හොස්ටල් මේට්ට්‍රන්ටත් කියල මේ ළමය හැම වෙලේම ප්‍රශ්න අහනව මෙයා ගෙ කට මට්ටු කරන්න කියල. එදා ඉඳන් මට හොස්ටල් එකේවත් ඉන්න බැරි වුනා. පුංචි වරදටත් මේට්ට්‍රන් අර ගුරුවරිය කියපුව මතක්කර කර බැන්න. අදත් මට ඒ ගුරුවරිය ගැන තියෙන්නෙ පුදුමාකාර තරහක්.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...