..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, June 3, 2016

කලකින් ලියුවෙමි

කලකින් ලියුවෙමි
----------------------------




ඇසකින් පෙර නිතර හැඩූ

කලකින් නැහැ කඳුළු බිඳූ

තුටින් සිටින අයුරු දැරූ

නුඹ අමතක වී ද සිතූ

ළං වී නෙතු තුළට ඇගේ

හොඳින් බලනු සතුට ඇගේ

සිනා සලන නෙතක අගේ

නොපෙනද තෙත තවම ඇතේ


- සොඳුරු -


ප/ලි - ඉස්සර මං ලීවෙම විරහ කවි වගේ එවුවා. දැන් කලකින් එහෙමෙකක් ලියවුනේ නැහැ............. ඒත් මේකත් නරකම නැහැ නෙහ් ?

Wednesday, June 1, 2016

ඇවගඩ්රෝ සහ සීනි බෝල

ඇවගඩ්රෝ සහ සීනි බෝල
--------------------------------------------


පාඩම “මවුලය“ . 

පන්තිය- දහය. 

සමස්තයක් විදිහට ගත්තොත් ගණිතයට අපේ ඉස්කෝලෙ ළමයි දුර්වලයි. ඇත්තම කීවොත් හරියට ගණිතය උගන්වන්න බැරි ගුරුවරයෝ දුර්වලයි.

ඒ අස්සෙ විද්‍යාවටත් ගණිතය නැතිවම බැහැ...

“මවුලය“ කොච්චර කරත් හැමදාමත් ළමයිට ගණන් හදන්න බැරි වෙන පාඩමක්. 

මේ සැරේ නම් බැරිම එකාටත් තේරෙන්න පාඩම කියා දෙන්නවමයි කියලා හිතා ගත්තා.

 “දුසිමෙන්“  පටන් අරන් ටික ටික මවුලයට ආවා. 





ඇවගඩ්රෝ අංකයේ විශාලත්වය හිතා ගන්න ළමයින්ට බැහැ. මම කීවා සීනි බෝල මවුලක් , ලෝකෙ ඉන්න මිලියන 100ක ළමයිට බෙදා දුන්නොත් එක ළමයෙක්ට කීයක් හම්බෙනවද කියලා හොයමු කියලා. ඔන්න ඔය වෙලාවේ තමා අතුරු ප්‍රශ්නයක් ගොඩ නැගුනේ......


“අනේ ටීචර්, අපි සීනි බෝල කාලා නැහැ නේ “ ඉෂාර හයියෙන් කීවා. 

“ බොරු කියන්නෙපා ඉෂාර. ඔයාල මොකෝ සීනි බෝල කාලා නැත්තේ .කොයි වෙලේ බැලුවත් කඩචෝරු කනේකමනේ වැඩේ “


“ අනේ නෑ සත්තයි ටීචර්. මම නම් සීනි බෝල කාලා නැහැ “ ඒ සැරේ නම් ඉෂාර කියන්නේ බොරු නෙමේ විත්තිය මූණ බැලුවම මට තේරුනා.

“ අපි නම් කාලා තියේ “ කොටසක් ඒ අතරේ ආඩම්බරේට කීවා. ඒ වැඩි හරිය කෙල්ලො.

“ දැකල නැද්ද පාට පාට සීනි බෝල “

“ අනේ නෑ ටීචර් නෑ “

“අඩුම තරමේ නාරන් බික් වත් කාලා නැතෙයි “

“ ඔය ටීචර් කියන්නේ ජුජුප්ස් නේද ?“

“ නෑ ළමයෝ නාරන් බික් වගේ හැඩේට හදපු. උඩ ටිකක් සුදු පාට  කුඩු වගේ ....“

“ ආ හරි හරි අපි නම් කාලා තියේ “ මගේ කතාව ඉවර කරන්නත් කලින් කිහිපදෙනෙක් කීවා.


මම අත් ඔරලෝසුව බැලුවෙ ළමයින්ට හොරෙන්. පීරියඩ් එක ඉවර වෙන්න තව විනාඩි කිහිපයයි...

ඒ අස්සේ ඇවගඩ්රෝ බොහොම අමාරුවෙන් කොල ලෑල්ලෙ මැදට වෙලා මූණිච්චාවට හිනා වෙලා ඉන්නවා.........

(ඔවු ඒ පන්තියේ තියෙන්නේ කළු ලෑල්ල නෙමේ කොළ පාට ලෑල්ලක් )    


“ හරි හරි............මම දෙන මේ ගණන් හරියට හැදුවොත් මම ඔයාලට සීනි බෝල කෙහෙන් හරි ගෙනත් දෙන්නම් , හදනවද මම දෙන ගණන් වරද්දන්නැතිව “


“ ඔවුවුවුවුවුවුවුවු..........................“



මුළු පන්තියම කෑගැහුවේ වහලේ උළු උඩ යන තරමට. මගේ පන්තිය දෙපැත්තෙ පන්ති දෙකත් මගේ පන්තිය දිහා බලද්දි. ඉෂාර ඒ පන්ති වල ළමයි දිහා බැලුවේ හෙන ආඩම්බරයකින්.


මොනා කරන්නද . ලැබෙන සොච්චම් පඩියට කෙළ වුනත් 

“ පොරොන්දුව නම් පොරොන්දුව ටීචර් “ කියලා ඉෂාර හෙට මූණ නොරොක් කරන් කියනව අහන්න බැරි නිසා එන ගමන් ෆුඩ් සිටියෙන් ගත්තා සීනි බෝල පැකට් දෙකක්....


එක පැකට් එකක සීනි බෝල තිහක් වගේ තමා ඇත්තේ. එක සීනි බෝල පැකට් එකක් රුපියල් 89ක් වෙනවා......

මගේ දවසේ බස් ගාස්තුවම රුපියල් දෙසීයකට කිට්ටු වෙනවා...............


ගෙනාව සීනි බෝල පැකට් දෙක දිහා බල බල ඉන්නකොට මගේ සිඟිති හිත මෝරපු හිත මතු කරන්  මතු වෙන්න ගත්ත.

දැන් එක පැකට් එහෙක  සැලකිය යුතු තරමක සීනි බෝල ඉවරෙලා....................







ප/ලි- ඉස්කෝලෙට ලෝක බැන්කු ආධාර ලැබෙන නිසා මේ දවස් වල හරියට ලියකියවිලි වැඩ අස්සෙ හිර වෙලා.ඒත් මට පුංචි බ්ලොග් සටහනක් ලියන්න හිතුනා... තකහනියේ වැඩ හිරවුනාම  බ්ලොග් ලියන්න හිතෙනෙකත් මාරයි................


ඇවගඩ්රෝ කියන්නේ මවුලය සොයා ගත්ත කෙනා. එයාට ගෞරවයක් විදිහට තමා මවුලයක තියන ප්‍රමාණයට “ඇවගඩ්රෝ සංඛ්‍යාව“ කියල කියන්නේ.

උදාහරණයක් විදිහට සීනි බෝල මවුලයක් කියන්නේ සීනි බෝල 6.022 X 10 විසි තුන්වෙනි බලයක්....... 

හොඳයි එහෙනම් ඔයාලත් කියන්න බලන්න සීනි බෝල මවුලයක් ළමයි මිලියන 100ක් අතර බෙදුවොත් එක ළමයෙක්ට සීනි බෝල කීයක් හම්බෙනව ද කියලා...



Blogroll

Related Posts Plugin for WordPress, Blogger...