..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, January 24, 2016

එදා සහ අද

එදා සහ අද




හෝ ගාන පොකුණ බලන්න මාතර එස්කේ එකට ගිය දවසක මම දැක්කා එයා පොළට ඇවිත් බඩු මල්ලක් අරන් පාර එහා පැත්තෙන් යනවා... 

ෆිල්ම් එක පටන්න ගන්න අන්තිම බෙල් එකේ සද්දෙත් ඇහුනා. ටෝච් අල්ලන මිනිහා අමනාපයෙන් වගේ මගෙ මූණ බැලුවා. 

එයාව දැක්කේ අවුරදු ගාණකින්. එයා තාමත් ඉස්සර වගේමයි. අතේ බර මල්ල අතින් අතට මාරු වුනත් එයාගෙ ගමන බාල වුනේ නැහැ.

එයා දිගටම ඉස්සරහට යනවා. මම මෙතන ළමා චිත්‍තරපටියක් බලන්න ඇවිත් . 

දුරකතනය අතට ගත්ත ට මට නිච්චියක් තිබුන්නෑ හරියටම එයාගේ නම්බරේ ඇති කියලා මා ලග. අවුරුදු ගාණකින් ඩයල් නොවුනු නම්බරයක්. 

අන්තිමේදී මම එයාට කෝල් කරා. එයා අද්දන බස් එකටත් නැගලා.වාඩි වෙන්න සීට් එකක් හොයන ගමන් කීවා. 

දෙන්නටම හදිසි නිසා මූණ බලාන කතා කරන්න වෙලාවක් නැති වුනා.

" මම ඔයාව දැක්කා " 

" අද පොළ නේ මම බඩු ගන්න ආවා "

" මම හෝ ගාණ පොකුණ බලන්න ආවා " 

" තනියෙන් ... ? " 

" ඔව් තාමත් " 

නිහඩ බව පැතිරුනා......... 

"පස්සෙ කතා කරන්නම් ෂෝ එක පටන් අරන් " 

ටෝච් ගහන මනුස්ස ය පන්දම් එළිය අහකට අල්ලද්දි ඇසේ මායිමට මම ආසනයකට බර වුනා.


Sunday, January 10, 2016

කොස් කතාව


 කොස් කතාව 





කොස් කියන්නේ , වතුර දාලා තැම්බුවත් , පොල් දාලා මැලෙව්වත් , කිරි දාලා ඉවුවත් ඉතා රසවත් කෑමක්. මස් හොදි වැනි පොශ් හොද්දක් සමඟත් කිරි හොඳි වැනි දුගී හොද්දක් සමඟත් යහමින් ගැලපෙන කොස් කෑවිට ගැහැණුන්ගේ පස්ස ආරා එන බව පවසයි. කොස් කැමටත් වඩා රසවත් වන්නේ කොස් කැඩීමත් , කෑමට සුදුසු ලෙස කොස් පිළියල කර ගැනීමේත් ක්‍රියාවලියයි.

ගොඩාක් වෙලාවට අපේ ගෙදර කොස් කන්නෙ කාටත් නිවාඩු දවසට. මොකද එදාට කවුරුත් ගෙදර ඉන්නවා. ඒ වගේම කොස් කඩන්න , කොස් සුද්ද කරන්න අවශ්‍ය මිනිස් ශ්‍රම බලකායත් එදාට ගෙදර ඉන්නවා.

ඉතින් ඉස්සරෝම කට්ටිය කතා වෙලා කෙක්කක් එහෙම බැදන් වත්ත පහළ කොස් ගහක් ගානේ යනවා හොඳ පැහිච්චි කොස් ගෙඩියක් හොයා ගන්න. පලපුරුද්දෙන් අපි දන්නවා රස කොස් ගස් මොනාද කියලා. කොස් තිබ්බ පලියට හැම කොස් ගහකම කොස් රසවත් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම අපේ විපරමට අහුවෙන්නේ රස කොස් ගහ.

හොයා ගත්ත කොස් ගෙඩිය කඩලා පිහියෙන් චුට්ටක් හිල් කරල බලනවා ගෙඩිය පැහිල ද කියලා. ඊට පස්සේ කොස් ගෙඩිය අරන් ඇවිත් දෙකට කපලා ආයෙ කොටස් වලට කපලා අරන් අතට හරියන පොඩි කොටස් වලට කැපුනට පස්සේ කොස් වහල්ල කපලා දාලා කොස් මදුලු ගලවන්න ගන්නවා.

මේ හැමදේටම හරහට ඉන්න කොහොල්ල නොගාව ගෙන වැඩ කරන ක්‍රම සහ විධි වැඩිහිටියෝ කියා දෙන්නේ පොඩි කාලෙමයි. වතුර , පොල් තෙල් වගේම භුමිතෙලුත් ඒ වෙලාවට අපට උදව්වට එනව.

විශේෂ දෙයක් තමා භුමිතෙල් ගෑවුනත් වෙනත් කෑම වර්ග කන්න බැරි වුනාට කොස් වලට ඒ නීතිය බල නොපාන එක.

අනික තමා , අතේ තියන ජරාව ගෑවුනොත් මිස කොස් ආයෙ හෝදන්නවත් ඕනි නැතරම් පිරිසිදුයි. අහිතකර රසායන ද්‍රව්‍ය නම් ඇත්තමෙ නැහැනේ.

ඊට පස්සෙ මදුලු වල ඇට පන්නල මදුලු ටික ගාණකට කපා ගන්නවා. ඇට ටික අළු පොඩ්ඩක තවරල අරන් මිටියෙන් පොඩ්ඩක් තට්ටුවක් දාලා තලල පොතු අයින් කරල සෝදල අරන් කපපු මදුලුයි ඇට ටිකයි දාලා වතුරත් ටිකක් දාලා ලිපේ තියනවා.

සමහරු හරිම කැමති කොස් ඇට කන්න. හැබැයි ඉතින් කොස් ඇට කෑහම සමහරුන්ට අධෝ වාතය නිතර නිතර පිට කරන්න සිද්ධ වෙන එකනම් අතුරු විපාකයක් තමා.



හැබැයි ඉතින් කපන කපන ගානේ මදුලක් දෙකක් නෙමේ සැලකිය යුතු ගාණක් අමුවෙන්ම කටෙන් බඩට යනවා. ඒ වෙලාවට ආච්චි නම් කියන්නේ " දැන් ඉතින් මොකටද මේ ඉතිරි ටික උයන්නේ.ලුණු කැටයක් කාලා පස්සට ගිනිකූරක් ගැහුවනම් ඉවරයි " කියලා.




කඩේ තියෙන කොස් තියෙන්නේ සිවිඩි ඇරල සුද්ද කරල නෙමේ. ගෙඩිය පිටින් කපල කපල දාලා. තවත් සහරු මදුලු කපන්නෙම නැතිව තම්බල ගන්නවා.මම ඒ ක්‍රමයට කැමැතිම නැහැ.

කපපු මදුලු ටික වතුර දාලා තම්බල ගාණට ආහම කොච්චි දාලා අඹර ගත්ත පොල් ටික දාලා කූරු ගාලා ගන්න කොස් තමා මම ආසම කොස්....

මගේ පස්සෙත් ඒ හැටිම වරදක් නැත්තේ සමහර විට කොස් කන්න මේ තරම්ම ආස නිසා වෙන්නත් ඇති. ලස්සන හැඩ පස්සක් කියන්නෙ ඉතින් ගැහැණු කෙනෙක්ට ආභරණයක් නෙව.





කොස් කන්න ආස 
මම
සොඳුරු සිත

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...