..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 30, 2016

වැඩිහිටි සමිතියේ තරුණ සාමාජිකාව (The Young Member of The Elders' Club.)

වැඩිහිටි සමිතියේ තරුණ සාමාජිකාව (The Young Member of The Elders' Club.)
----------------------------------------------

නිවාඩු දවස් වලට වැඩිපුර නිදියන්න කැමැති , හදිසියකට කඩයටවත් යවා ගන්න බැරි, කුණු කෙළ පිටින් උනත් දවසම ඉන්න ඇහැකි කුණු කෙල්ලෙක් වෙලා හිටපු මට , නිවාඩුවක් ආපු ගමන් ඇවිදින්න යන්න ආස හිතෙව්වෙ මගේ ෆේස් බුක් යාළුවෙක්.
ඉස්සෙල්ලම එයා ගන්න පින්තූර වලට වහ වැටිච්චි මන් ඊළඟට වහ වැටුනේ එයාගේ ඇවිදිල්ලට. පුදුම ඇවිදිල්ලක් ඒක , ලංකාවේ හැමතැනම රිංග රිංග ගන්න පින්තූර දැකල මෙච්චර පුංචි ලංකාවේ කොච්චර ලස්සන තැන් තියනවද කියල මට පුදුම හිතුනා. ඇවිදින්න හිතට කකුල් ආවේ ආන්න ඒ විදිහට.
ඒත් හරහට හිටියේ මගෙ තනිකඩ ගෑණුකම. “ලංකාවෙ බැරි නම් ලෝකෙ පුරාම වුනත් ඇවිදිපන් කසාද බැඳල.“ ...
මම උත්සාහය අතෑරියෙ නැහැ. කසාද බැදල මොන ඇවිදිලි ද? හිතේ එකම අධිෂ්ටානයක් තියනම් ඒ දේ හොඳ වුනත් නරක වුනත් ස්වභාදහම එයට උදව් කරනව කියනෙක මම පිළිගත්තෙ ඊට පස්සේ.
මම රාජකාරි කරපු තැනට ලියාපදිංචි සහතිකයක් ගන්න ආපු වයස මහත්තයෙක් මගෙන් අහනවා “ නැද්ද මේ ඔෆිස් එකේ වයසක අය ට්‍රිප් යන්න කැමති “ බැලින්නම් උන්දෑ අපේ බල ප්‍රදේශයට අයිති “වැඩිහිටි සමිතියක ලේකම් “ චාරිකාවක් සංවිධානය කරල කට්ටිය මදි වෙලා. “ වයසක අයට විතරෙයි ඇහැක්කෙ , ඇයි මට බැරිය ?“
එතනින් පටන් ගත්ත ඇවිදිල්ල , මහ නඩයක් එක්ක වුනත් හිතට සතුටක් ගෙනාවා. වැඩිහිටි සමිතියේ නිත්‍ය තරුණ සාමාජිකාවක් වෙන්න මට උදව් උනේ මගේ කැමරාව. ඒකෙන් ගන්න පින්තුර වලින් ලස්සන ඇල්බම් එකක් හදා දෙන්න පුලුවන් වුන නිසා ඉන් පස්සෙ එයාල යන හැම චාරිකාවකටම මගේ නම ස්ථිර වුනා.
ගුරු පත්වීම ලැබුනයි පස්සෙත් පරණ කාර්යාලයේ අය එයාලගේ සුභ සාධක සුහද චාරිකාවට මාව එකතු කර ගන්න හේතු වුනෙත් ඔය කාරණාවම තමයි.....
පාසල් චාරිකා නම් නිදහස් මනසින් යන්න බැරි චාරිකා වෙන්නේ ළමයින්ගේ වගකීම් හිස මත පැටවෙන නිසා. ඒ උනත් පාසල් චාරිකාවලදි “උපමාලි ටීචර් “ ගෙ නම ළමයින් යෝජනා කරන්නෙත් ටීචර්ට වඩා ටීචර්ගෙ කැමරාව ළමයින්ට සුන්දර පින්තූර අරන් දෙන නිසා.....
එහෙම පටත් ගත්ත කම්මැලිච්චිගෙ ඇවිදිල්ල අද වෙද්දි බොහෝ දුර ගෙනිහින්...
කසාඳ බදිනෙක පහුවෙන තරමට හොඳයි කියල හිතෙන්නෙත් මේ ඇවිදිල්ල බැඳල දාන්න කසාදෙ හේතුවෙයි කියල හිතෙන නිසාමයි...
කොච්චර වුනත් ලංකාවේ ගැහැණියක් බිරිඳක්, අම්ම කෙනෙක් වුනාට පස්සෙ දැගලිල්ල විතරක් නෙමේ ඇවිදිල්ලත් වැඩට යන්නයි කුස්සියට යන්නයි විතරක් ම සීමා වෙනව නේද..........?
විශේෂ ස්තුතිය - තරිඳු අමුණුගම මගේ දයාබර මිතුරාට
ප/ලි- මෙහි වැඩිහිටි සමිතිය යන්න වයස 55ට වැඩි අය එක්ව සාදා ගත් සමිතියක් බැව් කරුණාවෙන් සලකන්න.

6 ප්‍රතිචාර:

Maathalan - Priyantha Hewage said...

බැන්දයින් පස්සෙ ඕවා ඉවරයි...

අඟහරුවා. said...

ආ ඇවිදින්න ඇවිදින්න.. පුළුවන් කාලේ හතර වටේ ඇවිදින්න ඕනේ..

අහසෙන් එන්න(කසුන්) said...

එහෙනම් සොඳුරු කැමරාකාරියක් වෙන්නත් ඇති

වැසි දැරිය - The Rain Girl said...

බැන්දයින් පස්සෙ එහෙම වීම කණගාටුවට කාරණයක්.ලංකාවේ මහත්තුරු ටිකක් පුළුල් විදියට හිතන්න ගත්ත දවසට කෙල්ලන්ට නිදහස කියන එක කසාද බඳින තුරු විතරක් ලැබෙන දෙයක් වෙන එකක් නැහැ.දෙන්නා එක්කම ආදරෙන් නිදහසේ ඉන්න බැරිකමක් නෑනේ.

Nuwan Amarasingha said...

සොඳුරු ඔයා ඇත්තටම සොඳුරුයි.... අන්න ඒ සුන්දරත්වයට මම ආදරෙයි

Nisman Ranasinghe said...

මාවත් එක්ක යන්නකො ඇවිදින්න.... විද්‍යාව දන්න කෙනෙක් එක්ක ඇවිදින්න බය නැහැනෙ.....
ඔයා වැඩිහිටි සමිති එක්ක ට්‍රිප් යන්න නෙමෙයි වැඩ කරන්න.ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඒ අතීතය එළියට දාන්න..
වත්තල පැත්තෙ වැඩිහිටි සමිතියක් (සියල්ල කාන්තාවො)වයස 65 ට වැඩි වගේ සියල්ල.ඒකට උදව් කරන්නෙ කොළඹ සංඝමිත්තාවෙ ආපන ශාලාව කරන කෙනා.එයා ඉස්සර වනාතමුල්ලෙ සීවලියෙත් කැන්ටිම කළා.එතකොට තමයි මම ළමයි එක්ක ක්‍රීඩා,මාධ්‍ය සහ නාට්‍ය වැඩ කරන හැටි දැක්කෙ.ඒ පාසලේ වැඩ කරන්න සම්පත් අඩුයි.ඒ නිසා මම සිරුරු තමයි නිර්මාණශීලීව වේදිකා උපකරණ විදිහට යොදා ගන්නෙ.
මේව දැකපු එයා මට කතා කරනවා මේ වියපත් මව්වරුන්ට නාට්‍යයක් කරන්න.මම ඒ වයසට කරන්න පුළුවන් අභ්‍යාස වගයක් දීලා රඟපාන්න හොඳ අය තෝර ගත්තා.ඊට පස්සෙ මම පිටපත හැටියට එයාලගෙ තරුණ කාලෙ රසවත් අත්දැකීම් ප්‍රේමය දඟකාරකම් කියන්න කිව්වා.මුලදි ඇඹරුණා පස්සෙ කතා සාගරයක් වුණා.
මම තෝර ගත්තෙ එතන හිටපු අක්ක සහ නංගි කෙනෙක් කියපු කතාවක්.මට මතක හැටියට ඒ ගහේ නම බක් මී වගේ.එතනදි දෙන්න පාසල් යන කාලෙ වෙන් වෙනවලු.නංගි ස්කෝලෙ යන්නෙ නැතිව කැලේට යනවලු.ස්කෝලෙ ඇරිල එනකොට අක්කටත් එක්ක පල වැල අරං ආවම අක්කගෙ පොඩි හිතට අවදානම එන්නෙ නැහැ.
අද අක්ක වැදගත් විදිහට ජීවත් වෙනවා.නංගි අමාරුවෙන් අක්කගෙ උදව් ඇතිවයි ඉන්නෙ....
එකත් එක්ක එවැනිම අකීකරු අක්ක කෙනෙක් ගෙදරින් පැනල ගිහිං ඇක්සිඩන්ට් වෙලා මැරුණු කතාවක් අක්ක නිසා විදින්න වුණු කරදර ගැන කියවුණා.ඒ දෙක එකතු කරල හැදුව නාට්‍යය ගම්පහදි දිනලත් තිබුණා.හුඟ දෙනෙක් ඒ අතීතය දැනං හිටිය නිසා ඒ කාලෙට ගිහිං කළ දේවල් මතක් කරමින් සතුටින් නිදහසෙන් හැසිරුණා.
අපූරුයි ඒ අත්දැකීම.හොද රංගනයක් සඳහා පහසුවෙන් මෙහෙයවන්න ලැබුණා.ඒ සතුට දුක සියල්ල හිනාව හැඩුම සමඟ වින්ද

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...