..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, December 13, 2016

ඩයිනෝ සහ කොල්ලා

ඩයිනෝ සහ කොල්ලා 




මේ සැරේ කොල්ලගෙ උපන් දිනේට හම්බුනු ලස්සනම තෑග්ග වුනේ , දිවත් එළියට දාන් ඇසුත් පත්තු කරන් සද්දෙකුත් දාන් ඇවිදන් යන ඩයිනෝසරස්. 

video


කොල්ලා මේ තෑග්ගට කොච්චර නම් කැමති ද කියනවා නම් නින්දට යන්නෙත් මේ අපූරු ඩයිනෝව තුරුළු කරන්.

කොල්ලා ගෙදර ඉන්න වෙලාවට නිකමටවත් ඩයිනෝව අල්ලන්න අපට චාන්ස් එකක් නැති නිසා කොල්ලා ගෙදර නැති වෙලාවක මේ අපූරු ඩයිනෝව පරික්ෂා කර කර හිටපු අම්මාච්චිගෙ අතින් ඩයිනෝව බිමට වැටිලා උගෙ ලස්සන වලිගෙ ඇගෙන් වෙන් වුනා. 

අම්මාච්චි හොඳටම බය වුනා. 

දැන් කොල්ලා ගෙදර ආහම මක්කැයි කියන්නේ. 

මේස උඩ තිබ්බ බයින්ඩර් ගම් එක ආච්චි දැක්කෙ වෙලාවට. ඉක්මනින්ම ගම් ගාලා ඩයිනොගෙ වලිගෙ හයිකලේ පරක්කු උනොත් වලිගෙ මැරිල යයි කියල හිතාගෙන වගේ...

ඒත් අප්පොච්චියේ කොල්ලා ගෙදර ආහම නේ වැඩේ තේරුනේ .

“ අම්මාච්චි ඇයි මේ ඩයිනොගේ වලිගෙ අනිත් පැත්ත ගැහිලා “ 



දැන් ඉතින් ආය වලිගෙ හරි පිට හරවනෝ බොරු.....හෙහේ...


8 comments:

  1. කොල්ලට කියපං ඔය ඇවිල්ල අකුරැහි පැත්තෙ මේ ඊයෙ පෙරෙයිද හොයාගත්තු ටිරනෝසෝරස් රෙක්ස් ලගෙ අලුත් ජාතියක්ය කියල..

    උගෙ නම ඇහුවොත් කියපං ටිරනෝසෝරස් රෙක්ස් අම්මාච්චයිසිස් වලිගයිසිස් අනික් පැත්තයිසිස් කියල (Tyrannausaurus rex ammachchayisis valigayisis anik paththayisis)

    ReplyDelete
    Replies
    1. මරු නම් ඒකනම්.

      ජයවේවා!!!

      Delete
  2. හූ..හූ..හූ..ආච්චිට වෙච්ච අලකලංචිය. අතේ මාට්ටු.

    ReplyDelete
  3. හප්පට උඩු. මේකට නම් පොඩි එකා දින 25හමාරක මාරාන්තික සත්‍යග්‍රහක් කලත් මදි නොව 😉 ❇❇❇❇

    ReplyDelete
  4. හදිස්සියට කොරහටත් අත දාගන්න බැරහැනේ. . . අපූරුයි!

    ReplyDelete
  5. හ්ම්ම්ම් පොඩි උන් අන්දනවා බොරු

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...