..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, December 7, 2016

නිරීක්ෂක

ඔබේ නිරීක්ෂක


ලෝකේ කරන්න තියන අමාරුම ඩියුටි වලින් එකක් තමා නිකම් ඔහේ බලාන ඉන්නෙක.පැයක් ද දෙකක් ද එක දිගට පැය තුනක් ඔහේ බලාන ඉන්නෙක.....?
දෙයියනේ කියලා අන්න ඒ වෙලාවට මගෙ තනියට හිතට එන්නේ ඔයා, ඉතින් ඒ වෙලාවට මෙන්න මෙහම කටු ගෑවුනා...
ටිකක් ඇවිත් ළඟට මගේ
අහන් ඉන්න හිත
හොඟක් සුවද දැනේවි නුඹ
නමටම ලියවුන
කෙනෙක් වෙතොත් මේ ලෝකයේ
පණ ද දෙවෙනි වෙන
නුඹ විතරයි , නුඹ පමණයි
දන්නවා ද එය

ඔබේ නිරීක්ෂක
මම
෴ සොඳුරු සිත ෴

7 ප්‍රතිචාර:

Lalith perera said...

ලස්සනයි ...

Duminda Abeysekara said...

ටිකක් නෙමෙයි හැමවේලෙම රැඳෙන්න නුඹ ළඟ
සඳක් වගේ විඳගන්නට ඔය රූ සිරි රඟ
පණක් සදිසි සුවඳැති හිත දමා අතරමග
හිතක් නැතේ ඈත් වෙන්න හමුවේ ඔය දඟ........

හරිම ලස්සන කවියක්.

ජයවේවා!!!

උඩුවාගේ සටහන් said...

එළ එළ

රාජ් said...

විභාග රාජකාරී???

Pra Jay said...

++++++++++++++++

Ravi said...

අඩේ උඹ මෙහෙ විරහ කවි ලියන අතරෙ අහරෙ කොල්ලො කෙල්ලො ගජරාමෙට කොපිය දෙනව ඇති...

මම හිතන්නෙ උඹ විභාග වැඩ වලට එනවට ළමයි බොහොම කැමති ඇති....හෙහ්,හෙහ්,

Invigilator ට නීරීක්ෂක කිව්වම හරිද? මධුර නම් කියන්නෙ සමීක්ෂක කියල. ඒකත් එච්චරම හරි නෑ මගෙ හිතට නම්...:)

Loku John said...

දෙයියන්ගේ පිහිටයි . මම කියුවේ නිරීක්ශනයට ලක්වූ අය

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...