..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, November 24, 2016

ආදරේ බින්දුවක් තියනවා


ආදරේ බින්දුවක් තියෙනවා




තනිවෙච්ච නුඹ ගාව 
තනිවෙච්ච මගෙ හිතත්
ආදරය වගෙ එකක් සොයනවා

හමුවන්න පෙර අපට අප මෙලොව
හමුවෙච්චි අය තවත් ඉන්නවා

හිත අරන් , බිඳුනු හිත්
එක්ක අපි තනිකරපු
අය සිනා සී දිවිය ගෙවනවා

තනිවෙච්චි නුඹ ළඟත්
තනි වෙච්චි මා ළඟත්
ආදරේ බිංඳුවක් තියනවා

ජීවිතේ ඉතිරි දුර
එළි කරන් සැනසෙන්න
ඒ ටිකත් ඇති කියල දැනෙනවා

තනිවෙච්චි නුඹ ගාව
තනිවෙච්චි මගෙ හිතත්
ආදරය වගෙ එකක් සොයනවා 

තනිහිතක් ළඟ තනිවුන 
මම
෴ සොඳුරු ෴


ප/ලි - love comes softly චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඇති වූ සිතුවිල්ලකි.

අපි නොහිතන , අපි දැඩිව ප්‍රතික්ෂේප කරන මිනිස්සු ළඟ අපි වෙනුවෙන් ආදරය පිරිලා. 

4 ප්‍රතිචාර:

යාළුවා (සුමින්ද ඇල්පිටිය) said...

තනි හිත තනි නොවේවා කියා පතනවා.. ලස්සනයි

Duminda Abeysekara said...

තනිවෙච්ච එක හිතක් ජීවිතය සොයනවා
දුක්වෙච්ච තව හිතක් එයට මුණගැසෙනවා
නොදැනිච්ච ආදරය ඒ හිතින් ගලනවා
පැරදිච්ච නුඹ නමින් තව හිතක් පිපෙනවා......

අපූරු ලියමනක්. ඇත්තටම අපි හීනෙකින්වත් නොහිතන කෙනෙක් ලඟ අපි වෙනුවෙන් ආදරය දෝරෙ ගලනවා. ඒ වගේම තමයි අපි පනටත් වඩා ආදරය කරන කෙනෙක් ලඟ අපි වෙනුවෙන් දශමයකවත් ආදරයක් නෑ.

ජයවේවා!!!

උඩුවාගේ සටහන් said...

ආදරේ වගෙ ඒව තමයි දැන් කාලෙ තියෙන්නෙ.
ආදරේ හොයන්න හරි අමාරුයි

කුරුටු ගෑ ගී පවුර said...

ලස්සනයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...