..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, November 29, 2016

නිහඬ නුඹයි


නිහඬ නුඹයි


පෙර කතාව (මගේ )
----------------------------

බසය ඉදිරියට ම ඇදෙනවා. ඒත් සාපේක්ෂ චලිතයක් නෑ.

මට ඉස්සරම ආසනය එතනමයි.මට පිටුපස ආසනයත් එතනමයි. මා ළඟ තියන ජනේලයෙ ඩොක ඩොක හඬ මිසක ජනේලයත් එතනමයි.

මගේ දකුණු අත පැත්ත.........

ඒ වෙද්දි මේ ලෝකෙ තියන වටිනාකම වැඩිම වස්තුව .....ඔවු ඒ වෙද්දි මේ ලෝකේ මට වටිනාකම වැඩිම වස්තුව තිබ්බෙ මගේ දකුණු අත පැත්තේ. කේක් ගෙඩිය වගේ වාඩි වෙලා. චුට්ටක් වත් සාපේක්ෂ චලිතයක් නැතිව.

ඒ මදිවට අහක බලන්........

මගෙ හුස්ම වැදිල ද කොහෙද යන්තම් මූණ බලල හිනා වුනා....

මෙච්චර කාලයක් දුරින් ඉදල අච්චර ගොඩාරියක් කතා කරල. මෙච්චර මේ ළඟට ඇවිත් අහක බලන් ඉන්නෙ ලෝකෙ වචන ඔක්කම ඉවරෙලා වගේ.....

හිනාවෙන් ගැම්මක් ගත්ත මන් මගේ දකුණු අත එයාගේ වම් අත යටින් දාලා මගේ පිරුණු දිග ඇඟිලි ටික එයාගේ පිරුණු කොට ඇඟිලි වලට උඩින් තියා ගත්තා..... ඒ කරල මාත් අහක බලා ගත්තා....

ඒත් ඇඟිලි ටික ඔක්කම එක සැරේ ගල් රෝලකට අහුවුනා වගේ තද වෙද්දි , කියා ගන්න බැරි තරම් ආසාවකින් එයාගේ වම් උරහිසට මගේ ජීවිතේම බර කරල සැනසිල්ලේ ඇස් පියා ගත්තා.............



ඒ උරහිස - මගෙ මේ හිස

දරන් හිටපු තරමට උස

මා හිත රස - ආදර බස

නිහඬ නුඹයි පෙම්වත යස



- වත්සලා -


පසු කතාව (මගේ නෙමේ )  පින්තූරය ගත්තේ  :- චිත්‍රපටය “තන්ග මගන්“

5 ප්‍රතිචාර:

උඩුවාගේ සටහන් said...

තන්ගමගන්... ++++++++++++

Duminda Abeysekara said...

අපූරුයි. වත්සලා ලියූ අවසන් පද හතර හරි ලස්සනයි. ඉතින් මටත් මෙහෙම ලියන්න හිතුනලු....

ඔය සෙනෙහස මට අම රස
ළඟදි දැනෙන මුදු මදහස
නීල දෙඇස පෙම සිසිලස
නිහඬ හොඳයි නුඹ අභියස.........

ජයවේවා!!!

Ravi said...

යුවතියක් පෙම්වතකු හෝ සැමියකු තෝරාගැන්මෙහිදී ඔහුගෙ උස පිළිබඳව උදක්ම සැළකිලිමත් විය යුතුය. අසුනක හිඳ සිටින විට කිසිදු අපහසුවකින් තොරව ඔහුගෙ උරහිස මත තම හිස තබා ගැනීමට හැකිනම් ඒ වනාහී පෙම්වතාගෙ / සැමියාගේ ප්‍රශස්ත උස වන්නේය.

- නිව්ටන්ගේ ප්‍රශස්ත පිරිමි උස පිළිබඳ සිව්වන නියමය (Newtons Fourth Law on Optimum Male Height )

කුරුටු ගෑ ගී පවුර said...

සුන්දරයි

Priyanthi Hansamaali said...

ලස්සනයි ඔබේ සොඳුරු සිත

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...