..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, November 27, 2016

“ කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“


කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“

---------------------------------------------------------------------------------



“ බස් එක තාම නැහැනේ “

“ වෙන බස් එකක ද දන්නේ නෑ ටීචර් “


“ අෆෝ එහෙම වෙන්නෙ නැහැ.මේ පාරේ කොළඹ බස් දෙකයිනේ දුවන්නේ “

ගිනි අවුවට වෙලා මායි උසස් පෙළ ළමයි හතර දෙනයි සහෝදර ගුරුවරියයි මඟ බලන් හිටියේ කොළඹින් පටවපු තෑගි මල්ල ඉස්කෝලෙට එනකම්. බස් එක වෙනදට වඩා ප්‍රමාදයි කියල හිතුනෙ අපේ හිත් ඒ තරම් ආසාවෙන් මඟ බලා හිටපු නිසා වෙන්නැති.

මේ එන්නේ කවදාවත් දැකල නැති මා ගැන විශ්වාසය තියල ,කවදාවත් දැකල නැති අපේ ඉස්කෝලේ ළමයිට දුර රටක ඉන්න කෙනෙක් එවපු තෑගි................. 




පාසල් අවසාන වාර විභාගෙ නිසා උදේ ආපු ළමයි ඒ වෙලාවේ ඉස්කෝලෙන් ගිහින් , යන්තම් උසස් පෙළ ළමයි දෙතුන් දෙනෙක් ඉදල අඩගහ ගත්තට මේ තෑගි අයිති එයාලට නෙමේ , අපේ ඉස්කෝලෙ ඉගෙන ගන්න පුළුවන් නමුත් ආර්ථික දුශ්කරතා තියන ළමයින්ට. 


බස් එක අන්තිමට ආවා. තෑගි ටික උණුසුම්. ට්‍රැවලින් බෑග් එක දෙන්නෙක්ට බා ගන්නත් බැරි තරම්. පාසල් ඇරෙන වෙලාව පහු වෙලා හැමදෙනාම ගෙවල් වලට ගිහින් ඉද්දි පාසලේ කාර්යාලය ඇරගෙන විදුහල්පතිතුමා හිටියේ මේ ලැබෙන තෑගි ළමයින්ට බෙදල දෙනකම් ආරක්ෂා ඇති තැනක තැම්පත් කරන්න ඕනි නිසා. 
තෑගි ටික කාර්යාලයට ගෙනාවම ඒව දැකපු ප්‍රින්සිපල්ගෙ මූණ දිලිසුනා.මගෙන් ඇහුවෙ එක දෙයයි.

“ කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“


ප/ලි- සිකුරාදා හවස ලැබුනු තෑගි ඒවයෙ අයිතිකාරයෝ තාම දැක්කෙ නැහැ. ආහ්.....තව කවකටු පෙට්ටි 100ක තෑග්ගකුත් මඟ එනවා.....මේ ඔක්කම ඉදිරි දවසක තෑගි අයිතිකාරයින්ට වසර අවසාන රිපෝට් එකත් එක්කම වසර අවසාන පාසල් රැසිවීමේදි මේ තෑගි බෙදා දෙන්නයි අපි හිතන් ඉන්නේ.මොකද එතකොට කාරණා දෙකක් සිද්ධ වෙන නිසා.

1. ත්‍යාග ලාභීන් පාසල ඉදිරියේ ඇගයීමට ලක්කිරීමට ( ආර්ථික දුෂ්කරතා තිබ්බත් ඉගෙනීමෙන් තැනකට එන්න පුළුවන් කියලා එයාලට වගේම අනිත් අයටත් වටහා දෙන්න පුලුවන්)

2. තෑගි ලැබෙනව දැකලා අනිත් අයත් ඉගෙන ගන්න දශමයක හරි උනන්දුව වැඩි කර ගන්න උත්තේජයක් විදිහට.


අනික් ප්‍රධාන කාරණාව තමා.......මේ ලෝකේ තාමත් ලස්සන මිනිස්සු ඉන්නව කියලා ළමයින්ට , ගුරුවරුන්ට ,ගමට , රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම පෙන්වන්න.......

6 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

අගේ ඇති වැඩක්.

ජයවේවා!!!

කොච්චි මිරිස් said...

මම නම් හිතන්නෙ අපි කවුරු උනත් charity වලට වියදම් කරනවා නම් ඒක මූලිකවම අධ්‍යාපනය වෙනුවෙන් දෙන්න ඕන කියලා...ඒක තමයි රටකට තියෙන එකම ආයෝජනය

Maathalan - Priyantha Hewage said...

ඇත්ත, තාමත් මිනිස්සු ඉන්නවා...

කුරුටු ගෑ ගී පවුර said...

මිනිස්සු හැමදාම හිටියා.......... ඒත් හොද දේවල් වලට වඩා නරක ගැනයි ලෝකය කතා කරන්න කැමති......... ජයවේවා

Praසන්ன said...

ලෝකෙ තාමත් ලස්සන මිනිස්සු ඉන්නව. ඔබතුමී වගේ රස්සාව රස්සාවක් විතරක් නොකරගත්ත අයෙකුට එවන් මිනිස්සු අඳුනගන්න එක අපහසු කාරණාවක් නෙමෙයි.

Ravi said...

හොඳ වැඩක්...:)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...