..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, November 22, 2016

මගේ මතක නුඹ හට අමතක වේවා


මගේ මතක නුඹ හට අමතක වේවා 




එපා නම් මා , හැර යන්න
නැතේ තරහක බිඳක් වත්
හැබැයි මට කියලා යන්න
බලා නොයිනට මඟ දිගේ නෙත අලවා 
හිත පහන් වැට දල්වා
බලා නොසිටිමි එවිට මං
ගිය පසුව හිත දල්වා

෴ ඔබට සුබ ගමන් ෴ 


සිතන පතන සෑම දෙයම ඉටු වේවා
යනෙන මඟක දුක් කරදර නොම වේවා
හිතට දුකක හෙවනැල්ලක් වත් නේවා
මගේ මතක නුඹහට අමතක වේවා

෴ සුබ පැතුම් ෴

3 ප්‍රතිචාර:

එල ද බ්‍රා මෙන්ඩා said...

එල ද බ්‍රා

Duminda Abeysekara said...

ඉන්න ටිකේ නුඹෙ සෙනෙහස ළඟ මිහිරී
දුන්න පැතුම් මල් එකිනෙක යයි විසිරී
උන්න ටිකේ දුකනම් දෙදෙනට ඉතිරී
යන්න ගියත් නුඹ අමතක කරනු බැරී......

ජයවේවා!!!

කොච්චි මිරිස් said...

පුද්ගලිකව දැනුනු හැඟීමක් වගේ....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...