..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, November 21, 2016

මතක එක්ක තනියෙන්

මතක එක්ක තනියෙන් 


ජීවිතයේ එක් එක් වයස් සීමාවන් වල දී අපේ සිතුවිලි වෙනස් වෙනවා. ජීවිතය ගැන බලන විදිහ , ජීවිතය දකින විදිහ වෙනස් වෙනවා. බොහෝ දුරට වයසත් එක්ක අපි අපේම  අදහස් හෝ සිතුවිලි වෙනස් කර ගන්නේ “ හිත හදා ගන්න “ 

ඒත් , කොච්චර අපේ සිතුවිලි වෙනස් උනත් , පරණ මතකයන් උඩට ඇවිත් පරණ සිතුවිලි එක්ක තනිවෙලා කාලයන්තරේක නැගල වගේ අතීතයට යන්නත් අපි පසුබට වෙන්නෑ. ගොඩාක් වෙලාවට ඒ පරණ සිතුවිලි අලුත් කරන්නේ වෙනස් වුනු “සජීවී “ දෙයකට වඩා නොවෙනකස් වුනු “ අජීවී “ වස්තු . 

හරියට මට ගාලු කොටුව වගේ  ,

වෙලාවත් වැරදියි
හරියට එදා වාගෙයි

මුහුදු සුළඟත් උසුලයි
හරියට එදා වාගෙයි

මගෙ සුසුම හසු වී
සුළඟ මාගෙන් විමසයි
සුසුම් බර නැහැ දැන් ?
හරියට එදා වාගේ 

නුඹෙ සුවඳ නැගුවත්
එයත් අමතක ගාණයි
සුවඳ කොයිබද රැඳුනේ
හරියට එදා ළඟ වුන්
නුඹෙ රුවත් මතකයෙ
බොඳ වෙච්චි ගාණයි
දැක නුවන් සැනහූ
එදා මා නෙත  පිනවූ

ඒත් ගල් කුළ නොසෙලී 
හරියට එදා වාගෙයි

පිටුපාල යද්දි
ගල් කුළ මගෙන් විමසයි

එදා මෙහි ආ ගිය
නුඹ සමඟ යා වුන
පෙම්බරා කොයි බ ද
ගල් හිතක් ඔහු ළඟත් තිබුණි ද?


ගාලු කොටුවෙ මතක එක්ක තනිවුනු
මම
- වත්සලා -


4 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

යාළු මතක හිත ඇතුළේ කළබල කරනා
පාළු දැනෙයි හුදෙකලාවෙ නෙත බොඳ වෙමිනා
නෑලු නුඹෙන් තොර ලෝකය සතුටක රැඳෙනා
ගාලු පවුරෙ අපගෙ සුසුම තවම වැළපෙනා........

ජයවේවා!!!

niroshan rupasinghe said...

බොහොම ලස්සනට ගලපලා .හරියට සොඳුරු සිත වගේ .

උඩුවාගේ සටහන් said...

ගාලු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන සිතිජ කොනේ....
ජයවේවා...

රෝමාන්තික රස්තියාදුකාරයා said...

ගල් හිතක් ඔහු ළඟත් තිබුණි ද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...