..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, October 28, 2016

බයිට් හොරා


බයිට් හොරා
-------------------



ඔහු සවසට එක්රොක් වන මධුරසලෝලී මිතුරු හවුලේ හොඳ මිතුරෙකි, රසබර සාමාජිකයෙකි.මෑතක දී සිට නිතර දෙවේලේ මධූපාන සැසියට ඔහු එකතු නොවන අතර ඉදහිට හෝ සංගමයට එක් වූ විට දී ඔහුගේ මුහුණ ද පෙණ දමන මධු බඳුනක් මෙන් පිපෙයි. ...............

නමුත් ඉතාම මෑතක දී සිට ඔහුගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇති බැව් ඔහුගේ සමීපතම සඟයන් පවසයි. මධුවිත පුරනා මේසයේ දී ද ඔහු හැසිරෙන ආකාරයේ වෙනසක් ඇතත් ඒ වෙනස හරියටම කුමක්දැයි පහදා දීමට හෝ පහදා ගැනීමට ඒ කිසිදු සඟයෙකුට නොහැකි  වේ.

මේසයට ගෙනෙනා බයිට් තසිම දකිනා ඔහු තනිව සිනාසෙනු ඔහු දෙස ඕනෑකමින් බලන්නෙකුට නම් පැහැදිලිව දැකිය හැකි වුවත් ඔහුගේ සඟයින්ගේ දෙනුවත් යොමු වන්නේ මධු බදුනට බැවින් බයිට් තසිමට වැටෙන ඔහුගේ මන්දස්මිතය ඔවුනට මඟ හැරෙයි.

වෙනදාට විඟහින් අහවර වන මධු බඳුන වෙනුවට , විඟහින් අවසන් වන්නේ ඔහු ආසන්නයේ ඇති බයිට් තසිමයි.එය කෙතරම් වේගයෙන් අවසන්වේද යත් ඇතැමෙකුට එකදු කුකුල් කෑල්ලක් වත් කටට ඔබා ගැනීමට අවස්ථාව නොලැබේ.

නමුත් , එක් දිනක් මේ ගැන ඇස ගසා ගෙන සිටි එක් මිතුරෙකු විසින් සොයා ගන්නා ලද කරුණ වූයේ , තම අමුතු මිතුරා විසින් බයිට් සොරා ගන්නා බවයි. සොරා ගන්නා බයිට් ඔහු විසින් කෑමට ද නොගන්නා අතර ඒවා රහසින් සඟවා ගෙන ඔහු විසින් රැගෙන යයි.

කිසිදු විටකදි මෙවැනි යමක් තම මිතුරාගෙන් බලාපොරොත්තු නොවුවාටත් වඩා ඔහු විසින් සිදු කරන්නා වූ මෙම ක්‍රියාවේ අර්ථය වටහා ගැනීමේ නොසන්සිදුනු කුතුහලය විසින් එක් මිතුරකු සොයා ගන්නා දේ මෙසේ ය,

“ බීලා ආවට කමක් නෑ . මට හැබැයි ඔයාගේ බයිට් පංගුවෙන් ටිකක් අරන් එන්න ඕනි හොදද. “


“ ඉතින් මචං , යන ගමන් බයිට් තසිමක් අරන් ගියානම් ඉවරනේ “


“ නෑ ....එයා ඉල්ලන්නෙ ටේබල් එකෙන් හොරකම් කරපුවා “


11 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

නැත්තන් ගෙදර ගිහින් ඉවරයිනේ...

ජයවේවා!!!

කුරුටු ගෑ ගී පවුර said...

බයිට් හොරා කටෙන් දැනේ.............

අටම්පහුර said...

බොරු ද කොහෙද , බයිට් අරං යන්නෙ මොක ක දාගනද

අටම්පහුර said...

බොරු ද කොහෙද , බයිට් අරං යන්නෙ මොක ක දාගනද

පත්තර මල්ලි said...

ග්‍රොසරි බෑග් එකකට ෂොට් එකකුත් දාගෙනම ගියානං තමා හරි ..

Mithila Fernando said...

:--)

Aruna Perera said...

අමුතුම සීන් එකක් නේ..........

yasitha darshana said...

යනගමන් බයිට් තසිමක් අරන් ග්‍රොසරි බෑග් එකක දාගෙන ගියානම් ඉවරයිනේ.....:)

ගස් ලබ්බ said...

'මචං මේ වයිෆ්ගෙ පංගුව.ඔන්න දැන්මම ඔතා ගත්තා.කෙල ගිලින උන්ට බඩ පලයව්.'
කියලා ගත්ත නම් ඉවරයිනෙ.ගෑණි වෙනුවෙන් හරි මක්කටෙයි එකට බොන තැනින් හොරකම් කරන්නෙ හා?
ජයවේවා..!!

කොච්චි මිරිස් said...

මූ පජාත හොරෙක් නේ

කොච්චි මිරිස් said...

මූ පජාත හොරෙක් නේ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...