..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, October 11, 2016

දරුවන්ට දඬුවම් දෙමු


දරුවෙකුට තඩි බෑ චීවරදාරියෙකු ගැන පුවතක් .. අසා ලියන්නට සිත්විය..........

----------------------------------------------------------------



දරුවෙකුට ජීවිතේදිම මම ගහල තියෙන්නෙ එකමෙක පාරයි. ඒ පාරත් රිදුනෙ දරුවට නෙමේ මට. ජුරාසික් පාක් එකක් වගේ පන්තිකාමරයේ දී නොගහ හිටියොත් ළමයි කරෙත් නඟිනවා තමා. ඉතින් මොක ද ළමයි කියන්නේ කරේ තියන් යන්න ඕනි අය තමා. මම ත් ළමයින්ට දඩුවම් දෙනවා. ඒව හරි විනෝදජනක සුන්දර දඩුවම්.
උදාහරණ - 
“කෑ ගැහුවොත් තව එක ප්‍රශ්නයක් වැඩි කරනවා ගෙදර වැඩ වලට හරිද? “
“ කතා කරන්නෙපා මාත් එක්ක.“ (බ්‍රහ්ම දණ්ඩනය වගේ එකක්. පිරිමි ළමෝට තමා මේ දඩුවම ඉවසන්නම බැරි. ටීචර් එක්ක කතා නොකර ඉන්න බෑ එයාලට.කට නලියනවා.ඒත් මම නෙමේ කතා කරන්නේ. )
“ ඊළඟ පීරියඩ් එකෙත් මම උගන්වනවා හරි ද? “ (සමහර වෙලාවට ඊළඟට තියන විෂය බලල සමහර ළමයි “ හා ටීචර් “ කියනවා හරි සංතෝශයෙන් .එතකොට ඒ දඩුවමෙන් පලක් නෑ.
තව පුංචි පුංචි දඩුවම් ගොඩාක් තියනවා මගේ ළඟ. ඔය වේවැල පැත්තක දාලා එන්න මම ඒවා කියා දෙන්නම්. වේවැලට වඩා අත්දුටුවයි සත්තයි..ආදරණියයි.
ප/ලි- මම උගන්වන ඉස්කෝලෙත් හිටියා වීචරදාරි විනය පාලක ගුරුවරයෙක්. වේවැල පස්සෙ ගහන් ඉස්කෝලෙ වටේ යනවා.දැන් එයා ගිහි වෙලා. 

7 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

දඟ වුණත් හුරතල් දරු දැරියො ටිකක්. ඉස්කෝලේ වෙලාව ගතවෙනවා දැනෙන්නේ නැතුව ඇති.

ජයවේවා!!!

Ravi said...

ෂෙහ්. මරු ඕයි……

සක්කර දෙයියො මේ දැන් මා ඉදිරියේ පාදුර්බූර්ත (හරි නේද වචනෙ? එක්කො පාතිබූර්තද..ඔහෙ ඕන කැකිරි ගෙඩියක්. උඹ ගුරුවිරියක්නෙ..එකත් එකටම දන්නව ඇතිනෙ හරි වචනෙ ) වෙල හිට කිව්වොත් "එම්බල රවී දරුව, තොපගේ මනා කල්කිරියාවෙන් මසිත බොහෝ පහන් විය. එබැවින් තොප කැමති වරයක් ඉල්ලව" කියල ආය ගත් කටටම මම කියන්නෙ "අහෝ සක්‍ර දේවේන්ද්‍රයනි, මා තෙල සොඳුරු සිත ගුරු මෙනෙවියගේ පන්තියෙහි සිසුවෙකු කල මැනව! මගේ එකම ඉල්ලීම නම් එයයි" කියල.

සක්කරයගෙ බාරියාව පල්ල..මේ ඇත්තමයි...:)

වැව් ඉස්මත්ත said...

අපිටත් හිටිය රත්තරං ගුරුවරු..(ආඩම්බරයෙන් )ඒ උත්තමයින්ට පිං අයිති වෙන්ට අද මං මෙහෙම අකුරු කොටනවා...
අපිටනම් ඒ ගුරුවරු හොඳටම තැලුව. දැන් ඉන්න අයටනම් ඒ විදියට ගුටි කන්න බැරුව ඇති....ගහන්ඩත් බෑනෙ

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchi said...

පරණ ගුරු කතා කීපයක් ම සිහිවිය.

රෝමාන්තික රස්තියාදුකාරයා said...

ඒත් ඒ කාලේ එහෙම හිතුණට මට නම් දැන් හිතෙන්නෙ.සර්ලා එහෙම නොකරනම් මීට වඩා අපි පිරිහෙනවා කියලා.මේක ඉතින් මගේ පෞද්ගලික මතය

Dinesh said...

අපිට නම් කොච්චර ගැහුවත් කමක් නෑ, ඊලග පීරියඩ් එකත් අරන් උගන්නේ නැතුව.

Susantha Jayawickrama said...

අපි හැදුනෙ වැඩුනෙ වැරැද්දක් කලොත් ගුටි වදින සංස්කෘතියක අපි ඒක දැන දැන වැරදි කරල ගුටි කෑව.. ඒ අපේ කොලුකම කියල අපෙ වැඩිහිටියො කීවෙ. අපෙ අම්මා සහ තාත්තා ගුරුවරුන්ට නිල අවසරයක් දීල තිබුන ගහල හරි මේකව හදන්න කියල. ඒ උනාට මට අද වෙනකම් හිතාගන්න බැහැ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්නට ඇප කැපවු අනූනයක හිමි නමක් සිවුර අස්සෙ වේවැල හංගගෙන අපිට තැලුව එක ගැන....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...