..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, September 8, 2016

උත්ප්‍රේරක

උත්ප්‍රේරක







මේ පැත්තෙ ගැවසෙන්න තියන කාලය මේ දවස් වල බොහොම

අඩු උනත් , පරණ පුරුදු තැන් එහෙම අමතක කරන්න නරක නිසා

රෑ වෙලා හරි මේ පැත්තෙ ඇවිත් යන්න හිතුනා.

අද මම ආවේ ඔයාලට පුංචි ගණිත ගැටළුවක් අරන්. මමත් මේ

ගැටළුව දැක්කෙ පොතක තිබිලා.

ගණිතය උනාට , මේකෙන් අපට ඉගෙන ගන්න ගොඩක් දේවල්

තියනවා.

හොඳයි , වැඩිය පමා නොකරම මෙන්න මගේ ගැටළුව ,

මව , පියා , පුතා සහ දියණිය පමණක් සිටින පවුලක තමා මේ

සිද්ධිය ඇති උනේ.මේ පවුලේ පියා හදිසියේම මිය යනවා. නමුත්

ඔහු තම අන්තිම කැමති පත්‍ර යේ තමන් සතුව තිබූ දේපල බෙදිල

යන්න ඕනි ආකාරය සඳහන් කරල තිබිල තියෙන්නෙ මෙන්න

මෙහෙමයි ,

කොහොමත් එයා වැඩිපුරම ආදරය කරල තිබ්බෙ තමන්ගේ බිරිඳට

එ් නිසා එයා සතුව තිබූ දේපල වලින් හරියටම දෙකෙන් එකක්

තම බිරිඳට තමා දෙන්න ඕනි කියල සඳහන් කරල තිබ්බා.

ඊට පස්සේ තමන් ගේ පුතාට දේපල වලින් හතරෙන් එකක් ද ,

දුවට දේපල වලින් පහෙන් එකක් ද හිමි විය යුතු බවයි සඳහන්

කරල තිබිල තියෙන්නේ.

නමුත් මේ දේපල බෙදිල්ල හිතන තරම් පහසු නොවන්නේ මේ

මිනිසා සතුව තිබූ එකම දේපල වෙලා තිබිල තියෙන්නේ අශ්වයෝ

නිසා , ඒකත් හරියටම කියනවා නම් අශ්වයෝම දහනමයක්..........


මේ ගැටළුව විසඳන්න සමතෙක් ඒ කාලේ ඉදල නැතත් , මේ ගැන

ආරංචිය ඇහිලා එක්තරා ගණන්කාර එඩේරෙක් තමන්මෙගේ

අශ්වයා පිට නැගිල මේ පවුලෙ අයව සොයන

එනවා. ඇවිත් , මේ දේපල පිළිබඳ ප්‍රශ්ණය බොහොම පහසුවෙන්

විසඳල දීලා යනවා.


මගේ ප්‍රශ්නය තමා , එයා කොහොම ද මේ දේපල ප්‍රශ්නය

විසඳුවේ............



ප/ලි - පුංචි Hint එකක් මේ බ්ලොග් පෝස්ට් එකේම තැනක

සැඟවිලා තියනවා. . . . . . . . .


ඊළඟ පෝස්ට් එකට යන්නෙත් මේ ලිපියෙන්ම නිසා මෙතනට පුංචි

ලින්ක් එකක් එකතු කරන්න ඉඩ ඉතිරි කරනවා.


එහෙනම් මම ගිහින් එන්නම් ,

6 ප්‍රතිචාර:

Anonymous said...

හා !

Anonymous said...

එඩේරා තම අශ්වයා ද එම 19 ට එකතු කොට 20 කර ඉන් 1/2 ක් (10) , 1/4 ක් (5) සහ 1/5 (4) ක් තුන් දෙනාට බෙදා දී ඉතිරි තමාගේ අශ්වයා ද රැගෙන යන්න ඇති .

රසිකොලොජිස්ට් - Rasikologist said...

මං හිතුවේ කවියක් ය කියලයි.

රසිකොලොජිස්ට් - Rasikologist said...

1/2 + 1/4 + 1/5 = 19/20

ඒ මං මිනිහාට ගණිතය ඉගැන්නුවේ ඔයා නේද?

Ajith Perakum Jayasinghe said...

මමත් හිතන්නේ අර දෙවෙනි ඇනෝ දීලා තියෙන උත්තරේ හරි. ඒ කෙසේ වෙතත්, ඔයා බ්ලොග් එක නැවත ලියන එක සතුටක්.

NALINDA WITHANA said...

උත්ප්‍රේරක kiyanne kriyawata samabanda wela kriyawa awasanaye mulin thibuna widiyata thiyenawa kiyana eka.ethakota........... 19+1=20 i 20-1=19 i

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...