..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, September 26, 2016

පරණ පාරක් දිගේ

පරණ පාරක් දිගේ
----------------------------




කාලෙකට පස්සේ
පිය නඟපු පාරේ
කරස් කරස් සද්දෙට
පෑගෙන කොළ යට
පාරට නැමුණු
විසල් රුක් ගොමු යට
ඉපල් වෙලා ගිය
පරණ ගස් වැල් යට
එපා වෙලා හැලිල ගිය
මොරණ පිහාට්ටක් යට
ගලා ගෙන දිය
දොලේ පොඩි ගල් යට
තාමත් මම දැක්කා
ආදරේ ටික ටික
ඉතිරි වෙලා තියෙනවා
කොළ අතර මතු වෙච්ච
පුංචි පැළයක් ළඟ
බලාපොරොත්තුවක් වැටිල තිබිලා
අහුලන් ආවා



෴ සොඳුරු සිත෴

3 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

අතීතේ
දගකම් කෙරූ
ගුරු පාරේ
අමතක නොවූ
නෙතඟ
කදුලට ඉඩ තැබූ
අනේ!...
මගෙ
පුංචි බලාපොරොත්තුව.....

ලස්සන අදහසක් සොදුරු සිත. 'මොණර' වෙන්න ඕනේ නේද ?

ජයවේවා!!!

Ajith Dharma said...

ලස්ස්සන කවියක්. අත්දැකීම කරස් කරස් හඬ මැවිලා ඇහුනා

නිම්නයක තනි වී හීන දකින්නී. said...

ලස්සන කවියක්.. ආදරේ ටික ටික නෙමේ, ගොඩක් සැඟවිලා හැබැයි...මොණර පිහාටුව යට නිසා පෙන්නේ නැ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...