..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, September 19, 2016

රාත්‍රි ආහාරය

For "R" who taught me to see the world 

2 - පරිච්ඡේදය

රාත්‍රි කෑම මේසය


The Dinner Table 


ඇය යන්තමින් දස වස් පිරුවා පමණි. ඔහු එවක විසිපස් වියැති කඩවසම් තරුණයෙකු වන්නට ඇති බැව් මට සිතෙන්නේ පනස් දෙහැවිරිදු වූව ද ගැහැණුන්ගේ සිත් ඇද ගන්නා තරමට තවමත් ශේෂව පවතින කඩවසම් අඩු වැඩිය නිසාවෙනි. මේ ඇගේ සහ ඔහුගේ කතාවේ නොලියවුනු පරිච්ඡේද කිහිපයකි. ඇගේ ආදරයට ගෞරවයක් පිණිසත් , ඔහුගේ මතකට මගෙන් ලද තිළිණයක් ලෙසටත් එය මෙසේ ලියා ඔබ හමුවේ තබමි.
========================================

ඇගේ නිවෙසින් ලැබෙන ප්‍රනීත ආහාර වේල් තුනෙන් මා සිත වඩාත් ඇද ගත්තේ “රාත්‍රී ආහාර “ යයි.දිගු මේසයක වාඩි වී ඇයට හරියටම මුහුණ ලා රාත්‍රී ආහාර ගැනීම ඉතාම රසවත් පැයකි. ඇය සැමදා රාත්‍රි ආහාරය ගැනීමට මා එන තෙක් රැදී සිටීමට පුරුදුව සිටියා ය. 


මා අසුන් ගන්නා අසුනට හරියටම සම්මුඛව ඇති අසුනේ වාඩි වන ඇය ඇගේ දෙපා පද්දමින් වැලමිටින් නැවූ අත පිරිණු කම්මුල මත හොවා, ඒ බර වැලමිට දිගේ මේසය මතට රදවා මා එන මඟ දෑස් දල්වා සිටින්නීය. මා සුපුරුදු ලෙස රාත්‍රී ආහාරයට ප්‍රමාද වී යන්නේ ඇගේ මේ මඟ බලා සිටීම දැකීමට මගේ යටි සිත ආසා කල නිසා වන්නට ඇත. මා මේසයට පැමිණෙනු දුටු සැනින් ඇය කෑම ගැනීම සඳහා සූදානම් වන්නේ ඇය මඟ බලා සිටි බවක් නොපෙන්වන්නට මෙනි.


මා දෙස නොබලන ඈ දෙස යටැසින් බලමින් මම ඇගේ ඉදිරි අසුනින් අසුන් ගනිමි. රසවත්ම මොහොත එලඹෙන්නේ ඉන් පසුවයි. මා දෙස නොබලන ඈ ගේ සිනිදු කකුල් මගේ ගොරහැඩි කකුල් වලින් ස්පර්ශ වන්නට පටන් ගන්නේ සියල්ලන්ටම රහසින් මේසයට යටිනි. 


“ අම්මා .. ....මේ.....“ 


ඇය එවන් විටක කෑගසන්නේ මා බිය කරලීමේ අටියෙනි. ක්ෂනිකව කකුල ඇගේ කකුල් උණුසුමින් ඉවතට ගැනුන ද , කිසිදා ඇය මවට මේ පිළිබඳව පැමිණිලි නොකලාය. එයින් උද්දාමයට පත් වන මා නැවතත් ඇගේ කකුලේ උණුසුම සොයමි. 


“ අම්මා ....... “ 

ඇය නැවතත් උස් හඩින් කෑ ගසන්නේ මා දෙස නපුරු නමුත් ආයාචනාත්මක බැලුම් හෙලමිනි.

දෙතුන් වතාවක් මෙසේ සිදු වූ විට ඉන් උරණ වන ඇගේ අම්මා , අප සිටිනා ඉසව්වට එන්නේ ඇයට දොස් නඟමිනි. 

“ මොනා වෙලා ද මේ ළමයට “


“ නෑ නෑ ...අම්මා .... නෑ මේ ...... “ 


ඇය කුමක් හෝ බොරුවක් ගොතමින් අම්මාගේ ගමන නතර කරන්නී , සිහින් හඩින් මුමුණමින් මට දොස් තබයි.

“ මොනා කරනව ද මන්දා....අම්මගෙන් බැනුම් අහන්නේ මම් නේ. අනිත් දවසෙ නම් අල්ලල දෙනව හරිද. ඕවට එන්නෙපා “

ඇය ඇගේ සුපුරුදු තර්ජනය කරන්නේ මා දෙස බලන සෘජු දෑසින් කෑම පිඟානට නැඹුරු වේගෙන ම, අැගේ කකුල වැරෙන් වද්දා මගේ කකුල ඉවතට කිරීමට උත්සාහ දරමිනි. 

ඒ බැව් දන්නා මම ඇගේ කකුල් පහර වැදීමට ප්‍රථම මගේ කකුල ක්ශනිකව ඉවතට ගනිමින් ඇය තව තවත් කෝප ගන්නවා සිනා සෙන්නෙමි..............

6 comments:

  1. මතුසම්බන්දයි ද?

    ජයවේවා!!!

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මේ මේසේ යටින් කකුල් එක්ක කෙරෙන ගනුදෙනු හැංගිලා කලාට දන්නෝ දනිති...හි හී..මතකය 20 වසරක් පස්සට තල්ලු කලාට ස්තුතියි ඔබට..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...