..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, September 12, 2016

මං ආසයි අහන් ඉන්න

මං ආසයි අහන් ඉන්න
======================



මං ආසයි අහන් ඉන්න. කතා කරනව ඒ තරමටම අඩු වුනත් කතා නැති මගේ හිත තත්පරයට , කප්පරක් දේ හිතනවා.

සමහර විට ඒ වේගයට මට කතා කරන්න බැරි නිසා වෙන්නැති මගේ කතා අඩු. මට හමුවෙලා තියනවා ගොඩාක් කියවන පිරිමි. ගොඩාක් කියවන ගැහැණු. 

ගොඩාක් කතා කරන ගැහැණුන්ගේ කතා ටිකක් විතර නීරසයි. මොකද එයාල එකම දේ වරින් වර , නැවත නැවතත් කියනවා

නමුත් , ගොඩාක් කතා කරන පිරිමින් ගෙ කතා එහෙම නැහැ. හරිම පැහැදිලි , අවස්ථා සම්බන්ධ කරද්දි දින වකවානු හරියම ගැලපුනේ නැති උනත් කතාව අතරකට කතාවක් කවද්දි ඒක හරිම සුමට විදිහට කරන්න එයාලට පුලුවන්. 

එයාල  හරි ගොඩක් කතා කරනවා. හිතේ තියන දේවල් නොවලවහා කියනවා.මන් දන්නවා ඒක එයාලට සැහැල්ලුවක්. මට තියෙන්නෙ නොපැහැදි තැන් වලදි පුංචි බාධාවක් කරල ආයම ඒ දේ පැහැදිලි කර ගන්න විතරයි. 


මම ගොඩාක් කතා කරන්නේ මගෙ රස්සාව කරන්න පන්ති කාමරයකට ගියාම තමා. මට ගුරු වෘත්තිය ලැබෙද්දි සමහරු නම් කීවේ , මට ඒ රැකියාව නොගැලපෙන බව. 

 පන්ති කාමරයක දි වුනත් මට තනියම කියවන්න හරිම අමාරුයි. මාව අහන් ඉන්න ළමයි ,මට උත්තර දෙන්නැති නම් , විලම්භීත වෙලා මා දිහා බලා ඉන්නව නම් මම කරන්නෙ පාඩම නතර කරන එක. මාත් එක්ක කතා කරන කෙනාගේ වචන මට ඒ තරමටම වටිනවා. 


කොටින්ම මම ඒ වෙලාවෙදි එතන ජීවත් කරවන්නේ මා සමඟ ඉන්නා අනිත් කෙනාගේ වචන. 


ඒත් මගේ අවාසනාවට , මම ආදරයෙන් බැදුන කෙනා කතා කරන්නෙත් හරිම අඩුවෙන්.......


චරෝ බරෝ ගාලා කෙළවරක් නැතිව දොඩවන එක ගෑණුකමේ කොටසක් වුනත් ආන්න ඒ ගෑණුකම නම් මට ගෑවිලා වත් නෑ.  කෙළවරක්ක නැතිව , අගක් මුලක් හරියට නැතිව ඔහේ දොඩවන කෙල්ලෙක්ට , ඇත්තටම කොල්ලො ආදරේ ද කියල මගේ හිතේ සැක සංකා උපදින්නේ , ඒ කෙල්ලව ම කසාද බැන්දට පස්සේ අර කතාවම “කන්දොස්කිරියාවක් “ කියල කියන්නෙත් අර හිටපු පිරිමියම නිසයා.


කතා කරන්න බැරි මගේ හිත සට සට ගාලා වැඩ කරන වේගයට හරියන්න මගේ ඇගිලි අග්ගිසි වලට අකුරු අහුවෙන නිසා මේ විදිහට කතා කරන්න මම  ගොඩාක් කැමති .............


අහන් ඉන්න ආස 
මම
වත්සලා

7 comments:

  1. හරි puduma ටීචර් kenek...
    Great attitude ...

    ReplyDelete
  2. ඔහොම හිටපු උන්දට තමයි කතාකරන්න පුරුදු කොරලා දැන් ගස්ලබ්බට තියෙන්නෙ මාතෘකාවක් දෙන්න විතරයි... වදයක් නොවී කච කච ගාන එකෙත් ලල් එකක් තියනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  3. There is a proverb 'Do not speak unless you can improve the silence. ...'

    ReplyDelete
  4. හැබැයි වැඩිය කතා නොකරන කොල්ලන්ගේ අමුතුම ආඩම්බර ගතියක් තියෙනවා..

    ReplyDelete
  5. ගොඩාක් කතා කරන පිරිමින් ගෙ කතා එහෙම නැහැ. හරිම පැහැදිලි///

    මොන පිස්සු ද, ගෑනුන්ට හපන් ඒ වගේ දිගටම කතා කරන පිරිමි හික්ස්....:) :)

    හොඳම දේ තමන් තමන් එක්කම කතා කරන්න, ලියන්න හුරු වෙන එක..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...