..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, August 12, 2016

උරහිස



මට ගොඩක් දුක හිතුන දවසක
කොහේ හරි මතකයක අස්සක
නෙතේ තෙත රැඳි තැනක තිස්සෙම
නුඹේ සුවඳක් දැනෙනවා
හිත හදන් නෙතු පියා ගත්තම
ඇවිත් මුළු රෑ දවස තිස්සෙම
තියන් මා හිස , උරස මත්තට
මගේ හිස පිරිමදිනවා
වගේ මට නුඹ දැනෙනවා
දුකත් නුඹ
සැනසුමත් 
මගෙ නුඹමයි

2 ප්‍රතිචාර:

Anonymous said...

උරහිසේ තියන කුහර ගෝල සන්ධිය ගැන ලියලා නැහැනේ මචෝ මේක සෞඛ්‍ය පාඩමක් නේද

Damith Sriyantha said...

අපුරුයි....


කිති කැවී යන
හැගුම් අතරින්
ඔබ රුවම මට
පෙනෙනවා
දෙතොල් අතරින්
නැගී සිනා හඩ
නිතර මා හද
මවනවා
සසරෙ සැමදා
මගේ වෙන්නයි
පෙරුම් පිරුවද
සිතෙනවා
අනේ එනමුදු
නපුරු පාපෙක
කරුමයක්දෝ
දෙන්න දෙතැනක
හිදිනවා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...