..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, August 26, 2016

දුවන පඩිපෙල

දුවන පඩි පෙළ


ටයිල් අතුරන ලද පොළව යට සිට පඩි පේලි එකින් එක මතුව උඩට විත් ඉහළට පාවී යයි. ඔහු ඉන් එකක් කෙසේ තෝරා ගත්තේ දැයි නොවැටහුනත් , ඉන් එකකට පය තබන්නට කලින් මාගේ දකුණතින් අල්ලා ගත යුතුව තිබුණා නොවෙ ද?
දුවෙන පඩි පෙළකින් උඩට ගොස් යළිත් එවැනිම වූ දුවන පඩි පෙළකින් පහළට යාමට සැරසෙත්ම පළමුවර මෙන් සමතුලිතතාවය නොමැති වීමට ඉඩ දිය නොහැකි නිසා පළමු පඩියට පය තැබීමට ප්‍රථම දැඩිව ඔහුගේ වමතින් අල්ලා ගත්තෙමි. නිවරදිව පඩියට අඩිය තැබීමට එවර හැකි වූ මුත් මා සිටි පඩිය පහළට ගමන් කිරිමට පටන් ගත් සැණින්ම ඒ අතෙහි ග්‍රහණය මුදා හලෙමි.

එවර අප ඇතුලු වූ ශාලාව නොයෙකුත් ආකාරයේ ගැහැණුන් ගෙන් සහ පිරිමින්ගෙන් ද කුඩා දරුවන් සහ යොවුවනයන්ගෙන්ද විශේෂයෙන්ම ආදරවන්තයන් යැයි සිතිය හැකි අයගෙන්ද පිරී පැවතුණ අතර , එහා මෙහා යන සෙනඟටත් වඩා වැඩි පිරිසක් වූයේ කුඩා මේස වටා වූ පුටු වල වාඩී ආහාර ගනිමිනි.

“ මොනව ද කන්නේ ? සිංහල කෑම කනව ද , පිටරට කෑම කනවද ?“

වෛවාරන මිනිසුන්ගේ අපූර්වත්ය නැරඹිමට ඉඩක් නොතියාම  කෑම වලින් පිරි භොජුන් හලක් වෙත  ට නෙත් යොමන්නට සිදු විය. 

මිනිසුන්ගේ වෛවාරන වලටත් වඩා කඩයේ වූ කෑම සියළු අතින්ම  විචිත්‍රවත් බවක් ඉසිලීය. කෙසෙල් කොළයේ එතූ පුංචි කෑම පාර්සලයේ පටන් , නොයෙකුත් අන්දමේ සිංහල කෑම වර්ග වලින් පුංචි ලස්සන කඩය පිරී තිබුණි.

කෑම පිළිගන්වන්නට ද , කෑම පිළිබඳව සියළු රස රහස් එළි කරන්නට ද සිටියේ මැනවින් හැද පැළඳ ගත් තරුණ මහත්තරුන් කීප පොලකි. ඔවුන් කෙතරම් පිළිවලට සිටියා ද යත් ඔවුන් දැක්වූ ආචාරශීලීභාවය සහ ඉවසිලිවන්තභාවය මා තුල කෑම දැකීමෙන් හට ගත් නොයිවසිලිමත්භාවය මැඩලීමෙහි සමත්විය. 

“ මොන ද කියන්න කන්නේ “ 

කීපසැරයක් ම ඇසූ ඒ පැණයට පිළිතුරක් සොයා ගත් නොහැකිව අසරණ වූ මට අවසානයේ දී සොයා ගත හැකි වූයේ ඉතාම ජනප්‍රිය මෙන්ම කටට දිවට හුරු වූ එකම කෑම වර්ගය වූ “ ෆ්‍රයිඩ් රයිස් “ පමණි.

“ බුරියානි කමු ද ? “ 

“ බුරියානි එපා “ දෙවරක් නොසිතාම පිලිතුරු දුන්නේ බුරියානි වලට නොකමැත්තෙන් නම් නොවේ.

“ඔයා යන්න ටේබල් එකක් අල්ල ගන්න “ 

මිනිසුන් විසින් අයිතිකර ගෙන සිටි කුඩා මේස සිසාරා නෙත් හෙලූවද “හිස් තැනක් “ නම් ඒ කොතනකවත් නොවීය. ඒ සියළු දෙනා අවට සිටියවුන් ගැන කිසිත් නොවිමසමින්ම තම තමන්ගේ ලෝක සහ තම තමන් සමඟ පැමිණියවුන්ගේ කුඩා ලෝකවලට වී කෑම කමින් , කතා කරමින් සහ විටෙක සිනා සෙමින් සතුටින් ද ඇතැමෙකු අත රැදි ජංගම දුරකතනට එඹෙමින් ද , කමින්ද , බොමින් ද මේස වටාම වාඩි වී සිටිති.

එක් කොණක වූ මේසයක් හිස්වත්ම එහි භාරකාරකත්වය පවරා ගත් මා රිසිසේ අවට සිරි නැරඹීමට  පටන් ගත්තෙමි.

ඔහු සිටිනා කෑම කඩය පමණක් නොව දිගින් දිගටම එක පෙළටම වූයේ වෛවාරණ ආහාර පාන වර්ග බව ත් ලෝකයේ දසදිග රටවල් වල ආහාර සියල්ලක්ම ඒ එක් එක් කුඩා වෙළඳ සැල් වල විකිණිමට ඇති බවත් දැක ගන්නට හැකි වූයේ සෙනඟ පිරි මිනිසුන් අතරිනි.

මා කවදත් උන්හිටි ගමන් ඔහු ඉදිරියේ ප්‍රාතිර්භුත වී ඔහුව පුදුමයට පත් කරන්නාක් මෙන්ම  , ඔහුද ඒ සෑම විටකම මෙවැනි ස්ථාන වෙත මා එක්කරන් විත් මා පුදුමයෙන් පුදුමයට පත් කරයි.


මීට පැය කිහිපයකට කලින් මා සිටියේ රාජකාරි මට්ටමේ හමුවක අවසන් පැය කිහිපයේ ය. රාජකාරි රැස්වීමේ මුලසුන හෙඹ වූ අය විසින් රැස්වීම කියු වේලාවටත් වඩා ඉතා වේලාසනින් නිම කිරීම නිසා මා සිතට ආවේ මුරණ්ඩු සිතුවිල්ලකි.

ඉන් පැයකට පසුව ඔහුගේ ඔෆීසි දොරකඩ හමුවේ මා ප්‍රාතිභූර්ත විය. නමුත් නියමිත දොරටුව සොයා ගත නොහී අසරණ වූයෙන් කලකින් ඩයල් නොකල අංකය සෙවීමට ඩයල් නම්බර් තීරුවේ පහළටම යාමට සිදු වූයේ ඔහුගේ අංකය කිසිදාක සේව් නොකරන්නෙමියි සිතා අවසන් වරටත් දුරකතන නාමාවලියේ ස්ථිර මතකයෙන් මකා දැමූ බැවිනි.

දෙවරක් ඩයල් උවත් පිළීතුරක් නොලද තැන්හි යළිත් ආපසු ආමඟට හැරී පියවර කිහිපයක් යත් ම ජංගම දුරකථනයේ දෙදැරීම දැනුනේ හදවතට ය.

“මම ඉන්නේ චෛත්‍ය යට “ 

“ ඔහොම ඉන්න . හෙලවෙන්නෙවත් නැතිව ඔතනම ඉන්න“

එතනම නැවතුන මා බෙල්ල කරකවමින් දෑසට පෙනෙන සියළුම පාරවල් වෙත එබිකම් කළේ ඒ අපූරු රුව කොහෙන් හෝ මතුවන බව පසක් වූ බැවිනි.

විනාඩි කිහිපයකින් වසර ගණනක් නොැදක සිටියත් , යොදුන් ගාණක් දුරක සිටියත් හදුනා ගත හැකි ඒ ගමන් විලාශයත් , ඒ රුවත් , ඔහුට හඳනා ගත හැකි වූ මා රුවත් දැන් දහවල් ආහාරය ගනිමින් සිටිමු.
කතා කල වචන ගණන විස්සකටත් වඩා අඩුවූවත් වෙන්වී යාම සැමදා මෙන් හිත නොසන්සුන් කරන්නටම විය.

දෙවරක් ආ ගිය දුවන පඩිපෙල පයට හුරු ඇතැයි සිතු මා ඔහුගේ අතගැනීමට  නොගිය බැවින් පය පැටලී වැටෙන්නට යද්දි අසමතුලිත සිරුර සමතුලිත කළේ ඔහු වුවත් , එය නොසලකාම ඉන් උඩ පඩියකට ගොඩ වූ මම ඉන් පැය කිහිපයකට පසුව නිවස කරා එන බසයේ වීදුරු කොණ අසුනකට බර වී හිත පතුලේ වූ ඊයම් බරු මැනබලනු වස් දෑස් පියා ගත්තෙමි..........

දුවන පඩි පෙළ දිගටම පොළවෙන් මතුවන්නට විය...........




14 comments:

  1. මීට පස්සේ ගෙදර ගෙනියන්න ඊයං බරු දෙන අයව හමු නොවී ඉන්න.. :)

    ReplyDelete
  2. කථාව හොදයි.ඒත් පාට පාට අකුරු ඇහැට ටිකක් අමාරුයි

    ReplyDelete
  3. තාමත් ඇස් පියාගෙනද ඉන්නෙ.

    ReplyDelete
  4. සමහර හීන පෙනුනම ඇහැරුනේ අපරාදෙ කියල හිතෙනවා

    ReplyDelete
  5. / ප්‍රාතිර්භුත වී ඔහුව පුදුමයට පත් කරන්නාක් මෙන්ම  , /

    / ඉන් පැයකට පසුව ඔහුගේ ඔෆීසි දොරකඩ හමුවේ මා ප්‍රාතිභූර්ත විය. /

    ඈ බං උඹ එක පාරක් "ප්‍රාතිර්භූත" වෙනව. පැයක් ඇතුලත ආයෙම "ප්‍රාතිභූර්ත" වෙනව. තව පැයක් හිටියනම් අනිවා උඹ "ප්‍රාර්ථභූර්ථ" වෙලයි පස්ස බලන්නෙ...මීට පස්සෙ මතක ඇතුව "පාදුර්භූත" වෙයං..අන්න ඒකයි පිළිගත් සම්ප්‍රදාය....:)

    ReplyDelete
  6. ඔයාගේ කෙටිකථා ගොඩක් ලස්සනයි. මම ඔයාට
    ආරාධනා කරනවා LeadToRead page එකට ඔයාගේ කෙටිකථා පළ කරන්න :)
    https://www.facebook.com/LeadToRead/app/208195102528120/?ref=page_internal

    මම නෙත්මි. මම message එකක් sent කළා ඔයාගේ facebook ට. other message එකේ check කරන්න :)

    https://www.facebook.com/nkaveesha1

    ReplyDelete
  7. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි සන්දා කියලා හිතලද වචන 20කට අඩුවෙන් කතා කලේ.

    ලෝකේ අනිත් උන් අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රේම් අස්සේ හිරවෙලා ඉන්නෙපා බන් .. තමන්ගේ ජීවිතේ තමන්ට සතුට ලැබෙන විදිහට ජීවත් වෙයන්

    ReplyDelete
  8. කොළඹ ගියොත් කරදරයක්.. මෙහෙම එව්වා ඉතං අපි කියවන්න එපායැ දැං.. හැක්

    ReplyDelete
  9. හපොයි මංනං ආසම නැති එකක් තමයි ඔය දුවන පඩිපෙළ. පුළුවංතරං එව්වා මග ඇරලා යන්න තමයි මංනං බලන්නේ. ඉස්කෝලෙ කාලෙදි අපි විද්‍යාවට ඉගෙනගත්ත දේවල් එක්ක බැලුවාම කෙනෙක් ඔය පඩිපෙළක ගිහිල්ලා නොවැටී ඉන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බෑ. සිත්තරා මට හිනාවෙවී ඕවා දිගේ යන කොට මං එයාට ඔරව ඔරව ඔන්න ඔහේ නිකං පඩිපෙළේම යනවා ඉතිං. :)

    ReplyDelete
  10. සෝ සි .. ඔබ හැමදාම වගේම සියුම් හදේ සියුම් රැහැනක් අල්ලලා එලියට අදිනවා .

    දුවන් පඩිපෙල් ගැන මතකයක් ඇවිස්සුනා . අපි මෙහෙ ආපු අලුත් අපේ පුංචි කෙල්ල පණ බයයි ඔය පඩිපෙළට නගින්න . වඩා ගෙන නගින්න දෙන්නෙත් නෑ . ඉතින් අර ගං තෙරට ඇවිත් දිය බොන්න කලින් පරිස්ස මෙන් බෙල්ල දික්කරලා බලන මුවත්තියක් වගේ ඈ ඉන්නවා දෙගිඩියාවෙන් . අපි මුලින් පය තියලා , අගේ අතින් අදින්න ඕනේ , පෙරැත්තෙට වගේ

    ReplyDelete
    Replies
    1. සුන්දර මතක. සමහර වෙලාවට වෙනත් කෙනෙක්ගෙ මතක එක්ක පැටලිලා අපේ මතකත් එළියට එනවා...

      Delete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...