..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 23, 2016

ඉන්විජලේටර් ගේ සිතුවිලි

ඉන්විජලේටර් ගේ සිතුවිලි

----------------------------------------






රතු වෙච්චි ඇසි පිය

කියයි නුඹ නිදි වැරු බව

පොඩි වෙච්චි රැළි ටික

මදින්නත් ඉඩ නැති වද

හෙමි හෙමින් මුමුණයි

විටෙකදි දුරක තනිවෙයි

ඇසිපියත් නොසොලයි

මතකයේ හැම මුල්ලක්ම පීරයි

විටකදි ඇඟිලි ගනිමින්

තව විටකදී ඔළුව කසමින්

නියපොතුත් හපමින්

මොනවා ද මතක් කරමින්

දඩි බිඩියෙ ලියමින්

හිටි ගමන් මගෙ දෙසද බලමින්

වෙලාවත් අසමින්

පාරවයි මගෙ සිත ද යහමින්

කොළ අංක කරමින්

වැරදී යළිත් ලියමින්

එකට ගැට ගසමින්

“ තව ටිකක් ඉන්න “ මට කියමින්

වසර දෙක තුල ඉගෙනුම

පැය තුනට කොටු කරමින

නුඹ ගන්න වෑයම

දිවිය ජය ගැනිමට

සුබ පැතුම් වේවා

සිතින් මම පතමි

මට වඩා ලොක්කෙක්

වේවායි සිතමි


ප/ලි -විභාගේ ලියනවට වඩා අමාරු දෙයක් තමා පැය

 තුනක් වාඩි වෙලා උත්තර ලියන අය දිහා බලා

 ඉන්නෙක.................

6 ප්‍රතිචාර:

Dude said...

සොඳු සිතැත්තිය කියවලා තියෙනවද මේ invigilator කතාව?
සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම මෙන්න.
හො‍ටු
SNOT!

ඉවාන් පවුලූශා said...

අම්මප ඇත්ත. ලියන්න ගිහිං ලියන්න දන්නෙ නැතුව වාඩිවෙලා ඉන්නෙක ඊටවඩා අමාරුයි

ඉවාන් පවුලූශා said...

අම්මප ඇත්ත. ලියන්න ගිහිං ලියන්න දන්නෙ නැතුව වාඩිවෙලා ඉන්නෙක ඊටවඩා අමාරුයි

නාඩියා නාඩිරත්න said...

කොච්චර නම් විබාග ලිව්වද!

තුශානි said...

හප්පේ ... වසර දෙකක ඉගෙනුම පැය තුනට කොටු කරන්න කොයි තරම් නම් කට්ටක් කනවද

Ravi said...

/ විභාගේ ලියනවට වඩා අමාරු දෙයක් තමා පැය  තුනක් වාඩි වෙලා උත්තර ලියන අය දිහා බලා  ඉන්නෙක. /

අඩේ මේ ඉන්විජිලේටර්ලට දවසට දෙදාහක්ද කොහෙද ගෙවන්නෙ ඉබ්බ තිබ්බ වගෙ පුටුව උඩ ඉඳගෙන ළමයි දිහා බලා ඉන්න නෙවෙයි, විභාග ශාලාව වටේ ඇවිදල එවුං වංචනික කටයුතු වල යෙදෙනවද කියල හොයල බලන්ට...:)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...